ඉන්දිකා රාමනායක
ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේනම් ඉදිරියේ දී සිසුන් ආයුධ වුවද අතට ගැනීමට හැකියාව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.
වෛද්‍යවරයා ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම ප්‍රකාශය සිදු කළ බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙස පුද්ගලයකු පොලිස් මුලස්ථානය වෙත කළ පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් මෙලෙස යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගෙන ඒ අනුව පරීක්ෂණ සිදුකරන ලෙසට ද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සයිටම් බිල්ලෙක් පෙන්වා අහිංසක සිසුන් නොමග යවා ඔවුන් ආයුධ අතට ගන්න තත්ත්වයට ඔවුන්ගේ මොළ සෝදා තම තමන්ගේ පටු ආත්මාර්තකාමී අදහස් ඉෂ්ට කරගැනීමට උත්සහ කරන්න එපා. කුහකකමෙන් සහ ඉර්ෂාවෙන් පිරි බොරු මවා පෑම් වලින් මෙරට තව ලේ විලක් ඇති කරන්න හදන්න එපා. මේවා කරන එවුන්ට ජාති ජාතිත් මේවා පල දේවි.
අහා .. අපේ ගෙදර පිටිපස්සේ පරණ ටයර් තියෙනවා
මොන ජෝක් රටක්ද මේක .....මේවා කලා කියලා මර්දනයට බයේ සටන අකුලගනී කියලද බයකරන්න හදන්නේ
අඩුම තරමින් රාජිත ගේ ලේලි දොස්තර නෝනා කෙනෙක් කරගන්න වත් මේ කට්ටිය ඉඩ දෙන්නේ නැනේ.
නවින් ද සොයිසා කියන මෙයාල තමා අපේ දරුවන්ව නොමග යවන්නේ . මෙයාලගේ දරුවෝ ලොකු පාසල් වල ගිහින් ඉගෙනගනීවි .අනික මෙයාලගේ දරුවන්වට කියන්නැහැනෙ ආයුද අතට ගන්න කියල . අනිත් දරුවන්ව නොමග යවන .... පාපතරයෝ . අපේ රට කන ජරා සත්තු
විග්නේශ්වරම්ලා මීට වඩා දරුණු කතා කියන විට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව බකන් නිලා ගෙන බඩ උලා ගෙන ඉන්නවා මේවා කාට කියන්නද /
අනේ ඉතින් අයෙත් ටයර් එක්කල රෝස් වෙන්න තියෙන ආශාවක්?
ජනතාවට සිටම් එකක තිබුනත් ප්‍රශ්නයක් නැහැ නැතිවුනත් ප්‍රශ්නයක් නැහැ , මේකේ අමාරුව තිබෙන්නේ දොස්තරලට සහ වෛද්‍ය සිසුන්ට ඔවුන්ට බයක් තිබෙනවා අනාගතයේදී වෛද්‍ය විද්‍යාල වලින් වැඩි වැඩි යෙන් දොස්තරලා පිට වුනොත් ඔවුන්ගේ පසුම්බියට පහරවදිවී කියල , නමුත් ඔවුන් කියන්නේ සයිටම් එකේ දොස්තරලගේ ප්‍රමිතිය ප්‍රශ්නයක් ඔවුන් සටන්කරන්නේ ප්‍රමිතියෙන් අඩු දොස්තරලගෙන් ලෙඩ්ඩුන්ගේ ජිවිත ආරක්ෂා කරගන්න කියල , අපේ ජිවිත වලට ඔච්චර ආදරේනම් මොකද අපේ ජිවිත පරදුවට තබල රජයේ රෝහලේ ස්ට්‍රික් කරලා , පුද්ගලික බෙහෙත් ශාලාවල මුදලට වෙදකම් කරන්නේ ? මම නම් මේ ප්‍රකාශය ගැන එච්චර පුදුම වෙන්නේ නැහැ , ඔවුන් පසුගිය අවුරුදු කිහිපයේම කළේ රෝගීන්ගේ ජිවිත පරදුවට තබා තම ඉල්ලීම් දිනාගැනීම (ලෝකයේ බොහෝ ත්‍රස්තවාධි සංවිධාන අනුගමනය කරන්නේ මෙවැනි පිළිවෙතක්) මොවුන් අවි අරගෙන සටන් කිරීමට බොහෝදුරට ඉඩ තිබෙනවා
1988-1989 රන්ඡිතම් ගුණරත්නම් කළ දේ අද රඡයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් භාර ගැනීමට නියමිතය.
මේ මිනිහ නම් වෛද්‍යවරයෙක් නොව ත්‍රස්තවාදියෙකි.
බොරු බිල්ලෙක් නෙමෙයි ලොක්ක මෙතන ඉන්නේ ඇත්ත බිල්ලෙක්. ලංකාවේ අනාගත වෛද්‍යවරු පත්කරන්නේ දේශපාලකයෝ වෙයි මෙහෙම ගියොත්.
මෙයා දොස්තර කෙනෙක් විදියට හැසිරෙන බවක් මම කවදාවත් දැකල නැහැ.
"වෛද්‍ය නවින් ද සොයිසාගේ" ප්‍රකාශය ගැන විමර්ශන කරන්න කලින් අර උතුරු පළාතේ ඉන්න කොටි සංවිධානයට උඩගෙඩි දෙන දේශද්‍රෝහී ඇමතියන්ගේ ප්‍රකාශ ගැන විමර්ශනය කරන්න. රවුෆ් හකීම් ඇමති කියන ජාති ද්‍රෝහී ප්‍රකාශ ගැන විමර්ශන කරන්න මැලිවන්නේ අයි ? සුනිල් හදුන්නෙත්ති මහත්තතාය පර්ලිමෙන්තුවෙදිම මෙම කතාව කිවා, ,එතකොට ඔය කියන පැමිණිලි කාර පාර්ශවය නිදාගෙනද ඉදල තියෙන්නේ. මේවට තමයි කියන්නේ පොලිසිය ආණ්ඩුවට කඩේ යනවා කියල, යහපාලනය කියන්නේ මහා කුණු ගොඩක් . ඒවගේම ශ්‍රී ලංකා පොලිසියත් දැන් නරක්වුණු කුණු මල්ලක් වැනිය. පොලිසිය දෙසපලුවංගෙඅ අතකොලුවක් වෙන්න එපා. සයිටම් රකින්න මීට වඩා උසස් වැඩපිළිවෙලක් සහ ස්ථීරසාර සැලසුම් තිබිය යුතුයි මහත්තයෝ .
කෝටිපතියන්ට සාදපු මේ ආයතනය පොදුජනයා සඳහා නොවනබව ජනතාව තේරුම්ගත් විට සියලුම ප්‍රස්න විසඳෙනු ඇත
මේ මහත්තුරු එයාලගේ දරුවන්ට ජනප්‍රිය පාසැල් ඉල්ලලා, කාර් පර්මිට් ඉල්ලලා, වර්ජනය කළෙත් ප්‍රමිතියෙන් බාල දොස්තරවරු බිහිවෙයි කියන බයටනේ.
මේ රට ප්රජාන්ත්රවාදී රටක් බැවින් විරෝධ තාවක් නීතියට අනුකුලව ගෙනයාමට රටේ නීතියෙන් අවසර තිබෙනවා.නමුත් ත්‍රස්තවාදී අදහස් ප්‍රකාශ කිරීම , ත්රස්තවාදයට අනුන් පෙළඹීම අවි ආයුධ ගැනීමට අනුන් පෙළඹවීම එවැනි අදහස් ප්‍රකාශ කිරීම නීතියෙන් දඬුවම් ලැබීමට හේතුවන වරදක්. එමනිසා මේ ප්‍රකාශය ගැන විමර්ශනයක් කිරීමට නීති අංශ පියවරගත යුතුයි.
රටේ අතීතයේ සිදුවුණා දේවල් සහ අද වෙනදේවල් වල සමරූපිතාවය සාමාන්‍ය නිරවුල් මනසක් තියෙන කෙනෙකුට පැහැදිලිව පේනවා.
මේ රට අවුල් කරන්න හදන අය කූඩුවේ දමන්න... තවත් රට අවුල් කරන්නට පෙර.....
සයිටම් ආයතනය බාල්දු වී ඇත්තේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ළමුන්ගේ වැරැදි ක්‍රියාකලාපය නිසාවෙනි.
මේ ජාති ද්‍රෝහී ප්‍රකාශ ගැන විමර්ශන කරන්න මැලිවන්නේ අැයි? මොකද මේ අය තමයි අන්තරේ මෙහෙයවන්නේ. මේ ප්‍රකාශය ගැන වහාම විමර්ශනයක් කර නිසි දඬුවම් කල යුතුයි.