(තිළිණි ද සිල්වා)
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රක් භාවිත කිරීම වළකාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(30) නියෝගයක් නිකුත් කළේය.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය නිකුත් කළ අතර ඔහු දිවයිනට පැමිණියහොත් රඳවාගෙන ඒ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙසද ආගමන විගමන පාලකවරයාට අධිකරණය නියෝග කරන ලදී.
2009 වසරේදී යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සඳහා මැදිහත්වී අයුතු ආකාරයෙන් මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව නඩු පවරා තිබේ. ඒ අනුව පසුගිය වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම විහිළුවක්නේ - 2016 ඔක්තෝබර් වල සිට ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකුට අද වෙනකම් ශ්‍රිලංකාවේ වලංගු රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබුනද ? ඒක අවලන්ගුකලේ අදද ?
ඉතින් කමක් නෑ. උදයංග දැන් වෙන රටක පුරවැසියෙක්. බොහොම හොඳ තානාපතිවරයෙක්. රුසියාව, යුක්රේනය සහ තවත් බොහෝ රටවල් ඔහුට ආදරෙයි. යහපාලන පලිගැනීම ඉවර වෙන්නේ නෑ වගේ.
හොරුන්ට දුෂිතයන්ට මහතා කියා ඇමතීමෙන් මහත්මා ගුණයට කරන අවමානයක්
දැන් මේ ගමන් බලපත්‍ර තහනම බලපාන රටවල් මොනවද? මේහේ තහනම් කරලා වැඩක් නැහැ අනිකුත් රටවලට දැනුම් දෙන්නත් ඕන.
මහින්ද මහත්තයා නම් තාම මස්සිනා ගැන දන්නෙම නැහැ නේද? පව් කියලත් හිතෙනවා.
හැරගිය අයව වරු තුනෙන් ගෙනත් දෙනවා කියලා පත්තර පිටු පිරෙන්න දාන කෙනෙක්ට කියලා වත් බැරිද මෙයාව අපහු ගෙන්වා ගන්න? ඒ එනකොට පාස්පෝට් එක ගන්න පුළුවන් වෙයි.
රන්ජිත් මහින්ද මහත්තයාට මොකුත් කියන්නේ එපා.එයා පවු.එයා අහිංසකයි.කවදාවත් හොරකම් කරලා නැහැ. එක නිසානේ ආපහු එන්න හදන්නේ. ලෝකෙන්ම ජනාධිපති කෙනෙක් නැවත පා.ම. කෙනෙක් ලෙස ඉන්නේ ඒ මහත්තයාගේ අහිංසක කම නිසා නේද?
මේ හොරදෙටුවනම් කොහොමහරි අල්ලගන්නම ඕන.
මේ වංචා, හොරකම් කරලා තිබෙන්නේ තනියම නොවේ. ඉස්සර ආණ්ඩුවේ හිටපු බලවත් දේශපාලකයන් සමග හවුලේ... එම දේශපාලකයෝ යහපාලන ආණ්ඩුවේත් වැදගත් තනතුරු දරනවා. එමනිසා මොහුව අල්ලා ලංකාවට ගෙනත් නඩු පවරන එක සිද්ධ වෙන්නේ නැහැ....