( මනෝප‍්‍රිය ගුණසේකර සහ නාලක සංජීව දහනායක)
කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වෙමින් තිබු කාර්යාල දුම්රියට කොල්ලූපිටිය දුම්රියපොළ ආසන්නයේදී ගැටුණු පුද්ගලයකු ඒ ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
කොල්ලූපිටිය දුම්රිය ස්ථානයේ නැවතූ දුම්රිය යළි ගමන් ආරම්භ කර ටික වේලාවක් තුළ දුම්ර්ය මාර්ගය දිගේ දුම්රිය දෙසට ගමන් ගත් පුද්ගලයෙකු මෙලෙස දුම්රියේ ගැටී මිය ගිය බව වාර්තාවේ.
වයස අවුරුදු 45ක් පමණ වන මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි කරගැනීම සඳහා කොල්ලූපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි පාරේ සෙල්ෆි පින්තුරයක් ගන්නද ගිහිල්ලද මෙයත් අවසන් ගමන ගියේ ?