සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ හමුදාව තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරයි.
නැවත වරක් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළහොත් සිරියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ හමුදාවලට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ධවල මන්දිරය අනතුරු අඟවා තිබේ.
ඉකුත් අප්‍රේල් 4 වැනිදා එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට සිරියානු රජයේ හමුදා සැලැසුම් කරන බවට අනාවරණය වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අප්‍රේල් 4 වැනිදා සිරියාවේ එල්ල වූ රසායනික ප්‍රහාරයෙන් පසු සිරියානු ගුවන් හමුදා කඳවුරකට කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්නැයි ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝග කළේය.
“අසාද් රෙජීමය තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඔවුන් අහිසංක සිවිල් දරුවන් ඇතුළු සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතරවාරයේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා. අසාද් පාලනය තවත් රසායනික ප්‍රහාරයක් එල්ල කළොහත් ඔවුන් ඊට වන්දි ගෙවන්න සිදුවේවි” යැයි ධවල මන්දිර ප්‍රකාශක සීන් ස්පයිසර් මහතා පැවැසීය.
(රොයිටර් ඇසුරෙනි-055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හදන්නේ ඕක පිටින් දාල සිරියාවට අපහු ගහන්න නේ. අපි නොදන්නා ට්‍රම්ප්
සිරියන් ආණ්ඩුවෙන් රසායනික ප්‍රහාර එල්ල කල බව ඔප්පු වෙලා නැහැ. ඔක්කොම තනිකරම ඇමෙරිකන් කුමන්ත්‍රණ. ඉරාකෙට කලෙත් ඕකම තමයි. කිසිම රසායනික හෝ නියස්ටික අවියක් හමු උනේ නැහැ. මේ කරන්න හදන්නේ මේක පිට දාල සිරියාවට ගහන්න. ගහල අසද්ව මරල දාන්න. මැද පෙරදිග සිතියම වෙනස් කරන්න. ඇමෙරිකාව කියන්නේ ලෝකෙටම පිළිලයක්.