(රංජන් කස්තුරි)
ජාන තාක්ෂණය භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් 7 දෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ගෙන් සැදුම්ලත් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කළ හැකි ක්‍රමවේදයක් ඇමරිකාව විසින් සොයාගෙන තිබෙන බව ද ඇමැතිවරයා කීය.
මේ අතර වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ගෙන් වසරකට රුපියල් කෝටි 13200ක් පමණ විදෙස් රටවලට ගයායන බව කී ඇමැතිවරයා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසුන් අතරින් මෙරට රාජ්‍ය වෛද්‍ය පීඨවලට ඇතුළත්විය හැක්කේ 17%කට පමණක් බවත් කීවේය. සුදුසුකම් සහිත 83%ක් වන සිසුන්ට විකල්ප තිබිය යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
සුවසේවා පත්වීම් ලිපි ප්‍රදානයකට කොළඹදී එක්වෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පචයක්
වැඩේ හොදඊ ඔබතුමාගේ පුතාට බෙහෙත් කරන්න
මෙයා කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැහැ. යහපාලනයේ කවට ඇමති .
උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත් වන 100% ම දොස්තරලා කලොත් විද්‍යා ජීව විද්‍යා අංශ වලට කව්රුත් නැති වේවිද ? ඔය කියන 83% කට්ටිය විතරක් ද SITAM එකට ගන්නේ ? සත්‍ය ලෙසම ආණ්ඩුව හා දොස්තර වරුන්ට රට, ජනතාව ට සේවයක් කරනවානම් SITAM ජනසතු කිරීමටත් චැනෙල් ගාස්තු අඩු කිරීමටත් එකඟ විය හැකිය .
බොහොම හොද දෙයක්. එත් ඔය අලුත් අලුත් එකක පිහිටුවන්න කලින් දැනට පවතින එකක වලට අවශ්‍ය පහසුකම් දියුණු කරලා හිටියොත් නරකද? ගොඩක් රෝහල්වල, ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණයට සරිලන ඇදන්වත් නෑ. අවශ්‍ය බෙහෙත් සහ පරීක්ෂණ පිටතින් කරගන්න ඕන. පසුගිය දවස්වල මිගමුව රෝහලේ සමහර ලෙඩ්ඩු හිටියේ බිම. එත් ජනාධිපති රෝහලේ සංචාරය කරනකොට බිම ලෙඩ්ඩු නෑ. ඇයි මේවා හංගන්නේ. යථාර්තය ජනාධිපතිත් දැක්කොත් මේවට විසදුම් ලැබෙයි. නැත්නම් ඉතින් සෞඛ්‍ය ඇමතිට මේවට විසදුම් හොයන්න ඕනෑකමක් නැනේ. මොකද එයාට වෙන වෙන දේවල් තියනවනේ කරන්න.
කට වාචාල කම රෙද්ද පල්ලෙන් බිමට හැලෙනවා.. කෝ අර පිලිකා රෝහලට මහජනතාව එක්කහු කරලා ස්කෑනර් යන්ත්‍රය අරන් දුන්නවෙලාවේ ඒක හෑල්ලුකරන්න දුන්නු *** ටෝක්ස්? අපිත් රජයෙන් එකක් අරන් දෙනවා ..මේක එච්චර දෙයක් නෙමේ කිව්වේ?
ඒක නම් හැබැයි සහතික ඇත්ත...
අනේ ඔය දොස්තර මහතුරු හත් දෙනාට පින් .... අනික් කට්ටියගේ ජාන ටිකත් වෙනස් කලොත් මේ රටට හොද කලක් ලැබෙයි කියලා හිතනවා...
මම කිව්වේ රාජිත මහත්තයාගෙයි, ඔහුගේ පුතාගෙයි ජාන වෙනස් කරන්න කියලා මිසක් අනික් වෛද්‍යවරුන්ගේ ජාන වෙනස් කරන්න කියල නෙමෙයි. ස්තුතියි...
මෙහේ හරියට කලොත් (චැනල් නොකර ) මේක තමයි ලෝකෙ දියුණුම තාක්ෂණය රෝගවලට ප්‍රතිකාර සඳහා. අලුත්ම පර්යේෂනවලින් ඔප්පුවෙලා තියෙනව මේ ක්‍රමයට පිලිකා සහ හ HIV පවා සුවකල හැකි බව.
ඔය කියන ජාන තාක්ෂනය යොදවලා මෙතුමාගේ ජාන වෙනස් කරන්න පුළුවන් උනොත් ඒක මුළු රටටම යහපතක් වෙයි.
ඔය කියන ජාන තාක්ෂණ ක්‍රමයෙන් මෙතුමාට මුලින්ම ප්‍රතිකාර කරලා ඔය වක්කඩ කැඩුවා වගේ ඔහේ වාචාල කතා කියන එක නවත්තගන්න පුලුවන්නම් ලොකු දෙයක්.