ළමා ශ්‍රමිකයන් නිදහස ආසන්නයේ ශ්‍රී ලංකාව මේ වන විට ළමා ශ්‍රමය තුරන් කළ රටක් බවට පත් වෙමින් සිටිතැයි කම්කරු හා වෘත්තිය සබ`දතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 02 April 2017
ආර්ථිකයේ ගින්න විනාඩි 20කින් නිවා දමති නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සතොස තොග ගබඩාවේ අද දහවල් ඇතිවූ ගින්න විනාඩි 20කින් නිවා දැමූ බව කොළඹ ගිනි නිවීමේ අංශයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ආර්.ජී. විජේසූරිය මහතා පවසයි. 02 April 2017
කොළොම්බියාවේ 206 පණපිටින් වැළෙලෙති කොළොම්බියාවේ පුටුමායෝ දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 206ක් පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රතු කුරුස සංවිධානය පවසන්නේ 220 දෙනකු පමණ අතුරුදන්ව 202ක් පමණ තුවාල ලබා ඇති බවයි. 02 April 2017
ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී බංග්ලාදේශය ලකුණු 70 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගත්තේය. 01 April 2017
අම්බලන්ගොඩ එජාප රැස්වීම දැඩි උණුසුම් වෙයි බලපිටිය, අම්බලන්ගොඩ, කරන්දෙණිය හා රත්ගම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙනට් පණියන්දූව මහතාගේ කාර්යාලයේ දී අද (1) පැවැති සාකච්ඡාවක් දැඩි උණුසුම් වචන හුවමාරුවකින් අවසන්වී තිබේ. 01 April 2017
මුලතිව් ඉඩම් අක්කර 279 ක් ජනතාවට මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පැවැති ඉඩම් ගැටළුවට විසඳුමක් ලෙස කේපාපිලව් සහ සීනියාමුඩෙයි ප්‍රදේශවලින් ඉඩම් අක්කර 279 ක් ඉඩම් අහිමි ජනතාවට ලබා දීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එකඟ වී ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා සඳහන් කරයි. 31 March 2017
රටක් ලෙස නැඟිටින්න ආකල්ප වෙනසක් ඕනෑ‘ - ජනපති කළ යුත්තේ එල්ල වන විවේචන සහ චෝදනාවලට පිළිතුරු බඳිමින් ඒවා පසුපස යාම නොව රටේත් ජාතියේත් අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 31 March 2017
රවිරාජ් ඝාතන අභියාචනය සලකා බැලීම කල්යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහිව එම මන්ත්‍රීවරයා ගේ බිරිය විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සම සලකා බැලීම මැයි 19 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. 31 March 2017
නීතිපති එකඟතාවය මැයි 26 තෙක් දිගු කරයි පින්නවල අලි අනාථාගාරයෙහි සිටි පස් හැවිරිදි ‘නන්දි ‘ නැමති අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීම හෝ ඒ සම්බන්ධ කිසිදු පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා අධිකරණය හමුවේ පළකළ එකඟතාවය ලබන මැයි 26 වැනිදා තෙක් ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය 31 March 2017
‘කංගැට්ටා‘ ට ඇප ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී පෞරාණික භාණ්ඩ සොරකම් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව වසර පහක් රිමාන්ඩ් භාරයේ පසු වු ලන්සගේ ප්‍රියන්ත නොහොත් ‘කංගැට්ටා‘ කොළඹ මහාධිකරණයෙන් ලද ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 31 March 2017
පියා වෙනුවට අත්අඩංගුවට ගත් පුතාට බලපෑම් පියා වෙනුවට බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් පුතකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යටපත් කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව එම දරුවාගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 March 2017
මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ජූනි 30 දා දක්වා අත්හිටුවයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම මගින් පවරා තිබූ නඩුවට අදාළව ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන ජූනි මස 30 වැනි දා තෙක් තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 31 March 2017
විදෙස් විනිසුරුවරුන් නොගෙනෙන්න සම්මුතියක් තියෙනවා - මහින්ද සමරසිංහ විදේශීය විනිසුරුවරුන් නොගෙන්වීමට සම්මුතිවාදී ආණ්ඩුව සම්මතයක් ඇති කරගෙන ඇතැයි බව වෘත්තිය පුහුණු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි. 31 March 2017
ප්‍රහාරයට යොදාගත් වෑන් රිය සඟවාගත් අය අත්අඩංගුවට රැඳවියන් පිරිසක් ප්‍රවාහන කරමින් සිටි කළුතර බන්ධනාගාර බස් රථයට එතනමඩල දී පහර දීමේ සිද්ධියට යොදාගත් වෑන් රථයට ව්‍යාජ අංක සවිකර සඟවා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව සහ බණ්ඩාරගම ප්‍රදේශ වලිනි. 31 March 2017
නාමල් අදත් පැයක් පමණ ජනාධිපති කොමිසමේ ජාතික තරුණ සේවා සභාව හරහා නිල් බලකායේ තරුණ තරුණියන් රැසක් පුහුණු කිරීම සහ ඒ සදහා වැයකළ බව කියන රුපියල් ලක්ෂ 170 ක මුදල සොයා ගත් ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් බරපතල දුෂණ වංචා විමර්ශන පිළිබද විමර්ශන ජනාධිපති කොමිසම අදත් (31) පැයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත් බව එම කොමිසම කියයි. 31 March 2017
මගපෙන්වීමේ කමිටු වාර්තාව ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගපෙන්වීමේ කමිටුව විසින් සකස් කළ වාර්තා අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාවය මත තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. 31 March 2017
අන්තරේ දෙදෙනාගේ නඩුවේ විමර්ශන උදෘත නීතිපතිට ගම්පහ ඉඹුල්ගොඩදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් විමර්ශනයේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයි රහස් පොලිසිය අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට දැනුම් දුන්නේය. 31 March 2017
මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වෙයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වී තිබේ. 31 March 2017
පාසලට ළමයින් ඇතුළත් කරන්න මුදල් ගත් කත අත්අඩංගුවට මීගමුව නගරයේ ජනප්‍රිය පාසැලක එක වසර සිට හය වසර ශ්‍රේණි සදහා පාසැල් ලමුන් 05 දෙනෙකු ඇතුළත් කරදීමට දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 10 කට අධික මුදල් වංචනික ලෙස ගත් බව කියන කාන්තාවක (39) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි. 31 March 2017
ආගමික සංහිඳියාව පිළිබඳ සාකච්ඡාවට මාධ්‍ය එපාලු දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ බ්‍රහස්පතින්දා(30) පැවති ආගමික සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව මාධ්‍යවේදීන්ට තහනම් කෙරිණි. 31 March 2017
රිවිර කර්තෘට පහරදීමේ සිද්ධියට හමුදා මේජර් රිමාන්ඩ් රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත මහතා ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද(31) නියෝග කළේය. 31 March 2017
වැහිළිහිණි කූඩු කැඩූ අයෙක් අත්අඩංගුවට හැටන් සිංගිමලේ දුම්රිය උමග තුළ ඇති වැහිළිහිණි කුඩු කඩා අලෙවි කිරිමට ගිය බව කියන පුද්ගලයකු වැහිළිහිණි කුඩු සමග අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. 31 March 2017
මාලදිවයිනේ සිට පැමිණි ගුවන් යානයේ මිලියන 14 ක හෙරොයින් පාර්සලයක් මාලදිවයින සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානයක වැසිකිලියේ සගවා තිබු අයිතිකරුවෙකු නොමැති හෙරොයින් සහිත පාර්සල් හතරක් අද (31) අලුයම සොයාගත් බව ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසයි. 31 March 2017
ආණමඩුව සමූපකාර ඡන්දයෙන් පොදුජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක් ආණමඩුව විවිධ සේවා සමුපකාරයට කාරක සභිකයින් 198 දෙනෙකු තෝරා පත් කර ගැනිමේ ජන්ද විමසිමේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සභිකයින් 180 දෙනෙකු පත්කරගනිමින් විශීෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය. 31 March 2017
එකම පුද්ගලයකුට මරණ දණ්ඩන තුනක් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීයේ වරදකරු වූ පුද්ගලයකුට මරණ දණ්ඩන තුනක් යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා අද(30) නියම කළේය. 30 March 2017
මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා අද (30) ප්‍රතික්ෂේප කළේය. 30 March 2017
ගෝඨාභය අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරු යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ 30 March 2017
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ තවමත් පුටුවේ ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් කර්නල් මංජුල කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ධූරයේ තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ යැයි ලංකා ගුරු සංගමය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට හා අධ්‍යාපන ඇමැතිවරයාට අද (30) පැමිණිලි කර ඇත. 30 March 2017
මහ බැංකුවේ තීරණය බලරහිත කරන්න‘යි ඉල්ලූ පෙත්සම විමසීම මාස දෙකකින් කල්යයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2ක් ගොනු කර ඇති රිට් පෙත්සම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම ලබන ජූනි 01 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (30) තීන්දු කළේය. 30 March 2017
පළාත් පාලන මැතිවරණය ගැන බලාපොරොත්තු පළාත් සභා පනත අනුව ස්ථිර ලෙසම මේ වසරේ උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට නියමිත බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණ ද මේ වසරේදී පැවැත්වීමට අපේක්ෂාවක් රජයට තිබෙන බව සිල්වා මහතා කියයි. 30 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026