(ජනාධිපති මාධය අංශය)
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කථතර බෝධි පරිශ්‍රයේ දී අද (25) පැවැත්විණි.
අමරපුර නිකාය පිළිබද ශාස්ත්‍රිය ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
පාර්ලිමේන්තුව අසල පිහිටි පර්චස් 98 ක ඉඩම අමරපුර මහා නිකාය වෙත පූජා කිරීමට අදාළ ඔප්පුව ද ජනාධිපතිතුමා අතින් මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ වෙත පූජා කරනු ලැබීය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය දෙඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා.... ගරු අස්ගිරි හාමුදුරුවෝ වගේ ප්‍රකාශ නිකුත් කරනවා එහෙම නෙමේ දැන් ...