(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව ඊයේ (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත්විණ.
2017/2018 වසරේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා පත්විය.
නව නිලධාරි මණ්ඩලය
සභාපති - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා
ලේකම් - වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
සංස්කාරක සහ මාධ්‍ය ප්‍රකාශක - වෛද්‍ය සමන්ත ආනන්ද මහතා
උපලේකම්වරු -
වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය නවීන් ද සොයිසා, වෛද්‍ය චන්දන ධර්මරත්න, වෛද්‍ය කාංචන බුලංකුලම යන මහත්වරු
උපසභාපතිවරු -
විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර සහ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් යන මහත්වරු
භාණ්ඩාගාරික - වෛද්‍ය නාත් විජේසූරිය මහතා
සහකාර සංස්කාරක - වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදෙණිය මහත්තයා සභාවේ කරපු කතාව නම් හරි නැහැ. සයිටම් ප්‍රශ්නේ මොනවා වුනත් දොස්තරලා කියන්නේ අපි හිතන් හිටියා වගේ දියුණු මිනිසුන් පිරිසක් නෙමෙයි කියන එක නම් පැහැදිලියි.
පාදෙණිය පාවදෙනිය බව තවත් වරක් ඔප්පු කරා.
රටේත් මතු පරම්පරාවේත් විනාශයට වග කිව යුතු පුද්ගලයෙක් පාදෙණිය.
සියලු දෙනාටම සුබපතනවා . ඒ වගේම සාමාන්‍ය මහජනතාවගෙන් කෙනෙක් විදියට ඉල්ලන්නේ අපිට ඇමෙරිකාවේ(අගමැති) ජපානේ(හිටපු ජනපති) ඔස්ට්‍රලියාවේ(කෙහෙළිය) සින්ගපුරුවේ(රාජිත) ගිහින් ශරීර සෞක්‍ය බලන්න තරම් සල්ලි නැති හින්ද මොන ප්‍රශ්නේ තිබුනත් සෞඛ්‍ය ශේෂ්ත්රයේ නාබි ලක්ෂය වෙච්ච අහිංසක රෝගීන්ට අපහසුවෙන දේවල් කරන්නේ නැතුව දේශපාලකයාගේ ගානට නොවැටී ප්රශ්නය සියලුදෙනාටම එකග වෙන්න පුළුවන් විසදුමකට සාකච්චා මාර්ග මගින්ම යන්න. අපි කවුරුත් මැරෙන මිනිස්සු එක හින්ද අපේ දේශපාලකයෝ වගේ වැඩකරලා අපායට යන වැඩ කරගන්න එපා
කොහොමත් මේ කට්ටිය මනුස්ස ආත්මයක් ලබන අන්තිම අවස්තාව.
රජයේ වෛද්‍ය නිලධාරිනට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ඉඩ දුන්න දවසේ ඉඳල ඒගොල්ලන්ගේ 'දියුණු මිනිසුන්' ලක්ෂණ නැති උනා.
මේ සංගමයට කිසිම අගයක් නැහැ දැන්..අනෙක් සමිතිවලට වඩා වෙනසකට තියෙන්නෙ මේගොල්ලො ටයි දාගෙන. හිටපු රජා වගේ මෙයත් යාවජීව සභාපති..
රෝගීන්ට නම් දෙවියන්ගේම පිහිටයි. රටට වෙන දොස්තරලා නැද්ද?
පාදෙණිය මහත්තයෝ.... ඒත් ඔබතුමා මාධ්‍යයට පිළිතුරු දුන් ආකාරය නම් බුද්ධිමතෙකු පිළිතුරු දෙන ආකාරයක් නොවේ. මේකෙන් මුල අමතක වීම සහ කුහකකම නම් මනාවට පැහැදිලි වෙනවා. අහිංසක ජනතාව තලාපෙලා කරන උද්ඝෝෂණ නම් ඉතාම පහත් සහ වෘත්තියට නොගැලපෙන්නක්. මේ රජය විසින් ඔබතුමන්ලාගේ පුද්ගලික බෙහෙත්ශාලා සහ රෝහල් වලින් හම්බ කරන මුදල් සඳහා ලොකු බද්දක් ගන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්. මොකද ඔක්කොම බර හැමදාම වැටෙන්නේ එදාවේල හම්බකරන් කන අහිංසක ජනතාවගේ කර උඩටනේ.... ඔබතුමාලාට නම් ඉතින් වාහන පර්මිට් සහ අසීමිත පහසුකම් තියෙනවනේ. ඒවගේම ඉගනගත්තේ රටේ ජනතාවගේ සල්ලිවලින් කියන එකත් අමතක වෙලානේ ඉන්නේ.... එහෙම නේද?
පාදෙණිය වෛද්‍යතුමනි..., සටන් නවත්තන්න එපා. අපක්ෂපාතීව දුප්පත් දරුවන් වෙනුවෙන් තීරණ ගන්න. එස්.බී. මහත්තයා මහජනයා විසින් ප්‍රතික්ෂේප කරපු ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක්...මේක තුල කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ.
මෙහි ඇතැම් තනතුරුවලට පත් වී ඇති දොස්තර මහත්වරු මස් රාත්තලම ඉල්ලා සිටින ශෛලොක්ලා නොවේ. දොස්තර හරිත අලුත්ගේ මහතා නම් මධ්‍යස්ථ මතධාරියෙක් වන අතර සයිටම් පිළිබඳවද සාධාරණ මතයක් සිටි. එතුමා වැනි කෙනෙක් සභාපති තනතුරට පත් වුණොත් මේ ප්‍රශ්න බොහොමයක් විසඳෙනු ඇත.
පාදෙණිය මහත්මයාණෙනි, ඔබට සුබ පැතුම!!! ඔය තනතුරට සුදුසුම පුද්ගලයා කියා අප සිතන්නෙත් ඔබමයි. නිසිලෙස අධ්‍යාපනය නොලත් සමහර පුද්ගලයින්ගේ හිස් වචනත්, දේශපාලකයන් පසු පස යන එවැනිම පුද්ගලයන්ගේ ලාමක දේශපාලන අදහසුත් රටක දියුණුව අඩාල කරන සාධක වන නමුත් ඔබ වැනි බුද්ධිමතුන්ගේ අදහස් සහ ක්‍රියා කලාපයන් ඉතුරු වී පවතින අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය යම් තරමකට හෝ රැක ගැනීමට දායක වනු ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කමට හරියන්නේ අජිත් රෝහණ මහතා වගේ ඕකට හරියන්නෙත් වෛද්‍ය පාදෙණිය මහතාම තමයි...
මෙතුමා ඇමති මලික් කියලා දොස්තර මලික් කෙනෙකුට කතා කලා කියන්නෙ ඇත්තද?
මේ අය වෛද්‍ය වාත්තිය අන්තිමට බාල්දු කළා. හැම වෘත්තිකයාම එකයි. මේ අය කැමති නැහැ දොස්තරලා වැඩි වෙනවට.... මොකද එකාධිකාරිය කැඩෙනවා. අනිත් ප්රශ්නය අන්තරේ කියන්නේ ජ.වි.පෙ. කියලයි. මේ අය කිසිදෙයකට කැමති නැහැ.
අනේ මන්දා දොස්තර මහත්වරුන්ට මොකක් වෙලාද? නැතිනම් හැටිද?
ලබන ආත්මේ දුගතියේ උපදින උදවිය තමයි ඔය GMOA එකේ ඉන්නේ.....