දීපා අදිකාරි
නීති විරෝධී ලෙස බල්ගේරියාවේ රැදී සිටි ශ්රී ලාංකිකයෝ 32 ක් එරටින් පිටුවහල් කරනු ලැබ එරට විශේෂ ගුවන් යානයකින් අද (27) මෙරටට ගෙන එනු ලැබූහ.
මිනිස් ජාවාරමිකරුවන් විසින් ඉතාලි රැගෙන යන බව පවසා මෙම පිරිස තුර්කියට රැගෙන ගොස් අතරමන් කර තිබෙන අතර පසුව ඉතාලි යාමේ අපේක්ෂාවෙන් බල්ගේරියාවට පැන ගොස් තිබේ.
මොවුන්ගේ ආරක්ෂාවට බල්ගේරියානු ආගමන විගමන නිලධාරීන් 38 දෙනෙකු පැමිණි බව ආගමන විගමන ( වීසා සහ ප්රත්යන්ත) පාලක ඩබ්ලිව්.එම්.එම්.බී වීරසේකර මහතා පැවසීය.
ගුවන්තොටුපොළ ප්රධාන ආගමන නිලධාරීන් වන ජයන්ත රත්නායක මහතා සහ කේ.ඩී.එස් ශ්රියානන්ද මහතා ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වැඩිදුර විමර්ශන සඳහා රාජ්ය බුද්ධි සේවා වෙත බාර දී ඇත. ඉන් අනතුරුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd