හර්ෂණ තුෂාර සිල්වා
ගෝලීයව ඇති වී තිබෙන නව ප්රවණතාවලට ශ්‍රී ලංකාකියන් බිය විය යුතු නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (28) පැවැසීය.
ඉන්දියානු සාගර කලාපයේ මතුවෙමින් තිබෙන ගැටලු සහ විදේශ ප්‍රතිපත්තිය යන මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ග අධ්‍යයන ආයතනයේ පැවැති සමුළුවේ ආරම්භක දේශනය කරමින් විදේශ ඇමැතිවරයා ඒ බව පැවැසීය.
ආරම්භක දේශනය සිදු කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රධාන කොටස් තුනක් පිළිබඳව අවධානය යොමු කළේය.
වෙනස් වෙන ලෝකය, වෙනස් වන ලෝකයේ නව ප්රවණතාවලට ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්ති කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද යන්න සහ ලෝකයේ නව ප්රවණතාවලට සාපේක්ෂව මෙරට විදේශ ප්‍රතිපත්තිය කෙසේ වෙනස් විය යුතු ද යන කොටස් තුන යටතේ අමාත්‍යවරයා අදහස් දැක්වීය.
දින දෙකක් මුළුල්ලේ පැවැත්වෙන මෙම සමුළුවේ පළමු සැසිවාරයේදී ඉන්දියානු සාගර කලාපයේ මතුවෙමින් තිබෙන ගැටලු යන්න ප්‍රධාන මාතෘකාව විය. එහිදි කලාපයේ මතුවෙමින් තිබෙන ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ඉන්දියානු සාගර කලාපයේ සාම්ප්‍රදායික ආරක්ෂාව සහ ලෝක බලවතුන් කලාපය සම්බන්ධයෙන් දක්වන ලැදිකම්, සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන යන මාතෘකා යටතේ ද අදහස් දැක්විණි.
දෙවැනි සැසිවාරයේදී සාගර කලාපය ආශ්‍රිතව ඇතිවන වාණිජ ආරවුල් නිරාකරණය, සාගර සම්බන්ධ නීති, වාණිජ සහ නීතිමය සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් පළ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටනම් ගෝලීය ප්රවණතා වලට නම් බය නැහැ, එත් ඔබතුමාගේ කියුම් කෙරුම් වලට තමයි අපට බය හිතෙන්නේ !!
රවී කරුණානායක කියන දෙකයක් කිසිවිටකත් පිළිගත නොහැකි. රටක මුදලක් බාර අමාත්‍ය වරයා වශයෙන් රටට කල හානිය අපමනයි. රටේ වැදගත්ම අමාත්‍යංශ දෙකක් මෙවැනි කෙනෙකුට පැවරීම රටකට කරන බලවත් හානියක්. ජනතාව ඉතාමත් මෝඩයන් ලෙස සලකන මෙවැනි රටට අහිතකර පාලකයන් සිටිනතාක් මේ රට ගොඩ ගැනීම සිහනයක් පමණි.
ඔබතුමාගේ කතාව හරියටම හරි. අපිට ගෝලීය ප්රවණතා වලට බය වෙන්න වෙලාවක් නැහැ. මොකද අපි නිතරම බයෙන් ඉන්නේ ඔබතුමන්ලා ඊළඟට අපේ ඔලුවට අතාරින හෙණගෙඩිය මොකක්ද කියල. ණය මත්තෙම ජිවත් වෙන රටක් ගෝලීය ප්රවණතා වලට බය වෙන්න ඕන නැහැ. අනේ මංදා.
මේ වගේ කෙනෙක් මේ සභාවේ ආරම්භක දේශනය කිරීමම ලක්ෂ්මන් කදිරගාමර් මහතාට කරපු අවනම්බුවක්. එතුමා මේ රටට විශාල වැඩකොටසක් කරපු උත්තමයෙක්. කිසිදාක හොරකමක් කරලා නැහැ.
තමුන්ගේ ඇමතිකමේ වැඩේ හරියට කලානම් නේද හරි? ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට බාර දුන්නා නම් තවත් හොදයි නේද?
ගෝලීය ප්රවණතාවලට බිය නොවූවත් කියන එක්කෙනාගේ මුණ දිහා බැලුවහම බය හිතෙනවා.
මෙතුමා හැමදේම වාසනාවට වෙනවා කියල හිතන් ඉන්නවද දන්නේ නැහැ.. නේද?
මතකද ඔබතුමා ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට පටවන්න යෝජනා කළා? කෝ එ්ක හරි ගියාද? එ්කෙන්ම පෙනෙනවානේ දැනුමෙ තරම...