(නිමන්ති රණසිංහ)
අකුණු සන්නායකයක් හා රුපියල් 55000ක රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ඕඅයීසි ඇතුළු පොලිස් නිලධාරින් පස් දෙනා හා සිවිල් පුද්ගලයන් සිව් දෙනා ජුලි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (30) නියෝග කළේය.
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගමගේ ධම්මික සංජීව රාජපක්ෂ, සිංහ කුට්ටිලාගේ රංජන් ආරියරත්න,ජෝර්ජ් මංජුල, ගන්කන්දලාගේ දොන් ශානක නාකන්දන නොහොත් රවි සහ සිංහකුටිටිලාගේ රංග අසේල පි්රයලාල් නැමැත්තන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ සාධාරණය වෙනවා වගේ දැනෙන කොට පුදුම සතුටක් අැත්තටම තියෙන්නේ... මෙී රටෙී සිටින බහුතරයකටත් වැඩි පිරිසක් නිදහසේ සාධාරණ සමාජයකට කැමති,... නීතියේ ගෞරවය අාරක්ෂා කරගන්න උදවිය... සමහර පොලිීසියේ, අාරක්ෂක අංශයේ අයගේ හැසිරීම් ඒ රටට එතරම් සුබ දායක නැත. නීතිය මෙහෙයවන වැරදි කරන විට අසරණ වූ සාධාරණ සමාජයේ මිනිසුන් පුදුම කලකිරීමකින් ඉන්නේ. මෙවැනි දේ සිදුවෙනවා නම්.... රටත් දියුණු වේවි..!!! මිනිස්සුත් දියුණු වෙීවි!!! ස්තුතියි ලංකාදීපයට...
වැටත්, නියරත් වනසා ගොයම් කා දමා ඇත්නම් ඒ අමාරුව කාට පවසම්ද?
රාළහාමිලා අකුරටම නීතිය ක්රියාත්මක කරලා තියෙන්නේ. අකුණු සන්නායකත් නැති එකේ හොඳවයින් වැහි නැති හෙණ වදිවිද දන්නෑ...