ඉන්දිකා රාමනායක
කාන්තාවගේ ගේ ගෙලබැඳි රුපියල් 70,000 ක් වටිනා රන් මාලයක් කඩා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළකුගේ ඡයාරූප පොලිස් පරීක්ෂකවරයකු විසින් මුදා හැරිනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගන්නා ආකාරය, ඔහු පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරන ආකාරය ආදී අවස්ථා කිහිපයකදී ගනු ලැබූ ඡායාරූප එම පොලිස් නිලධාරියා සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි කරන්න ඕන..
ඇත්තම හොරා අහුවෙලා තියෙන එකේ පින්තූරයකුත් දැම්මත් හොඳයි. මම හිතන්නේ එහෙම දාන්නම ඕනි මොකද? ලැජ්ජා බය ඇති කරන්න... නැත්නම් වැරදි කරුවන් හැමදාම නිදැල්ලේ...
මේකටත් රණවිරු ලේබලය අලවන්නද හදන්නේ? හොරා ඉතින් හොරාම තමයි. ඒක හංගන්න දෙයක් නෑ.
අනුන්ට ගින්දර දෙන අයට නම් ඉතින් හොඳක් වෙන්නේ නැහැ. මේ විස්තර තවත් පලකරන්න. නැත්නම් අර කවුද වගේ පාර්ලිමේන්තු ගිහින් තමයි නවතින්නේ....නේද?