(රංජන් කස්තුරි)
‘‘මම තවදුරටත් රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ. මම මට කළ හැකි උපරිමය කළා. මගේ වයස දැන් අවුරුදු 85ක්‘‘ යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ රාජකාරී නිමකිරීම පිළිබඳ ලංකාදීපය කළ විමසීමකදී මහාචාර්යවරයා මේ බව කීවේය.
‘සමහරු හිතනවා සයිටම් ප්රශ්නයේදී තවදුරටත් මගේ සේවය අවශ්‍යයයි කියලා. තවත් කොටසක් හිතනවා මේ මිනිහා ඉන්නකම් මේක විසඳාගන්න බැහැ කියලා. ඒ වගේ අදහස් දෙකක් තිබෙනවා. මම අවුරුදු පහක් නිසි වගකීමක් කළා. ඊට පස්සේ බලධාරීන් මට තව මාස හයක් දුන්නා. මම ඒකත් කළා. තව මොනවත් ඕනෑද මම දන්නේ නැහැ‘ යැයි ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ගේ දෑත ශක්තිමත් කිරීමට ගොස් මෙතුමා තමාගේ ප්‍රතිරූපය නැතිකරකගත්තා. අප රටේ මිත්‍යාව නැතිකිරීමට සහ වෛද්‍ය විද්‍යාවට මහඟු සේවයක් කල පෙර සිටි මහැදුරු කාලෝ තවමත් මගේ වීරයා තමයි...
ඕනේ එකම දේ මේ රට ලෝකයත් එක්ක ඉදිරියට ගෙනියන්න දීල පැත්තකට වෙන ඉන්න එක. මේ රට තත්වෙට ගෙන්න පහුගිය අවුරුදු 85 මේ කරපු හරිය ඇති. මෙතුමා රාගම වෛද්‍ය පීඨයේ පීඨාධිපති වුනේ එකම හරිහමන් පර්යේෂණ පත්‍රිකාවක්වත් පලනොකල පහල පෙලේ දේශපාලන පත්වීමක් හැටියට.
ඔය ධුරයට සුදුසුම කෙනා ඔබ පමණමයි මහාචාර්යතුමනි....,
ඔව ඉතින් කිව්වට වැඩක් නැහැ... මහත්තයෝ
ඔය මහා ලොකු ප්‍රඥාවන්තයයි කියා ගන්න බොහෝ අය මේ රටේ ප්‍රශ්න ඇති කළා මිස, ප්‍රශ්න විසඳුවේ නම් නැහැ. අනේ, අපිට නම් ඔය ලොක්කන්ගෙන් වැඩක් නැහැ. දියුණු රටවල් වල නම් ජීවත් වෙනකම් තනතුරු වල රැදී ඉන්න පෙරුම් පුරන්නේ නැහැ. මී හරක් ටික මහ පාරට බස්වන්න නම් ඉතින් ඔය තනතුරු වල මොකා මොකද?මෝඩයින්ගේ පරාදීසයේ ලුලා නැති වලට, කණයා පණ්ඩිතය කිව්වලු.
මහදුරුතුමනි, " කාලෝ අයන්තේ ......"
උපරිමයෙන් කියන්නේ? ඇත්තටම ඔබතුමා කළේ මොකක්ද?
පහුගිය රජය විසින් සියළුම වැදගත් ආයතන මෙන්ම මිනිසුන්වද විනාශ කළා.. ඊට හොඳම උදාහරණය කාලෝ මහතාගේ විනාශයයි... මිථ්‍යාවට එරෙහිව කිසියම් සේවයක් කළ මිනිසෙකු වුනත් අවසානයේ දූෂණ නැති කිරීමට හදන එෆ්.සී.අයි.ඩි. යට පවා විරුද්ධව උසාවි ගියා..ආණ්ඩුවට කඩේ යෑම නිසා ගරුත්වය නැති කර ගත්තා.. සයිටම් ප්‍රශ්නයද එලෙසමයි.. කලින් තමන් විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න ගිය මනුස්සයා දැන් එහි ප්‍රමිතිය ඉහළ දානවා වෙනුවට ඒක වහන්න හදනවා...
ඔය වෛද්‍ය අධ්‍යාපනය කියන දේ සුද්දන්ට හැර මේ රටේ හින්ගලයින්ට කරන්න බැහැ කියලා ඔබ තුමා ඔප්පු කළා. අඩුතරමේ පශු වෛද්‍ය අධ්‍යාපනය වත් මේ මෝඩයින්ට කරන්න හැකි දැයි සොයා බලන්න. එම අවශ්‍යතාවය දැඩිව තිබෙන රටක් මේක. නමුත්, ඒ සඳහාත් ඉන්දියාව වැනි රටකින් පශු වෛද්‍යවරු ගෙන්වා ගැනීම වඩාත් උචිත බව මගේ අදහසයි.
ඔය පොට ටෝක් හොඳයි කොන්ඩේ බඳින චීන්නුන්ට? මමත් එංගලන්තයේ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙක්. ඒත් ඒ ලංකාවේ ඉන්න බල්ලන්ට බෙහෙත් දෙන්න නෙමේ, ලෝකයේ ඉන්න මනුෂ්‍යයින්ට බෙහෙත් දෙන්න. ඔබ තුමා බල්ලෝ හුරතල් කරන්න සැබෑ හපනෙක්??
ඇත්තටම කාර්ලෝ ෆොන්සේකා වෛද්‍ය ශේස්ත්‍රය වෙනුවන් මොනවද කරලා තියෙන්නේ? අහන්නේ දැන ගැනීම සදහා පමණි.
මහාචාර්ය කාර්ලෝ ෆොන්සේකා මෙතිදුන් තම රාජකාර්ය නොබියව ඉටුකරා. ඔබතුමාට මගේ විප්ලවීය ආචාරය. නෙල්සන් දෙරනියගල. ඇමරිකා එක්සත් ජනපදය.
ඔබ කරපු උපරිම සේවය නම් අයින් වෙච්ච එක. ඒක රටට ලොකු යහපතක්. ඒකට මගේ උපහාරය.
ඔබේ උගත්කම සහ ප්රබුද්ධත්වය ගැන කිසි අභියෝගයක් නැහැ. නමුත් දුෂ්ට බලවේග ඔබතුමාව හයි ජැක් කලා. කලකට පෙර ඔබම දුන් තීරණයක් පසුව ඔබම වෙනස් කිරීමෙන් ඔබතුමා නොදනීම කුහකවූ දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවකු වුනා. එයින් ඔබ තුමා මෙතෙක් කල් රැක ගත් අවංක ප්‍රතිරූපය කෙළසා ගත්තා. ඒගැන රටේ උගත් ජනතාව දුක් වෙනවා.
උපරිමයෙන් කලා රාජපක්ෂ මැතිතුමාට. තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ බොරු වෛද්‍ය වාර්තා නිකුත්කල දොස්තරට මාස 6ක සුළු තහනමක්.
කාර්ලෝ මහත්මය එදා දවස පිස්සු නටපු හැටි අපට අමතක නැහැ , අපි සමහරු වගේ මැරිලා ඉපදුනේ නැහැ.
අපි හිතනවා මේ මිනිහා ඉන්නකම් මේක විසඳාගන්න බැහැ කියලා.
සයිටම් ප්රශ්නය කියන්නේ ඔබතුමාගේ මුළු ධූරකාලය තුලම තිබුන නමුත් තවමත් නිශ්චිත අවසානයකට නොපැමිණි ප්‍රශ්නයක්. මේ ප්රශ්නය විසදන්න ඔබේ මැදහත්වීම අත්‍යවශ්‍යයි. කපටි පාලකයෝ නොහිටින්න මේ ප්රශ්නය මේ වෙද්දීත් විසදිලා ඉවරයි. ඒ දැනුම සහ දැක්ම ඔබ සතුයි. ඔබගේ මේ නික්ම යාම දින කීපයකට පමණක් සීමාවෙනවනම් ඒ මේ රටේ ඇති බහුතර ජනතා පැතුමයි.
අන්තිමට ඉතින් අපේ රටේ කවුරුත් නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.
ඔබ ශ්‍රේෂ්ඨයි මහැදුරුතුමනි.
තමන්ගේ වෘත්තියේ ගෞරවය නැති වුණේ කුමක් නිසාදැයි දැන්වත් වැටහෙනවා නම් ඇති. වයස අවුරුදු 85 වෙලා කිව්වට තවත් සේවා දිගුවක් ඉල්ලලා බලාපොරොත්තුවකින් වගේ ඉන්නේ....
ප්‍රශ්න අනුභව කළා... පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එදා කැමති, අද අකමැති වුණා නේද?
කාලෝ මහත්තයෝ තව මොනවත් ඕනෑද මම දන්නේ නැති වුණාට...
ඔව්, ඇත්තටම ඔබතුමා හැකිපමණින් පුද්ගලික විශ්ව විද්‍යාල ප්රශ්නය හැදුවා. එයට මහජනතාවගේ ප්‍රණාමය ඔබතුමාට හිමිවෙනවා.
දැන්නම් වයර් ෂෝර්ට් වගේ. හිතන දේ නෙමේ කියවෙන්නේ. ගෙදරට වෙලා ඉන්න ඕනේ කාලේ මොනවා කරනවද තවත්. දැන් වත් ලෙඩේ සුව වේවි. !!!
'උපරිමය කලා' නම් කරුණකරල අඛණ්ඩවම ගෙදරට වෙලා ඉන්න.
එක කාලෙකදී ගිනි පාගලත්, මේ පාර සයිටම් නිසාත් වැඩේ වැරදුණා. ඒ හැර කරපු දෙයක් නම් නැහැ.
ඒ හින්දා තමයි අද ජනතාව ඉස්පිරිතාලවල, මහපාරේ නිකරුනේ රස්තියාදු වෙන්නෙත්, දොස්තරවරු කාර්වලින් චැනෙල් කඩවලට ගොස් මල්ල පුරවා ගන්නෙත්,... දැන් හොඳටම ඇති විශ්‍රාම ගන්න...
එක ඇත්ත එකනේ ලෙඩ්ඩු බේත් නැතිව දුක් විදින්නේ විශ්වවිද්‍යාලවල ළමයි පොලිසියෙන් අතපය කැඩෙනකල් ගුටිකන්නේ කොළ හරියේ රග තමා
කලා........කලා........කලා..........තැන්කියු.....