(ඉන්දිකා රාමනායක)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ දෙමාපිය එකමුතුව සංවිධානය කරන උද්ඝෝෂණයක් අද(28) දහවල් කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කෙරිණි.
උද්ඝෝෂණය කිරීමෙන් පසු ඔවුහු පාගමනින් කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිත අතර එහිදී සත්‍යග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් හොර කඩය කොන් වී ඇත්තේ, මැති ඇමතිලා එහි එල්ලිලා ඇත්තේ, දෙමව්පියෝ මහා පාරට බැස ඇත්තේ පොලිසිය සටනට බැස ඇත්තේ ඕවා හින්දා තමයි.
ඒ ගොල්ලෝ පාරට බහින්නේ මොන ඉල්ලීම් සඳහාද? එහෙම නැත්නම් පොඩි අයට කඩා බිඳ දැමීමට බැරි වුණ පොදු දේපළවල ඉතුරු ටික ඉවර කරන්නද? අනේ මෙහෙම රටක් !!!
සයිටම් එක්කම තමා රටට ආදරේ පිරිස් කරළියට ආවේ.... වෙන උපාධි මුදලට විකිණෙන කොට සද්ද නැතුව හිටපු අය තමන්ගේ දරුවාගේ එකිනෙකාට එක පාරට දේශප්‍රේමියෝ වෙලා. මේ වගේ අය ඉස්සර ඉඳලාම හිටියා නම් ලංකාව අපි මේ වෙනකොට අඟහරුවල ජනාවාසත් හදලා ඇමෙරිකාව අපෙන් ණය ගන්නවා.
තමන්ගේ ළමයින් ශිෂ්ට සම්පන්නව හදාගන්න... මැරකම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවල නොයෙදී වැදගත් විදියට නිදහස් අධ්‍යාපනය හදාරන්න පොලඹවන්න.... මොවුන් බන්ධනාගාර ගත වීමට සිදුවූ කරුණ මුළු රටම දැක්කනේ...
දේශනවලට එන්නේ නැති පළමුවන වසරේ සිසුන් ඉවත්කරලා අලුත් සිසුන් බඳවාගන්න.
මේ දෙමාපියෝ මොකටද විරෝධතා දක්වන්නේ? මේ ගොල්ලෝ හරි නම් අලාභෙට වන්දි ගෙවන්න ඕනේ... ගෙදර ගිහින් ළමයින්ට හොඳ නරක කියා දීලා දැනුවත් කරන්න. ශිෂ්‍යයන් මෙතරම් දාමරික වෙන්නේ දෙමාපියන්ගේ වැරදි නිසා. අන්තරේ කියන්නේ ව්ශ්ව විද්‍යාලයේ ත්‍රස්ත කල්ලියක්. මේ අය එන්නේ අරගල කරන්න සහ රටම අස්ථාවර කරන්න. දොස්තර සංගමයට ඕනේ අලුතෙන් දොස්තරලා බිහිවෙන එක නවත්තන්න. මොකද දොස්තරලගේ බිස්නස් එක දිගටම කරගෙන යන්න. පාලකයනි, මේකට කිසිම ඉඩක් දෙන්න එපා. නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.
වෛද්‍ය ශිෂ්‍යයෙක් බිහි කරන්න පුලුවන් දෙමාපියන් මේ තත්වෙට වැටිලා අනිත් ආයතන වහන්න කියයිද? අනුමානයක් නෑ මෙයාලා මරදාන පැත්තෙන් සල්ලි දීල ගෙනාපු කට්ටියක් වගේ....
අද දින රාත්‍රී නිවුස් වලට ඇමතිවරයෙක් ඇවිත් කියාවි මේ උද්ඝෝෂණය කලේ වෙද සිසුන්ගේ දෙමාපියන් නොවේ කියලා...
තමන්ගේ දරුවා විතරද ඉගනගන්න ඕනේ..... ඔක්කොටම ඉස්සෙල්ලා තමන්ගේ දරුවන්ට උගන්නන්න අහිංසක මහජනතාවගේ සල්ලිවලින් ඉගෙනගෙන අහිංසක මහජනතාවටම බොරු කරන්න එපා කියලා. ඒ මදිවට කරකියාගන්නම බැරි වෙලාවට පුද්ගලික රෝහල්වලට යන අහිංසක මහජනතාවගෙන් සූරාගෙන කන්න එපා කියන්න.
ඔය සයිටම් එකට සපෝර්ට් එකට ප්‍රතිචාර දාන්නේ, දේශපාලන අතකොළුවෝ වෙන්න ඇති... නැතිනම් මොලේ තියෙන ඕන කෙනෙකුට වැටහෙන්න ඕන අනාගත වෛද්‍යවරු වෙන්න ඉන්න දරුවෝ කරන්නේ යුගයේ අවශ්‍යතාවය අනාගත පරපුරට නිදහස් අධ්‍යාපනයේ පොඩ්ඩක් හරි ඉතුරු කරලා දෙන්න ඕනේ නේද?
තමන්ගේ ළමයින්ව හදාගන්න. නොමිලේ ජනතාවගේ බදුමුදලින් ඉගෙනගන්න ගමන්, රජයේ දේපල වලට හානිකරලා තවත් ජනතාවට ණය වෙනවා. ඔය උද්ඝෝෂණ නිසා ආර්ථිකයට සහ මහජන ජීවිතයට කොපමණ පාඩු වෙනවද? මේ අය කැමති නෑ වැඩිපුර වෛද්‍යවරු බිහිවෙනවාට.... එ් ගොල්ලට පමණයි ඔක්කොම. සම සෞඛ්‍ය අධ්‍යාපනය අවුරුදු 4 ක් කරන්න දෙන්නේ නැ. පේරාදෙණියේ සහ නුවර රෝහල් සම සෞඛ්‍ය සිසුන්ට තහනම්.
අපරාදෙ මේ ආණ්ඩුව ආවේ, අප්පච්චි හිටියා නම් මෙලහකට සයිටම් දොස්තරවරු බාච් දෙකක්වත් පිටවෙලා. එතකොට කවුරුවත් " හ්ම් " කියන්නේ නෑ...
අපි විතරයි, අපි තමයි කෙරුමෝ.... ඒත් වැඩිදුර යන්න ලැබෙන්නේ නැහැ. අනුන්ගේ සල්ලි වලින් විතරක් නෙමේ, තමන්ගේ සල්ලි වලිනුත් ඉගෙන ගන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියනවා කියලා මේ අය දන ගත්තොත් හොඳයි. අනුන්ට කපන වලේ තමන් වැටෙන බව වැඩි කල් නොගොස්ම මේ අයට තේරෙයි.
තමන්ගේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ගමන්... අනෙක් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට අකුල් හෙලන්න පුළුවන් ආත්මාර්ථකාමී දෙමව්පියන්ට විතරයි. මෙවැනි දෙමව්පියන් හින්දයි සිසුන් මේ තරම් අයහපත් වෙලා තියෙන්නේ....
මේ ඔක්කොම එක වල්ලේ පොල් කියලා තේරෙනවා කරන ක්‍රියාවෙන්ම.... අනේ මන්දා ...
සමන් කියල තියෙන්නෙ මසුරං කියමනක් ! "හ්ම්" කිව්වනම් රතුපස්වලටත් එහා ගිය විසඳුමක්. අද නිදහස නිසා අන්තරේ මදිවට අම්මල, තාත්තලත් පාරෙ...