(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සැකකරුවකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වූ පොලිස් නිලධාරීන් 5 දෙනකුට අද(30) පානදුර මහාධිකරණය මරණ දඬුවම් නියම කළේය.
1990-6-1 වැනිදා පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කොල්ලකෑමේ චෝදනාව මත බණ්ඩාරගම අටළුගම පදිංචි මොහොමඩ් මුනාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශන සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරියකුගේ ගින අවියක් පත්තුවීමෙන් සැකකරු මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරුවන් චෝදනා දෙකක් යටතේ වැරදිකරුවන් කෙරිණි.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්‍රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණීය දණ්ඩනය නියම කළාය.
ඒ අනුව වැරදිකරුවන් වූ මැලව්ව තන්තිරිගේ සමන් පත්මකුමාර(49) - මොරටුමුල්ල උප පොලිස් පරීක්ෂක, නාගහවත්ත මුදියන්සේලාගේ ප්‍රේමරත්න(53) - ලුනුගල පොලිසිය, බෝල කනහැන්නලාගේ ප්‍රේමකීර්ති උදයකුමාර(52) - මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාසය, කොඩිතුවක්කුගේ සරත් කොඩිතුවක්කු(49) - දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සහ හික්කඩුව කාරියවසම් නාමල් ප්‍රියංග ලියනගේ(49) - නිවිතිගල පොලිසිය යන අයට එරෙහිව මරණීය දණ්ඩනය නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 27කට පස්සේ ... මේ වෙද්දි මැරුණු කෙනා වළදාපු තැන ලොකු රූස්ස ගසුත් පැළවෙලා ඇති.
එක අයෙකුගේ ගිණි අවිය පත්තු උනා. මංකොල්ලකාර සැකකරු මිය ගියා. 5 දෙනෙක් ට මරණ දඬුවම. පොලිස් ටීම් එකේ තව දහ දොලොස් දෙනෙක් හිටිය නම් ඒ අයටත් පෝරකේට යන්න තිබුන. කොහොමද 100 ක 200ක බැටෑලියන් එකක්ම හිටියනම් !
නඩු වවාගෙන කන නීතීඥ කාක්කන්ට අපේ නීති පද්ධතිය තෝතැන්නක් වෙලා.
තීන්දු දෙන්න පමා කිරීම නිසා නීතිඥයන් පෝසත් වෙනවා , පැමිණිලි කරුවන්ට ලොකු අසාදාරනයක් . තීන්දුවක් ලබාගන්න විශාල කාලයක් , මුදලක් වෙන් කරන්න ඕන .
මුස්ලිම් හා දෙමල ජාතීන් වෙනුවෙන් මේ රජය කැපවී වැඩ කරන බව පෙනේ ...,
පරක්කු වෙලා හරි වරදිකාරයන්ට දඩුවම් ලැබුණු එක නම් හොදයි.
අන්න වැඩ. ඕවනේ මහත්තයෝ වෙන්න ඕනේ...
නීතිය වවාගෙන කන නඩු ඉහගෙන කන නීතීඥ කාක්කන්ට අපේ නීති පද්ධතිය තෝ තැන්නක් වෙලා.