( එච්. චන්දන )
දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි වැසියන් පුත්තලම් බූරුවෝදැයි තමන් ප්‍රශ්න කරන බව වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්‍ය ආමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මෙලෙස ප්‍රශ්න කළේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (27) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අරුවක්කාරු ප්‍රදේශයට කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධව සාකච්ඡා වූ අවස්ථාවේදීය.
“අපි කුඩා කාලයේ සිමෙන්ති කුඩුවලින් බැට කැවා. හලාවත මාදම්පේට යකඩ කම්මලක් ගෙනාවා.පුත්තලම කල්අඩියට යකඩ කම්හලක් ගෙනාවා එහි අතුරු ප්‍රතිඵල තවම දන්නේ නෑ සොයා බලන්න ඕනේ. “
“දැන් කොළඹ කුණු අරැවක්කාරැවලට ගෙනල්ලා දාන්න යනවා. ඔය සම්බන්ධව වැඩ කරන කැබිනට් ඇමතිවරයා පුත්තලමේ රඡයේ නිළධාරින් සමග හදිසියේ අරැවක්කාරුවලට ඇවිත් ගිහිල්ලා කඩිනමින් තීරණ ගන්නවා.පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු,පළාත් සභා මන්ත්‍රීවරයකු තියා පුත්තලම සහ ආණමඩුව ආසනයේ ඡනතා නියෝඡිතයන්ටවත් මේ ගැන දැනුවත් කර නැහැ. ප්‍රදේශයේ ඡනතාව කුලප්පු වුණාම අපිව මතක් වෙනවා.“
“මුහුද , කලපුව සහ වනාන්තර මෙහෙ තියෙනවා.මේ කුණු ප්රශ්නය නොතකා ඉන්න කියන එක නෙමෙයි කියන්නේ.මින් පුත්තලම දිස්ත්‍රික්කයේ ඡනතාවට තවත් ප්‍රශ්නයක් ඇති වනවාට අපි කැමති නෑ“ යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ගොනෙක් උම්බෑ කිව්වා .තව ගෙම්බෙක් ඉන්නවා බක බක ගන්න.දැකමක් නැති අවස්ථාවාදී මෝඩ දේශපාලනය.
ඇමතිතුමා ඔය විදිහට ගියහම කුණු දාන්න තැනක් නැතිවම යයි වගේ. දාන්න ලෑස්ති වෙන උදවියත් පරිසර හානියක් වෙනවද නැද්ද කියල පරීක්ෂකරලා මේවා කරන්න ඕන. එපා කියන උදවියත් ඔය රැල්ලට වගේ එපා නොකියන්නත් ඕන. මොකද සමහරවිට හිතෙනවා ඇති අතන දන්නා යද්දී ඒ ය විරුද්දවුන අපි නොවුනොත් අපේ මිනිස්සු මොනවා කියය්ද? අපේ කොන්ද නෑ කියාවි. එහෙම හිතුවොත්. මිනිස්සුන්ට කුණු ටික අර ඉස්සර අපි ගමේ කලාවගේ වලක් කපල තියාගන්න වෙනවා. කොළඹ අයට. ෆ්ලැට් එකේ වෙනම බක්කියක්. තියාගන්න වෙනවා. අපේ රටටත් එකදිපතියෙක්මයි මිනිස්සු ඉල්ලන්නේ. චුට්ටක් අහුම් කන් දුන්නොත් ඌ නිවටය. මේ රට හදනවා බොරු හැදෙනවාත් බොරු. එක කලකට එක කොටස බැගින් උලා කාලා ඉවරයක් කරලා දැවී. දියුණුවක් පෙන තෙක් මානෙක නැහැ. යමෙක් කරන දෙයට විරුද්ද වීම පමණමයි අපේ රටේ ජයග්‍රහණය. දරදඬු පාලකයෝනට විතරයා රට ගෙනියන්න පුළුවන්. අවුරුදු 2-3 කින් අයි වෙනසක් ඉල්ලයි.
ප්‍රායෝගික විකල්ප ඉදිරිපත් නොකර සැම දේ විවේචනය නොකරන්න.
ඇමතිතුමා ඔය රත්තරන් ආකරය බාරගන්න.ඕක ධන උල්පතක්. ඔබේ ආසනයේ නවීන ප්රතිචක්රීයකරණ ව්‍යාපෘතියක් අරඹන්න. රටටම ආදර්ශයක් පෙන්වන්න.
කොලඔ කුණු එපා නම් ඔය පළාත් වල මිනිස්සුන්ට කොලඔ රස්සාවල් කරන්න දෙන්න එපා
ඇමති තුමා තැනක් නැතිමනම්, අර ජාතිවාදී කලබල කලේ අවතැන් වුණා කියල ඇවිත් දැන් පුත්තලමේ ඉඩකඩම් වලට අයිතිවාසිකම් කියන පිරිසගේ ගෙවල් ලඟින් ගොඩගහන්න. දැන් ඒ කලබල ඉවරවෙලා හුඟක් කල්නේ. මේ ගඳටවත් පවුල් පිටින් අායෙත් උන්හිටි පළාතටම යයි.
ධන උල්පත අපේ ගමට නම් එපා ඔබ තුමාට මේක හොඳ උල්පතක් අපේ ඇග බේරාගෙන රටේ ප්‍රශ්න විසඳන එක තමා අපේ සිංහල ජාති ගතිය. දහස් ගානක් ජීවිත පුදා අපි ගොඩ දැම්මට අපි සතපහකින් වත් දායක උනේ නැහැ අනෙක් අය ඉස්සරහට ගිහිල්ල අපේ ප්‍රශ්ණ විසඳනවා අපි උන්ට ගොනා මීහරක කියනවා හැර එක ලේ බින්දුවක් දුන්නේ නැහැ
මේකට විරුද්ද වෙන්න එපා අපේ ගමට ගෙනත් කුණ දමාවි එකඊ ප්‍රශ්නේ
අපේ හඬ රටට ඉදිරිපත් කලාට ලංකාදීපයට තුති පුදමු
ඔබේ ආසනයේ නවීන ප්රතිචක්රීයකරණ ව්‍යාපෘතියක් අරඹන්න. රටටම ආදර්ශයක් පෙන්වන්න. අපේ ගමේ කිසිම ඉඩකඩක් ඕකට නැහැ නොව එකඊ අපි කියන්නේ කුණු ටික බාගන්න බෙහෙත් ඉස්පිරිතාලෙන් ගන්න
ඔය වගේ ගොන් හරක් ඉන්න තරු මේ රටට දෙවියන්ගේ පිහිටයි.
පවුද්ගලික ගිණුමට කීයක්හරි දාන්නම්. අනුමැතිය දෙනවද?
මේ මිනිස්සු විරුද්ධ වෙන්නේ තවත් මීතොටමුල්ලක් වෙයි කියල . ප්රතිචක්රීන වැඩපිළිවෙලක් යටතේ මෙය පටන් ගත යුතුයි පසුගිය ආණ්ඩුවේ ගොටභය මහතා යටතේ එම වැඩ පිළිවෙල ජනවාරි මස පටන් ගන්න නියමිතව තිබුන නමුත් අවාසනාවකට එය පටන් ගන්න බැරි වුන.
ඔබතුමාලා වගේ අය පත් කරලා එවන කොට අපිටත් එහෙම හිතිලා තියෙනවා
ඒකාදිපති පාලනයකින් තොරව ලංකාව වැනි රටක් සංවර්දනය කිරීම සිහිනයක් පමණි.
මේ කුණු දාන්න හදන්නේ මිනිස් වාසයෙන් තොර ඉතාම හුදෙකලා ප්රදේශයකටයි. මේ හදන්නේ බොරු දර්ශනයක් දාල මිනිස්සුන්ගේ උද්ඝෝෂණයක් දියත් කරලා මෝඩ මිනිස්සු රවටල ඉදිරි මැතිවරණයකදී තමන්ගේ මනාප ගොඩ වැඩි කරගන්නයි. මේක දැන් රැල්ලක් වෙලා.... මේ වගේ දේශපාලකයන් නිසා තමයි අපේ රට හැමදාමත් එක තැන පල්වෙන රටක් බවට පත්වෙලා තියෙන්නේ.... ! කවදාහරි ඉතියෝපියාව ඉතාම දියුණු රටක් වෙනකොටත්, අපේ රට එහෙම්ම තියේවි...