පුදුකුඩිඉරිප්පුවෙන් අත් බෝම්බ 14 ක් මතුවෙයි පුදුකුඩිඉරිප්පු නෙත්තලිආරු ඇළක තිබී අත්බෝම්බ 14ක් සහ බෝම්බ ෆියුස් 12ක් සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය කියයි. 28 March 2017
ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ධීවර සංගම් විරෝධය ශ්‍රී ලංකාව බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමෙන් රජය උතුරේ ධීවරයා නොසලකා හැර ඇති බවටත් එයින් ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදට පැමිණීම වැඩිවීමෙන් උතුරේ ධීවරයින් දැඩි ලෙස අසරණ වන බවත් ධීවර සංගම් නියෝජිතයෝ කියති. 28 March 2017
විශාඛාවේ අනුකි චමත්කාට දිවයිනෙන්ම මුල් තැන 2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ලංකාවෙන් පළමුවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. 28 March 2017
වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරකයා අාධුනිකයෙක්ද ඉකුත් බදාදා (22) සවස් වරුවේ ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ කලීඩ් මසූද් නැමැත්තා අයි.එස්.අයි.එස් සංවිධානයේ උපක්‍රම භාවිතා කළ ද ඔහු අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු නැතැයි බ්‍රිතාන්‍ය පොලිසියේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඬේලිමේල් පුවත් සේවය අද (27) වාර්තා කළේය. 28 March 2017
දඬුවම් කළ යුත්තේ යුද අපරාධකරුවන්ට මිස සමස්ත හමුදාවට නොවේ - විග්නේෂ්වරන් තමන් සමස්ථ හමුදාවටම දඩුවම් දිය යුතුයැයි කිසි විටක සදහන් නොකරන බවත් යුද්ධය මුවාවෙන් අපරාධ කළ පිරිස්වලට දඩුවම් කළ යුතු යැයි බලකර සිටින බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 28 March 2017
සාපෙළ ප්‍රතිඵල නිකුත්වේ 2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග ප්‍රතිඵල දැන් කිතුත් කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි. 28 March 2017
ගිවිසුම නිසා කැබිනට් සංශෝධනය ප්‍රශ්නයක් මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අත්සන් තබා ඇති ගිවිසුම නිසා පක්ෂ දෙකේ ප්‍රබලයන් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 27 March 2017
2015 බැඳුම්කර වෙන්දේසියේ වැදගත් තොරතුරු පිටට ගිහින් 2015 පෙබරවාරී 27 වැනිදා පැවැති බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ වැදගත් තොරතුරු පිටස්තර යම් පාර්ශවයක් කළින් දැනගෙන ඇති බව සිය දීර්ඝ සේවා පළපුරුද්ද අනුව තමා නිගමනය කළා යැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (27) හෙළි කළේය. 27 March 2017
මහනාහිමියෝ ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තම උපවාසය අත්හරින්නැයි බල කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සැකැසූ ලියවිල්ලකට අත්සන් කරන මෙන් කළ ඉල්ලීමක් දිවයිනේ ප්‍රධාන පෙළේ හිමිපාණන් වහන්සේ නමක විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 27 March 2017
රුසියාවේ විපක්ෂ නායක පොලිස් අත්අඩංගුවට රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාවේ අගනුවර සංවිධානය කර තිබූ දූෂණ විරෝධී විරෝධතාවලදී විපක්ෂ නායකයා එලෙස අත්අඩංගුවට පත්ව ඇත. 27 March 2017
විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයා පහර කා රෝහලේ බිල්පත් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට නිවසකට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයකුට පහරදීමෙන් තුවල ලැබීම නිසා ඔහුට රෝහල් ගතවීමට සිදුවූ බව ගාල්ල හපුගල ආනන්ද මාවතෙන් වාර්තාවේ. 27 March 2017
අධිකරණයට එන්න විමල්ගේ සෞඛ්‍ය සම්පන්න මදිලු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්වයක නොමැති බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතාට අද (27) ලිඛිතව දැනුම් දුන්නේය. 27 March 2017
ධීවර ඇමති අමරවීර වගකීම් රැසක් රාජ්‍ය ඇමතිට පවරයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇත. 27 March 2017
බුලත්කොහුපිටියේ විපතට පත්වූවෝ වසරක් පුරා තැනින් තැන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ කළුපහන වත්තේ දී ඉකුත් වසරේ සිදුවූ නායයාමෙන් විපතට පත් පවුල්වලට කිසිදු සහනයක් මේ වන තුරු ලැබී නැතැයි ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි. 27 March 2017
ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ පැත්ත ගැනීමට සැරසෙයි ආණ්ඩුවේ පුපුරා යාමක් සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින පැත්තේ සිට ගත යුතු බවටත් සිරිසේන මහතාට සහය පළ කළ යුතු බවටත් තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 27 March 2017
ශ්‍රී ලංකාවෙන් ගෙනගිය රත්තරන් කිලෝ 16 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ බවට සැක කෙරෙන රත්තරං කිලෝග්‍රෑම් 16.32 ක් ඉන්දියාවේ රාමනාතපුරම් හිදී ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශ විසින් ඉරිදා (26) රාත්‍රියේ දී අත්අඩංගුවට පත්ව තිබේ. 27 March 2017
අල්ලස් ඉල්ලු හිටපු පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු කූඨ ලේඛණ සකස්කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට නොගෙන සිටීමට නම් රුපියල් ලක්ෂ 80 ක් අල්ලස් වශයෙන් ඉල්ලු බව කියන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 27 March 2017
‘අපරාධකරුවන් බිහිකරන සමාජ විශමතාව හඳුනාගත යුතුයි‘ - ජනපති දරුවන් විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වුවත් විනය අතින් පිරීහීමක් තිබෙන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) රත්නපුරයේ දී පැවසීය. 27 March 2017
කෝටි 2 ක් වටිනා හෙරොයින් කිලෝ එකහමාරක් අල්ලයි කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බව කියන රුපියල් කෝටි දෙකක් පමණ වටින හෙරෝයින් කිලෝ එක හමාරක් සමඟ ධීවරයකු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී අද(27) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය කියයි.. 27 March 2017
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි 2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2017
දුම්රිය රියැදුරු වර්ජනය අත්හිටුවයි වැටුප් විෂමතාවය ඉවත් කිරිම ඇතුළු ඉල්ලීිම් පහක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සිටි දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 27 March 2017
අධ්‍යාපනයේ ක්‍රීඩා අධ්‍යක්ෂක ඉවත් කරන්න අධිකරණයෙන් නියෝග අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 27 March 2017
නැ’හිර යුද හමුදා අණ දෙන නිලධාරි උතුරට මාරු කරයි නැගෙනහිර පළාත් යුද හමුදා අණදෙන නිලධාරි මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (27) සිට උතුරු පළාත් අණ දෙන නිලධාරි වශයෙන් ස්ථාන මාරු කර ඇත. 27 March 2017
කොටි කාලේ බෝම්බ නෙත්තිරිආරු ඇළෙන් මතුවෙයි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් මුලතිව්,පුදුකුඩිරිප්පු නෙත්තිරිආරු ඇළෙහි සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පෙරේදා (26) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 27 March 2017
බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට හොරු පනිති බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට ඉරිදා (26) රාත්‍රියේ කිසියම් අයකු සොරෙන් ඇතුළුවී ඇතැයි පොලිසිය කියයි. 27 March 2017
මේ වසරේ නව නීති රැසක් ගේනවා - අගමැති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා නව නීති රැසක් මේ වසරේදී හඳුන්වා දෙන බවත් ,ඒවා රට ඉදිරියට ගෙන යන ඒවා වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 26 March 2017
බස්නැවතුමත් ‘ස්මාර්ට්‘ මොඩියුලයට එයි ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ නගර ශාලාව අසල (ටවුන් හෝල්) 138 බස් මාර්ගය ආවරණය වන නැවතුම්පොළට අනුබද්ධව මෙම බස්නැවතුම ඉදිකර ඇත. 26 March 2017
රාජකාරි නැති පොලිස් නිලධාරීන් 300 කට මාරුවීම් නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත. 26 March 2017
වයසට යාම නවත්වන ඖෂධයක් වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ. 26 March 2017
බැතිමතුන් තිදෙනාගේ මරණ පිළිබඳ තානාපති මට්ටමේ පරීක්ෂණ දඹදිව වන්දනාවේ නිරතව සිටියදී ලාංකික බැතිමතුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් තානාපති කාර්යාල මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 26 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026