හිරිහැර වලට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගිය රජය සමයේ විවිධ හිරිහැරවලට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කමිටුවක් මගින් සකස් කළ වාර්තාව අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 29 March 2017
රජය ජෝන් ද සිල්වා රඟහල විකිණීමට සැරසෙයි ආණ්ඩුව ජෝන් ද සිල්වා සමරු රඟහල විකිණීමේ උත්සහායක නිරත වී සිටින බව සමාජවාදී කලා සංගමයේ කලාකරුවෝ පවසති. 29 March 2017
නුවර පාරේ බැම්මක් ගිලා බැසීමේ අවදානමක කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බැම්මක් ගිලා බැසීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු කියති. 29 March 2017
බෝම්බ ප්‍රහාරයට ආධාර දුන්නාට වසර 20 ක් හිරේ වර්ෂ 2008 පෙබරවාරි 3 වැනි දා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී ඩීඑස් සේනානායක විදුහලේ බේස්බෝල් කණ්ඩායමේ 12 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අනුබල දුන් බව කියන කනකසබේ දේවනාසන් නොහොත් නාදන්ට අවුරුදු විස්සක බරපතල සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 March 2017
විමල් රාජපක්ෂට ආදරේ තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නෑ - අනුර කුමාර විමල් රාජපක්ෂට ආදරේ කරන තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නැති බව විමල් දැන්වත් තේරුම් ගත යුතුයි. එහෙම ආදරේ කළා නම් තමන් වෙනුවෙන් තමන්ටම උපවාස කරන්න සිදුවන තත්වයකට විමල්ට මුහුණ දෙන්න සිදුවන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහත අද (29) පැවසීය. 29 March 2017
විමල් වීරවංශ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(29) දහවල් 12.20ට පමණ කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. 29 March 2017
බ්‍රිතාන්‍ය තරුණියගෙන් වඳුරාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් තම ජංගම දුරකථනය වඳුරෙකු විසින් පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක (26) එම වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ. 29 March 2017
නාත්තන්ඩියේ අනවසර ඖෂධ අලෙවිසලක් අල්ලයි නිසි අවසරයකින් තොරව නාත්තන්ඩිය කොට්ටරමුල්ල නගරයේ පවත්වා ගෙන ගිය බව කියන ඖෂධ අලෙවිසලක් වටලා එහි තිබූ භාවිතයට නුසුදුසු ඖෂධ වර්ග රැසක් අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍යය නාශක කාර්යංශය හා පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍යය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. 29 March 2017
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රක්ෂිත තනි වනාන්තරයක් කළ ගැසට් නිවේදනයට විරෝධය විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති රක්ෂිත ප්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම්කොට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව විරෝධය පලකරමින් සිලාවතුර මරිච්චිකට්ටි ඇතුළු ගම්මාන පහක නැවත පදිංචි ජනතාව මරිච්චිකට්ටි මුස්ලීම් දේවස්ථානය අසලදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 29 March 2017
ඩෙංගු බෝකරන නැගෙනහිර රාජ්‍ය ආයතන සීල් තියයි ඩෙංගු බෝවෙන ආකාරයෙන් පරිසරය පවත්වාගෙන යන රාජ්‍ය ආයතන සිල් තැබිමට මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කණ්ඩායම තිරණය කර ඇත. 29 March 2017
ඉන්දියාවෙන් ආ කේරළ ගංජා ආණමඩුවෙන් අල්ලයි වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බව කියන කේරළ ගංඡා ග්‍රෑම් 5270ක් සමග සිව් දෙනකු ආණමඩුව ඌරියාව මාර්ග බාධකයේදී අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුර කියයි. 29 March 2017
සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටින්නන් වෙනුවෙන් පොදු සමා කාලයක් සෞදි අරාබි රජය ලබාදී ඇති පොදු සමා කාලය වෙනුවෙන් අනවසරික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කරන බව සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසිය. 29 March 2017
සහල් පාලන මිල අභිබවා තොග මිල ඉහළට සහල් පාලන මිල අභිබවා සහල් තොග මිල ඉහල යාමේ තත්ත්වයක් උද්ගතව ඇති නිසා ඉදිරි සිංහල අලූත් අවුරුදු උත්සව සමයේදී සුදු කැකුළු හා නාඩු සහල්වල මිල ඉහල යාමක් මෙන්ම හිගයක්ද ඇතිවිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පවසයි. 29 March 2017
චීන - ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ යෝජිත ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළඳ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමෙන් දේශීය කර්මාන්ත රැසක් විශාල අනතුරකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ඇසුරුම් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි. 28 March 2017
නව ව්‍යවස්ථාව පිළිබඳ සම්මන්ත්‍රණයේ ගාලගෝට්ටියක් ගාල්ල ක්‍රීඩා මණ්ඩපයේදී අද (28) පැවති නව ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිසිය මැදිහත්වී ඔවුන් ශාලාවෙන් ඉවත් කෙරිණි. 28 March 2017
දෙවැනි එක්දින තරගය අතහැර දමයි බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි. පළමු තරගය ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් බංග්ලාදේශ පිල ඉදිරියෙන් සිටී. 28 March 2017
‘ඒ‘ සාමාර්ථ 9 සිසුන් 8224 ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8,224 ක් බවත් 2015 වසරේදී එම සංඛ්‍යාව 6,102ක් බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය. 28 March 2017
එකම දිනයේ ලංකා සතොස අලෙවිසැල් 52 ක් විවෘත කෙරෙයි උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රථම අලෙවිසල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (28) පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි. 28 March 2017
පාසල් ගාස්තු නොගෙව්වාට සිසුන් 60 ක් විභාග ශාලාවෙන් දොට්ට මහනුවර ප්‍රධාන පෙළේ පාසලක සිසුන් 60 දෙනකු පමණ පැසැල් සංවර්ධන සමිති මුදල් එකවර නොගෙවීම හේතුවෙන් මෙවර වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව නොදීම නිසා සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දෙමාපියෝ කියති. 28 March 2017
ජිනීවා සංචාරයේ වියදම මිලියන හයලු පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට දැරීමට සිදුවූයේ රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් පමණක් යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (28) පැවැසීය. 28 March 2017
බදාදා පැය 15 ක් කොළඹ අවට වතුර නෑ අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් එයින් ජලය සැපයෙන ප්‍රදේශ රැසක ජල සැපයුම හෙට (29) උදෑසන 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 28 March 2017
‘යහපාලන කිරි කලයට ගොම බින්දු එකතු වෙනවා‘ - ශාන්ත බණ්ඩාර යහපාලන කිරි කලයට දවසින් දවස ගොම බින්දු එකතු වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කියයි. 28 March 2017
‘අධිකරණය දැන් ස්වාධීන නිසා විදෙස් විනිසුරුවරුන් ඕන නෑ‘ - විදේශ ඇමති වත්මන් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීන බව ස්ථාපිත කර ඇති බැවින් මෙරට සිදු වූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලියට විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) පැවැසීය. 28 March 2017
සංරක්ෂිත පක්ෂින් විකුණු අයෙක් අත්අඩංගුවට අන්තර්ඡායේ දැන්විම් පළ කරමින් සංරක්ෂිත පක්ෂින් විකුණු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කීර්ති බණ්ඩාර පුර සහ හසලක වනජීවි කාර්යාලය කියයි. සැකකරු ලබන 6 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා වනඡිවි ඇප මත නිදහස් කළ බව වනජීවි කාර්යාලය කියයි. 28 March 2017
නිදොස් කළ නාවික නිලධාරීන් සොයන්නයි අධිකරණ නියෝගයක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩු තීන්දුව මඟින් නිදොස් කොට නිදහස් කර සිටින නාවික හමුදා නිලධාරීන් තිදෙනා සිටින ස්ථානයන් පිළිබඳව විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයාට නියෝග කළේය. 28 March 2017
මහාධිකරණ විනිසුරු ඉවත් කරන්නයි ජනපතිගෙන් ඉල්ලයි පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම සඳහා ලබාදී තිබු නිර්දේශය තවදුරටත් නීතීය හමුවේ බලරහිත නිර්දේශයක් බව අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ. 28 March 2017
පොලිස් නිලධාරින්ගෙන් කප්පම් ගත් ලොක්කා ගැන පරීක්ෂණයක් තම නිල නිවස අළුත් වැඩියා කිරීමට පොලිස් නිලධාරීන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළු දූෂන චෝදනා රැසකයට සම්බන්ධ බව කියන උතුරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් කිරීමට පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් උතුරට පැමිණ ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි. 28 March 2017
සිසුහු දෙදෙනෙක් පොලිසියේදී වාර විභාගයට ලියති සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී අද (28) පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 28 March 2017
ඵලදායිතා අනුපාතයට වඩා උපරිම සීමාව වැදගත් - මහ බැංකු නියෝජ්‍ය අධිපති බැදුම්කර වෙන්දේසියකදී ඵලදායිතා අනුපාතයට වඩා උපරීම සීමාව වඩා වැදගත් බවත් එම උපරීම සීමාව පිළිබඳ සියලු තොරතුරු ඉදිරි කාර්යාලයේ නිලධාරීන් මෙම උපරීම සීමාව දන්නා බවත් මේ තොරතුරු ඉදිරි කාර්යාලයේ නිලධාරීන්ට මේ තොරතුරු පිටත සිටින යම් අයකුට දීමට හැකියාව ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසු ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා මෙම කොමිසමෙන් නිර්දේශ ලැබුණු පසු මහා බැංකුවේ ඉදිරි, මැද හා පසු කාර්යාල වෙන් කිරීම ආදිය පිළිබඳව පියව 28 March 2017
කෝටි 11 ක බේත් වතුරේ රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 28 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026