දඹුල්ල ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිකරිමෙන් දිනකට රුපියල් මිලියන 2.5 කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
රන්ගිරි දඹුලු ලෙන් විහාරයන්හි සංරක්ෂණ කටයුතු සිදුකරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට වහාම ඉවත් වන ලෙස විහාර පාර්ශ්වය දැනුම් දුන්න ද ඒ සඳහා හේතුවක් ප්‍රකාශ නොකළ බවද හෙතෙම කීවේය.
දඹුලු ලෙන් විහාර සංකීරණ සංරක්ෂණ කටයුතු රජය විසින් කඩිනම් කළ යුතුව ඇති බව ද ඒ සඳහා සියලු පාර්ශ්ව එකගතාවයකට පමිණිය යුතු බවද ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද(26) පැවති මාධ්‍ය හමුවකදීය.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර විශාල මුදලක් දිනකට හම්ඹ කරට සංචාරකයන්ට ඔබල දෙන පහසුකම් මොනවද ? අඩුම තරමේ පිරිසිදු වැසිකිලි පහසුකමක් වත් දෙනවද ? ඔය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හරිම දුර්වලය , ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය හැමදාම දුර්වල මොවුන් නිසාය , කලාපයේ අනිත් රටවල් සමග තරඟයක් දෙන්න අපිට අමරුය
හොරා කෑම හා ගසා කෑම අතින් අපි මොන තරම් ඉදිරියෙන් ඉන්නවද කිව්වොත් සිගිරිය බලන්න එන දේශීය සංචාරකයකුගෙන් රු.50 ක් අයකරනකොට විදේශිකයකුගෙන් රු.4500 ක් අයකරනවා.
බෞද්ධ සිද්දස්ථාන වලින් අදායම් ලබන එක නම් ආගමට නිගාවක් , මේක දුප්පත් බෞද්ධ ් පවුල් වලට උදව් කිරීමට යොදවනවානම් තව කමක් නැහැ
දඹුල්ල පන්සලට යන්න ලොකු පෝලිමක් ඇති මයේ හිතේ .ඇයි මේ තරම් බොරු කියන්නේ.මිලියන 25ක් ලැබෙන්න කී දෙනෙක් දවසකට පන්සල නැරඹීමට ආයුතුද ? මේ ආණ්ඩුව කරන්නෙම බොරු .පන්සල් වල පින් පෙට්ටි කඩන්නත් මේ ආණ්ඩුව කුජීත වෙලා
පන්සලේ අදායම ආණ්ඩුවෙන් ගන්න එකටනම් එකග නැ, හැබැයි මෙහෙම පන්සල් වල සල්ලි පොදි ගහන්න දෙන්න හොද නැ. මහනායක හාමුදුරුවෝ මූලික වෙලා මේවා කළමනාකරණයට වැඩපිළිවෙලක් හදන්න. දුෂ්කර පළාත්වල කොච්චර පන්සල් තියෙනවද.
දේශීය සහ විදේශිකයන් ගෙන් ගණන් දෙකක් අය කිරීම ඉතාම වැරදියි සහ අසාධාරනයි. මේක නොදියුණු කමේ ලකුණක්. ඉන්දියාවේ නම් මෙහෙම දේවල් තියෙනවා.
සරත් මහත්තයෝ,... මුදල් අය කරන්නේ විදේශීය සංචාරකයන්ගෙන් පමණයි.
යහපාලනේ පන්සලේ පිංකැටේ කඩයි.
භය වෙන්න එපා විකුණා ගෙන කන්න තරන් දෙයක් ඉතිරිවෙන්නේ නැහැ වගේ. ලෙනේ චිත්‍ර අවදානම් සහගතයිලු. විදිශිකයෝ එන්නේ විහාරය වඳින්න නෙමේනේ. ඔය හන්බ කරනවයි කියන සල්ලි වලින් චිත්‍ර සංරක්ෂණය ගැනත් හිතන්න වෙයි.
මමත් පුංචි සංදියේ දඹුලු ගල නැගල විහාරය වන්දනා කෙරුව මට මතකෛ එදා සතයක් වත් අය කලේ නැහැ ඔය ඇතුල් වෙන තැන තියෙන තෝරන් එදා තිබුනේ නැහැ දැන් බාර කාර හාමුදුරුවරු රන්ගිරි දඹුලු විහාරය වෙළද භාණ්ඩයක් කරගෙන හරිම දුකයි
උපුල් ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත... ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන වලට ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර වලින් සංචාරකයන්ගෙන් ගසා කන ආකාරය ගැන සවිස්තරාත්මක ලිපියක් දැනට මාස 2 කට පමණ පෙර යුරෝපයේ සඟරාවක පලවෙලා තිබුණා. මේවා දැක්කහම සංචාරකයෝ අපේ රටට ඒවිද? කරුණාකර සංචාරක ඇමති, විදේශ ඇමැති මෙම ප්‍රවේශ පත්‍ර වලින් වන අසාධාරණය ගැන සොයා බැලිය යුතුය, අගමැතිතුමනි ඔබතුමා කියන පරිදි විදේශ ආයෝජකයෝ ගෙන්වා ගන්න නම් අප විදේශිකයන් සාදරයෙන් පිළිගෙන, උදවු උපකාර කරන අවංක ජාතියක් කියල ලෝකයට පෙන්විය යුතුය.