සාමාන්‍ය පෙළ විශිෂ්ටතම ප්‍රතිඵල දේවි බාලිකාවෙන් සාමාන්‍ය පෙළ 2016 විභාගයේ ප්‍රතිළුල අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්වන පාසල් අතරින් ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයට හිමි වී තිබේ. දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයටත් තෙවැනි ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයටත් හිමි වී තිබේ. 30 March 2017
ආණමඩුවේ යුද්ධයක් අනූ නමයෙන් නවතී ආණමඩුව සමුපකාර ජන්ද විමසිම අද (30) පැවැත්වෙමින් තිබියදි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත හා රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහත්වරුන් අතර ඇතිවෙන්නට ගිය ගැටුමක් ඇමති ආරක්ෂකයින් මැදිහත් වීමෙන් නැවත්විණි. 30 March 2017
පළාත් සභා අහෝසි කරන්න අපි අත්දෙකම උස්සනවා - නිශාන්ත වර්ණසිංහ පළාත් සභාවල කථානායක ධුරයක් සඳහා යෝජනාවක් ගෙන එන්නේ සභාපතිවරුන් කථානායකවරු කර මහ ඇමතිවරු අගමැතිවරුන් සේ කටයුතු කරන්නට යැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි. 30 March 2017
ඖෂධවේදීන්ගේ විරෝධයෙන් මීගමුවේ රෝගීන් දුෂ්කරතාවක මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඖෂධවේදීන් පිරිසක් අද (30) සිය සේවා කටයුතු වලින් ඉවත්වීම නිසා බාහිර රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්වූ බව එම රෝහලේ උසස් නිළධාරියෙක් ලංකාදීයට පැවැසීය. 30 March 2017
පාසලේ වහලය කඩා වැටී සිසුන් 15 කට තුවාල වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක වහලයේ කොටසක් කඩා වැටීම නිසා එම අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ ඉගෙනුම ලබමින් සිසුන් 15 දෙනෙකු සහ ගුරුවරියක තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. 30 March 2017
ඌවේ බදු මුදල් කෝටි 17 ක් ගෙවීම පැහැර හැරලා ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරයා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ බදු දී ඇති රජයේ ඉඩම් අක්කර දහස් ගණනක වසර පහක් සදහා අය විය යුතු රුපියල් කෝටි 17කට අධික බදු මුදලක් පළාත් සභාවට අයවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 30 March 2017
හමුදා බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනාටම ඇප මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වද හිංසා දීමේ සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා බුද්ධි අංශ මේජර් ඇතුළු නිලධාරින් 6 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (30) නියෝග කළාය. 30 March 2017
ගාල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු නැතිව ව්‍යාපෘතිය පමාවෙයි පෝෂණය සඳහා වන බහුවාර්ෂික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යෝජිත සමීක්ෂණයේ සෞඛ්‍ය අංශ මගින් සම්පූර්ණ කළ යුතු කොටසට අදාළ තොරතුරු ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් සපයා නොතිබීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පමා වී ඇතැයි පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය. 30 March 2017
පියා මැරූ වරදට වසර 10 ක් හිරේ ස්වයංක්‍රීය ටී 56 රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා තම පියා මරා දමා සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් කළැයි අනුරාධපුර හිටපු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකුට වසර 10 බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය. 30 March 2017
මත්කුඩු ළඟ තබාගත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් හා ග්‍රෑම් 97 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු සැකකරුවන් දෙදෙනෙකු ජිවිතාන්තය දක්වා සිර බාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (30) නියෝග කළේය. 30 March 2017
අනුර සේනානායක යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි චෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (30) නියෝග කළේය. 30 March 2017
ආහාර ඇති තැන් පරීක්ෂා කරන්න උපදෙස් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් වෙළඳසල්, හෝටල් හා ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත. 30 March 2017
සරත් ෆොන්සේකාට තවත් තනතුරක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක තනතුරක් ලබාදීමට සූදානමක් ඇතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි. 30 March 2017
අකුණු සැර වැදී 5 ක් රෝහලේ බළන්ගොඩ බටුගම්මන නිවසකට බදාදා (30) සවස අකුණු සැරවැදීමෙන් කාන්තාවන් තිදෙනෙක් ළමුන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. 30 March 2017
කාත්තන්කුඩියේ ඩෙංගු වැඩිවී අධ්‍යාපන ආයතන 90 ක් සතියකට වසා දමයි මඩකලපුව කාත්තාන්කුඩි නගර සභාවේ ඩෙංගු රෝගය වැඩි වී ඇති නිසා පාසල් හා පෞද්ගලික අධ්‍යාපන අද (30) සිට සතියකට වසා තබන ලෙස සෞඛ්‍ය අංශය නියෝග පනවා ඇත. ඒ අනුව පෙර පාසැල් 40 ක්, ශුද්ධ වූ කුරානය පිළිබඳ ඉගැන්වෙන දහම් පාසල් (කුරාන් මදරසා) 35 ක් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන15 ක් අද (30) සිට අඟහරුවාදා (4) දක්වා වසා දමා ඇත. 30 March 2017
කෝප වූ කතට දරුවාත් අමතක වෙයි ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන ලබා ගැනීම සඳහා දඹුල්ල ඉන්ධන පිරවුම්හලකට පැමිණි මවක් ඉන්ධන ලබාගැනීමට ප්‍රමාද වීමෙන් උරණ වී සිය දරුවාද එහි දමා යතුරුපැදිය පණ ගන්වා පිටව ගොස් ඇත. 30 March 2017
විමල් වීරවංශ උපවාසය අත්හරී ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය උපවාසය අත්හළ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය. 30 March 2017
මන්ත්‍රී මහින්දානන්දට නොතීසි ශ්‍රී ලංකා කම්කරු කොංග්රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක් සාවද්‍ය හා සාපරාධි ලෙස පරිහරණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (30) කොලඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා අධි චෝදනා ගොනු කළේය. 30 March 2017
වැරදි හතක් කළ යතුරුපැදිකරුට සුපිරි දඩයක් අංක තහඩු හා කිසිදු නිත්‍යනුකුල ලියවිල්ලක් නොමැතිව වෙනත් අයකුගේ යතුරු පැදියක් ධාවනය කළ අයකුට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා රුපියල් 58,500 ක දඩයක් (29) නියම කළේය. 30 March 2017
සෞදි පොදුසමා කාලයට නැ’හිරෙන් හොට්ලයින් සේවයක් සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින අනුවක කාලයක පොදු සමාකාලය වෙනුවෙන් නැගෙනහිර පළාතේ වෙසෙන අනවසරයෙන් සෞදියේ රැදී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සදහා ක්ෂණික තොරැතුරු ලබාදීම සහ ලයාපදිංචි වීම සදහා ජංගම දුරකථන අංක 3 ක් පැය 24 පුරාම ක්‍රියාත්මකව ඇති බව නැගෙනහිර කලාපිය තානාපති කාර්යාලිය අනියුක්ත සුභසාධන කටයුතු මෙහෙයවන චාලි තලයරත්න මහතා පවසයි. 30 March 2017
හන්තානේ අතරමංවූ සරසවි සිසුන් 40ක් බේරා ගැනෙති හන්තාන ගවේෂණය සදහා අද(29) පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 290 දෙනකු අතිරින් 40 දෙනකු අධික මිදුමත් වර්ෂාවත් හේතුවෙන් අතරමන්ව සිටි බවත් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂණ සිසුන්ගේ අධාරයෙන් රාත්‍රී අට පමණ වන විට උඩ හන්තාන නිවාඩු නිකේතනය අසලට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි. 29 March 2017
දිස්ත්‍රික් දෙකක පාර්ලිමේන්තු ආසන ගණනේ වෙනසක් 2016 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වෙනස් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 29 March 2017
සන්ධ්‍යා එක්නැලිගොඩට ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානයක් ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් හිමි කර ගෙන ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි. 29 March 2017
නීතීඥ සංගමයේ හිටපු සභාපති ලිපි ශීර්ෂ පෞද්ගලික මට්ටමෙන් භාවිතා කරලා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස රාමනාදන් කන්නන් මහතා පත් කිරීම සඳහා වන නිර්දේශ යැවීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයා විසින් සංගමයේ ලිපි ශීර්ෂ පෞද්ගලික මට්ටමෙන් භාවිතා කර ඇති කර ඇති බවත් , එලෙස ලිපි ශීර්ෂ භාවිත කරමින් ලිපියක් යැවීම වැරදි දෙයක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා අද(29) කොළඹ අලූත්කඩේ එම සංගම් මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී කීය. 29 March 2017
ජනාධිපති අධිකරණ සේවා කොමිසමේ මතය විමසයි පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ මතය කුමක්ද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අධිකරණ සේවා කොමිසමෙන් විමසීමක් කොට ඇතැයි වාර්තා වේ. 29 March 2017
දිඹුලාගලට පතිත වූ උල්කාපාතය ගැන චිත්‍රපටයක් හදන්න ජපානයෙන් එයි ලෝක ප්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ පුළුල් පරික්ෂණයක් සිදුකර ඒ පිළිබදව චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිම සදහා ජපන් ටි වි ආයතනයේ විශේෂ කණ්ඩායමක් 29 වැනිදා කුඩාවැව වෙල්යායට පැමිණ එහි මුලික කටයුතු ආරම්භ කළේය. 29 March 2017
බැසිල්ට - රණවකට එරෙහි කෝටි තුනහමාරේ නඩුව මැයි 15දා සිට දිවිනැඟුම සෙවිලි තහඩු බෙදාදීමේදී රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව මැයි 15 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද(29) නියම කළේය. 29 March 2017
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 8 කට විශාදය ශ්‍රී ලාංකිකයන් අට ලක්ෂයකට අධික පිරිසක් විශාදය නම් වූ මානසික රෝග තත්ත්වයෙන් පෙළෙන බව ඇස්තමේන්තු ගත දත්ත පෙන්වා දෙන බව කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. 29 March 2017
අවතැන්වූ ජනයා අත්අඩංගුවට ගත්තැයි උද්ඝෝෂණ මහනුවර ඉදිකෙරන අභ්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් අවතැන්ව ඉඩම් ඉල්ලා සිටි ජනයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දිගන මාබේරිතැන්න ජනතාව අද (29) තෙල්දෙණිය පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ. 29 March 2017
විදුලි මෝටර් රථ ගණන වසර තුනකදී 4000 කින් ඉහළට විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව 2014 දී 90ක්ව තිබූ නමුත් මේ වනවිට එම ප්‍රමාණය 4000 දක්වා වැඩිවී ඇතැයි ද විදුලි මෝටර් රථ සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 50ක් රටපුරා පිහිටුවීමට ද ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 29 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026