බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම ගොඩනැගිලි තුන යා කරමින් ඉදිකෙරෙන මාර්ගයේ වැඩකටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියට හා සමෘද්ධි යෝජනා ක්‍රමයට අයත් ඉඩම්වලින් රජයේ ආයතන සඳහා කාර්යාලයීය පහසුකම් සලසාගන්නා බවද ඇමැතිවරයා කියා සිටියේය.
අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා මේ වනවිට ඉතා විශාල මුදලක් ගෙවමින් පෞද්ගලික ස්ථාන කුලියට ගෙන ඇති බවත් ඒ වෙනුවට මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකරන බවත් කී ඇමැතිවරයා මෙම ගොඩනැගිලි රජයේ ආයතන සඳහා සාධාරණ කුලියකට ලබාදිය හැකි බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩනැගිලි යා කරනවා නෙවෙයි. ගුවන් පාරවල් හදන්න කාලේ ඇවිත්. බලන්නකෝ කොළඹට එන ප්‍රධාන පාරවල් දෙක හයි ලෙවල් පාරයි ගාලු පාරයි. මොන තරම් තදබදයක් තියෙනවද කියලා. අපට කිසිම වැඩක් පෙන්නේ නැත්තේ ඇයි?
අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා රජයේ ගොඩනැගිලි ඉඳි කිරීම ඉතාම කාලෝචිත පියවරක්. නමුත් ඔබතුමා මේක කරන්නයනවට අනෙක් ඇමතිවරු කැමති වෙන එකක් නම් නැහැ. මොකද කිව්වොත් මේ අය අධික කුලියට අරගෙන තියෙන ගොඩනැගිලි සියල්ලම වගේ එ අයගේ හිත මිතුරන් ගේ හරි ඥාතීන්ගේ හරි ඒවා. සමහර ගොඩනැගිලි වල කුලියෙන් කොටසක් යන්නේ අදාල ඇමතිගේ සාක්කුවට. මේවා නැතිකරන්න ගියොත් ඔබ තුමාගේ ඇමතිකම නැති වේවිද දන්නේ නැහැ... ? ඔබතුමාට මතක ඇතිනේ විදුලිබල ඇමති වෙලා ඉන්නකොට, මණ්ඩලේ හිටිය හොරු අල්ලලා එලියට දමල එතන ලාභ ලබන ආයතනයක් බවට පත්කලා විතරයි ඔබතුමාගේ ඇමතිකම මහ රජානො උදුරාගත්ත. මේක තමයි ලංකාවේ දේශපාලන තිත්ත ඇත්ත.
අනේ පුළුවන් තරම් ඉක්මණට ඕක හදන්න... අපිට අඩුවකට තිබුනේ ඕක පමණි.