(ඉන්දිකා රාමනායක සහ සුමිත්ත ජයවික්‍රම )
සයිටම් ජනසතු කරන ලෙසට ඉල්ලමින් සහ සරසවි සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එල්ල වු ප්‍රහාරයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්යග්රහ කිරීමට ඉදිකළ අට්ටාලය ඉවත් කරගන්නා ලෙසට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (29) නියෝග කළාය.
මෙම අට්ටාලය හේතුවෙන් පදික වේදිකාව අවහිර වී මගීන්ට හිරිහැරයක් මෙන්ම අනතුරුදායක තත්ත්වයක් ඇති හෙයින් එය ඉවත් කරගන්නා ලෙස නියෝග කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති හේමන්ත ද සිල්වා මහතා ඇතුළු 12 දෙනකුට මෙම නියෝගය නිකුත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණය දුන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තුමියට අපේ ආචාරය. ඕකට ඉතින් අමුතුවෙන් අට්ටාල ගහන්න ඕනද ? ළඟ පහතක තියෙන ගස් වලට නැගල වඳුරෝ, රිලවු වගේ උද්ඝෝෂණ කරානම් පදික වේදිකා පාවිච්චි කරන අයට අපහසුවක් ඇති වෙන්නේ නැහැ නේද ? උන්ගේ උද්ඝෝෂණ වලට පදිකයන් පලිද ? ඔය සයිටම් එක වැදූ අප්පච්චිලා එකෙක්වත් තවම පාරවල අපි දැකල නැහැ. තුන්මුල්ලේ වගේ හන්දිවල ගිරිය කඩාගෙන බුරන එකෙක්වත් තාම ඇහුනෙත් නැහැ !!! හේතුව මොකොද ?
හරි වැඩක් නේ මෙතන ආබාදිත රණවිරුවන් අට්ටාල සාදාගෙන ඉන්නකොට මේ වගේ නියෝග ආවේ නෑ නේ
මේ රට විනාශ කරන අන්තරේ සහ දෙමව්පියෝත්, ජී.එම්.ඕ.ඒ. පිරිසත් අත්අඩංගුවට ගන්න ඕනේ හරිනම්... මෙහෙම වැඩ කරනවාට...
අනේ කරන්න දෙන්න... අප්පච්චි ඇවිත් තැඹිලි පොවලා නවත්තයි.... එතුමානේ මේක පටන් ගත්තේ....
සයිටම් එකේ ඉගෙනගන්නෙත් අපේ ලංකාවේ දරුවෝ. ඔක්කොම අවශ්‍ය සුදුසුකම් සහිතව සමහරුන්ට රජයේ වෛද්‍ය සිසුන්ට වඩා ඉහල සාමර්ථ අය. ඉතින් අැයි මේ කුහකකම. සයිටම් එකේ ප්‍රමිතිය සකස් කළහොත් ඔවුන්ට ඇති ප්රශ්නය කුමක්ද? එතකොට වර්ෂයකට ළමයන් 1000ක් පමණ පිටරට යනවා වෛද්‍ය අධ්‍යාපනය සඳහා. රුපියල් බිලියන 2ක් පමණ 1 වර්ෂයකට. එවිට මුදලට අධ්‍යාපනය නොවේද?