(ඩයනා උදයංගනී)
බලයක් නැති දේශපාලන පක්ෂයක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් යොදාගෙන තරුණ අසහනයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව නීතිය,සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ශිෂ්‍යයන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා පොළඹවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවට හඳුනාගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඔවුන් අවුළුවන ගින්නට පිදුරු දමන්නට තවත් දේශපාලන පක්ෂ කිහිපයක් ද එක්වී සිටින බව ද කියයි.
රත්නායක මහතා මේ බව පැවසුවේ ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරටුගාමී එක විතරද? ජ.වි.පෙ. එක නැත්ද? මේ රටේ විනාශය එදා කලෙත් අද කරන්නෙත් ඒ අය තමයි. සිසුන් මුලා වෙලා. මේ සේරම නැවතත් රට ලේ විලක් වෙලා තමයි නවතින්නේ. මේ රටේ සිසුන්ට ඉගනීමට තියන එකම බාධකය මේ විප්ලවවාදීන් කට්ටිය තමයි.
ජ.වි.පෙ. එක නැතුව පෙරටුගාමී එක විතරද තියෙන්නේ? සිසුන්ට ඇත්තේ දේශපාලන පක්ෂ පිහිටුවන්නද? අධ්‍යාපනය ලබන්නද?
කවද්ද හරිදේ හරි කිව්වේ? නීතිය කාටත් එකනම් කෝ අර හොරකම් කරපු අයව අල්ලන්න එපා කියලා පොලිස්පතිට කතා කලේත් ඔය කටින්ම නේද?
විකාර කතා නොකර ප්රශ්නය මූණට මූණ කතා කර විසඳන්න. රජයට විසඳන්න බැරි මතවාදියෝ ගොඩාක්... ඉන්නවා. විපක්ෂයට බනින එක තමයි විසඳුම වෙලා තියෙන්නේ...
නිදහස අයුතු ලෙස පාවිච්චි කරන මෙවැනි පක්ෂ රටේ තහනම් කල යුතුයි.
එතකොට ඔබතුමා ඕක දැනගත්තේ දැන්ද?
පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියමින් මුළු කොළඹම අවුල් කරන ලොක්කෝ ජිවත් වෙන්නේ ධනවාදය මුල් කරගත් ආර්ථිකයකයි. පුද්ගලික විශ්වවිද්‍යාල එහෙත් තිබෙනවද දන්නේ නැහැ? මෙහෙ අසරණ සිසුන් දේශපාලන පීඩනය යටතේ උද්ඝෝෂණ වලට ගොස් ගුටිකන විට නායකයාගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ හොඳ අධ්‍යාපනයක් ලබනවා.
මතකද ජේ. වී. පි. එක කාලෙට පෙර පන්ති වලට බලහත්කාරෙන් බඳවාගත්තා. මේ උද්ඝෝෂණ ව්‍යාපාරයත් ඒ හා සමාන එකක්....
එතකොට සිසුන්ට අමාත්‍යාංශයට එන්න ඉඩහැර පොලීසිය ලවා ගේට්ටු වසා පොලු වලින් පහර දීමට සැලසුම් කිරීම පිටුපස ඇත්තේ කුමක්ද?
"බළලුන් ලවා කොස් ඇට බාවා ගත්තේ " අද ඊයේ ඉඳල නොවෙයි !!! හිටපු රජය පටන් ගත් "ව්‍යාපාර" වලට විරෝධය පාමින්, කටේ කිරි සුවඳවත් නොගිය පොඩ්ඩන් පාරට දමා හිටපු මැති ඇමතිවරු හිනාවෙනවා !!!