(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවා ලබන මස 5 වැනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට අතිරේක මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.
එදිනට ඔහු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුයේ උතුරු කටානේ පදිංචි රාගම වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දේපල වලට අලාභ හානි කලානම් හිරේ යවන්නම ඕනේ . මුන් තව මහපොළ සල්ලිත් අරගන්නවා.
මේ ළමයි විශ්ව විද්‍යාලෙට යන කොට හොඳ අහිංසක ඉගෙන ගන්න කැමති ළමයි. මොන හෙණයක්ද මන්දා එතන ඉන්න දේශපාලකයන්ට මුලා වෙලා වසර දහයක් පහළොවක් සුළු පිරිසකට රැවටිලා ජීවිත නාස්ති කර ගන්නවා. දෙමව්පියන්ටවත් බැරිද මේ දරුවන්ට හොද නරක කියා දීලා යහපත් මිනිසුන් කරන්න...