(ප්‍රසාද් මුතුකුඩ)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(28) මීගමුව රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ජනපති සමග සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, රාජ්‍ය ඇමැතිවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අරුන්දික ප්‍රනාන්දු යන අයද එම චාරිකාවට එක්වූහ.
එහිදී රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති පතිරණ මහත්මිය සමග සහ මීගමුව රෝහලේ ඩෙංගු විශේෂ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඒ.ලක්රුවන් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කළ ජනපති රෝහලේ තත්ත්වය පිළිබඳ ඔවුන්ගෙන් කරුණු විමසා සිටියේය.
ඒ අනුව රෝගීන්ට අවශ්‍ය උපරිම පහසුකම් සලසන ලෙසත්, රෝහලේ හෙදියන් හා කාර්ය මණ්ඩලය වැඩි කිරීමටත් කඩිනමින් පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දුන් අතර යුද හමුදාව මගින් තාවකාලිකව ඉදිකරන නව රෝහල් ගොඩනැගිල්ලේ ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමටත් උපදෙස් ලබාදුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්තර කියවන්න අමතක වුණා... මීගමු රෝහල ගැන මොකක් හරි ප්‍රවෘත්තියක් ගියාද?
ප්‍රනාන්දුපුල්ලේ ඇමතිණිය පහුගියදා එනවිට එක ඇඳේ හිටපු දෙතුන් දෙනා ජනාධිපතිතුමා එනවිට ටිකට් කපා ගෙන ගිහිල්ලා සේ පෙනේ....
හප්පෝ මම බය වුණ තරමක් ! මම හිතුවා එතුමා අසනීපවෙලා රෝහල් ගත කළා කියලා. අනිත් අතට මම කල්පනා කළා.... අපේ රටේ ප්රභූන්ට වෙදහෙදකම්, සාත්තු කිරීමට තරම් හොඳ උසස් තත්වයේ රෝහල් "සකල සිරින් පිරි සිරි ලංකාවේ" නැහැ නේද කියලත්. එතුමා පැමිණි දිනයේත් GMOA එක වැඩ වරා, පෞද්ගලිකව ජොබ් එක කරලා මඩිය පුරවා ගත්තදෙ?
කවුද මේ මීගමුවේ රෝහලේ ලෙඩ්ඩු බිමත් ඉන්නවා කිවේ? බලන්න සමහරක් විට ඇඳන් ඉතුරු වෙලා තියෙනවත් ඇති...
රටේ ලොකුම ගැටළුවක් බලන්නට ගිහිං .... වගේ...
කරුණාකරලා ඩෙංගු රෝගීන්ගෙන් වැට් බදු අයකර ගැනීම තාවකාලිකව නවත්වන්න. රජයේ රෝහල් ඩෙංගු රෝගීන් ගෙන් පිරිලා බොහෝ වෙලාවට පරීක්ෂණ පුද්ගලික ආයතන වලින් කරගන්න ඕනේ. පුද්ගලික රෝහල් ද ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා කාමරයක් හොයාගන්න පෝලිමේ ඉන්න ඕනේ....
අපේ ජනාධිපතිතුමාට ඉතින් කරන්න ඒ හැටි වැඩක් නැති නිසා ලෙඩ්ඩු බලන්න යන්න ඇති.... නේද?