(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය නතර කිරීම පිළිබඳ අද පස්වරු 3 වනතෙක් කිසිදු තීන්දුවක් නොගත් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.
කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර, ඩෙංගු, වකුගඩු, පිළිකා ප්‍රතිකාර සේවා නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන බවත් ළමා හා මාතෘ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර්ථකත්වය මනින්නේ දුක් විඳින අසරණ මිනිස්සු ගණන් කරලා ද? මෙහෙමත් වෛද්‍යවරු..!!!
මේ අනිත් කට්ටිය... මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන දැන් එගොල්ලටම කෙනහෙලිකම් කරන එකයි දිගටම කරන්නේ...
වර්ජනය නතර කරන්න එපා මහත්වරුනි, මොකද ජීවිත ගණනක් මැරෙනකම් ඕක ඇදගෙන යන්න එපා. නැත්නම් ඔයාලට සතුටක් ලැබෙන එකක් නැහැ...
ඇත්තද? ලෙඩ්ඩු කී දෙනෙක් මැරුණාමද සාර්ථක වෙන්නේ?
දොස්තරලාට කිවිසුමක් වත් යනවද දන්නේ නැහැ...? ලෙඩුන් ගැන නොතේරෙන්න තරම්...
වර්ජනය කරන වෙලාවෙත් චැනල් වලින් කුට්ටියක් හොයා ගන්න පුළුවන් දොස්තරලාට ....
ඔව් හොඳටම සාර්ථකයි... අසරණ ලෙඩ්ඩු දුක් විඳිනවා.. මේ වැඩ වලින්.
දැන් සතුටුද ?. මෙහෙමත් ලැජ්ජාවක් නැති ප්‍රකාශයක්... ලෙඩා මළොත් කියාවි අතිසාර්ථක වර්ජනයක් කියලා. හිතක් පපුවක් නැති දොස්තරලා.!
තමන්ට පුද්ගලිකව කිසිම වැරද්දක් නොකළ අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන ඔවුන්ට ප්‍රතිකාර නොකොට ඔවුන් දුක් විඳිනවා බලමින්, සතුටු වෙමින් තමතමන්ගේ පුරාජේරුව ගැන කතා කරන මේ අය මානසික රෝගීන් නොවෙයිද? දුබලයා පෙළමින් තමන්ගේ වර්ජන ජයග්‍රහණය තක්සේරු කිරීමට තරම් මොවුන් කොතරම් බංකොලොත් වෙලාද?
මේක විසඳීම රජයේ වගකීමක්..... නිකන් බලන් ඉන්නේ නැතුව මේ ප්‍රශ්නයට රජය ඉක්මණින් විසඳුමක් දිය යුතුයි. දොස්තරවරුන්ට බනින්නේ මේ ප්‍රශ්නය නිමාවක් දකින්න අකමැති කොටස් විතරයි.
මෙතුමන්ලාට සිංහල නොතේරෙන හැටි. මේකේ පහළින්ම තියෙනවා. අමාරු රෝගීන්ට, ඩෙංගු රෝගීන්ට, මාතෘ සහ ළමා වාට්ටු, වකුගඩු සහ අනෙකුත් සියලුම වාට්ටු වැඩ කියල. බය වෙන්න එපා වැඩවර්ජන හින්දා ලෙඩ්ඩු මැරෙන්නේ නම් නැහැ. ස්ට්‍රයික් එකක් කරන්නේ සාර්ථක වෙන්න තමා, නැතුව අසාර්ථක වෙන්න නෙවෙයි මහත්වරුනි. එත් ලෙඩ්ඩු මැරෙනකම් බලා ඉන්න එපා දොස්තරලට එ්ක අල්ලන් බනින්න. මේ ප්‍රශ්නේ ඇතිකරපු අයටත් ඕව කියන්න. මොකද එයාලට බයද?
ලෙඩාගේ සාක්කුවට බහින්න මිසක් ලෙඩා ට කරුණාවක් තියෙන දොස්තර කෙනෙක් මට ලංකාවේ නම් හම්බ වෙලා නෑ...
රෝගීන් අපහසුතාවට පත්වීමේ වගකීම රජය භාර ගත යුතුයි. බනින ය දන්නේ න ස්ටයික් කරන එකේ තේරුම
අයියෝ !!! වැඩ සේරම කාලනේ තියෙන්නේ... මෙහෙම කරලා හරියයිද රටට?
දොස්තරවරුන්ගේ තත්වය අඩුවී අවසන්...
මහ ජනතාව ගැටලුව තමා අතට ගන්නා දිනය ආසන්නයි. එදාට මේගොල්ලන්ට දුවන්න වෙයි. ජී.එම්.ඕ.ඒ. වගේ තවත් වෘත්තීය සමිතියක් හදන්න ඕනේ සයිටම් දොස්තරලගෙන්....
මංගල මහත්තයාට එහෙම වුණාට අපට උණුවෙන හදවත් ඇත. රෝහලට එන්නේ රෝගීන් නොව අසරණ දිළිඳු ජනතාව බව නම් පැහැදිලියි.
ලංකාවේ දොස්තරලා වගේ ජාතියක් ලෝකෙම නෑනේ... අන්තිමට මොකකින් මොකක් වෙයිද?
වැඩ වර්ජනය සාර්ථක වුණත්, වැඩවර්ජනය සාර්ථක විසඳුමකින් අවසන් වූවොත් නම් හොඳයි නේද?
වැඩ වර්ජනය සාර්ථක වීම කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට සාධාරණ පිළිතුරක් ලැබිලා වැඩ වර්ජනය අවසන් වෙනවා නම් අපි කාටත් හොඳයි නේද?
උ.පෙළ ඉහළින් සමත්වීම පමණක් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට ඉඩදීමේ බරපතළකම දැන් පේනවා. හොඳ වෛද්‍යවරයෙක් වීමට නම් හොඳ හදවතක්ද තිබිය යුතුයි.
වැඩ වර්ජනයේ කොහොමද සාර්ථකත්වය? රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී රෝගීන් වැඩිවීමද? මහා ජනතාව? සාර්ථකයි, දුප්පත් මහා ජනතාව අසරණයි! මේකද මේ කියන සාර්ථකත්වය?
දැන් ඉතින් මීට වඩා නම්බුකාරයි වෙන රැකියාවක් කළානම්...
අපේ රටේ බලවතුන්ගේ ළමයි මේ කැම්පස්වල ඉන්න තාක් කල්, ඒ අය බලය පෙන්වන තාක් කල් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ..
ලෙඩුන් ප්‍රාණ ඇපයට තබා ආණ්ඩුව මේ කරන සෙල්ලම වහා නතර කල යුතුයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය වහා විසඳිය යුතුයි.
සයිටම් වහන ගමන් දොස්තරලාගේ පුද්ගලික වෙළඳාමත් නවත්තනවා නම් අපිත් දොස්තර මහත්වරුන්ට එකෙන්ම සපෝර්ට් කරනවා...
මේ දොස්තරලට නම් නිකන් ඉන්න දෙන්න හොඳ නැහැ... මේ වගේ දේවල් කරනවා නම්..!!!
දොස්තරලා හා වෛද්‍ය සිසුන් ටික නම් ඔවුන්ගේ පොකට්ටුව ගැන හිතල විප්ලව හා වර්ජන කරන එකේ ගැටළුවක් නැහැ. එත් මේ විශ්ව විද්‍යාල වල ඉන්න කලා උපාධි අපේක්ෂකයෝ කරන වැඩ දිහා බැලුවම අනුකම්පා හිතෙනවා. පෞද්ගලික රෝහලකට ගොඩ වෙන්න සිදුවුණ දිනෙක..., මේ අයට තේරෙයි ජීවිතය. ජීවත් කරන එක මුදල මත තීරණය වෙන බව.. එහෙම නේද?
රට තුල ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය. ඒ සඳහා තීරණාත්මක බලපෑමක් කලහැක්කේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ වෛද්‍යවරුන්ට පමණි. ඉතිහාසයේත් එසේම සිදුවී ඇත. ජාතිය වෙනුවෙන් ඔවුන් කරන එම යුතුකමට සියලුදෙනාගේ ගරුත්වය හිමිවිය යුතුය.