තීරණයක් ගන්න බැරි රජය අද විහිළු කරනවා - ලාල් කාන්ත ‘කුණු සම්බන්ධයෙන් අලියෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරි ආණ්ඩුව අද විහිළු කරනවා. කවුරුත් එක්ක විහිළුකළත් වැඩ කරන ජනතාව සමඟ විහිළු කරන්න එන්න එපා කියා අපි කියනවා“ යයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා මැයි දින රැළියට එක්වෙමින් පැවසීය. 01 May 2017
අගමැති රනිල් කැම්බල් පිටියට එයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කැම්බල් පිටියේ රැලියට පැමිණියේය. 01 May 2017
ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන්ටත් අවස්ථාව අහිමිවෙලා - අජිත් පී. පෙරේරා ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන් වන අපට එම ජයග්‍රහණය භුක්ති විඳීමට හැකියාවක් ලැබී නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. 01 May 2017
යුද්ධයේදී මිය ගියේ පීඩිත පන්තියේ ජනතාවයි - සෞඛ්‍ය ඇමති යුද්ධයේදී උතුරේ මෙන්ම දකුණේද මිය ගියේ පීඩිත පන්තියේ ජනතාව බවත් උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට කැබිනට් මණ්ඩලයේ දී තමන් අරගලයක නිරතව සිටින බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා යාපනයේ දී පවසයි. 01 May 2017
ලෙනින් වාදී පක්ෂයේ මැයි රැලිය වවුනියාවේදී නව ප්රජාතන්ත්රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය වවුනියාව නගරයේ අද (01) මැයිදින රැළියක් පැවැත්විය. වවුනියාව දෙමළ මහ විද්‍යාලයෙන් ආරම්භ වී නගරය ඔස්සේ ගමන් කළ ඔවුන්ගේ මැයි පෙළපාලිය වවුනියාව නගර සභාව දක්වා ගමන් කර නගර සභා ශාලාවේදී මැයි රැළිය පවත්වන ලදී. 01 May 2017
දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි දින රැළිය තලවාකැලේදී දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි දින රැලිය තලවාකැලේ නගරයේදී අද(01) ආරම්භ විය. දමිළ ප්රගතිශීලි සන්ධානයේ මැයි දින පෙළපාලිය සහ රැලිය එම පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් තලවාකැලේ නගරයේදි පැවැත්වෙයි. 01 May 2017
විදේශීය ආණ්ඩුවලට සම්පන්දන්ගෙන් ආරාධනාවක් උතුරු නැගෙනහිර තරුණයන් සඳහා රැකියා අවස්ථා ඇති කරන ලෙස විදේශීය ආණ්ඩුවලට ආරාධනා කරන බව විපක්ෂ නායක ආර් සම්පන්දන් සම්පන්දන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැළියේදී අදහස් දක්වමින් සම්පන්දන් මහතා මේ බව කීවේය. 01 May 2017
ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනෙක් මීරිගමින් අල්ලයි ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් හා ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් බව කියන මුද්‍රණ යන්ත්‍ර සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 01 May 2017
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට දූෂණ විරෝධී හඬ සභාපති කැඳවයි වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමට සාක්කි ලබාදීම සඳහා දුෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා හෙට (02) කොමිසම හමුවට කැඳවීමට නියමිත ය. 01 May 2017
නියාමකවරුන් නැතිව දුම්රිය රැසක් අවලංගුයි ප්‍රධාන මාර්ගයේ, මුහුදු බඩ මාර්ගයේ, පුත්තලම මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය බොහෝ ප්‍රමාණයක් අද (30) දවස තුළ ධාවනය නොවු බවත් අනෙක් සියලූම දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. 30 April 2017
කම්කරු දිනය සැමරෙද්දී දෙපාර්තුමේන්තුවේ මුල් පුටු දෙකක් හිස් ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට මෙවර මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා ගේ තනතුරු හිස්ව පවතිද්දී යැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 30 April 2017
කම්කරු දෙපාර්තුමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඉබිගමනේ කම්කරු දෙපාර්තමේන්තුව සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර වසර 10 ක් ගතවී ඇතත් තවමත් එහි වැඩ නිම කර ගැනීමට හැකියාව ලැබී නැතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. 30 April 2017
මැයි දිනයට රැලි, පෙළපාළි 23ක් ජාත්‍යන්තර කම්කරු දිනය හෙටට (1) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කරන කම්කරු දින සැමරුම් රැලි හා පෙළපාළි 23ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වේ. 30 April 2017
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට 141 වැනි තැන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 141 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 30 April 2017
උපකුලපති පත්කළ ආකාරය ගැන කණගාටුව පළකරති යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා පත් කිරීම ගැන කනගාටුව පළ කරන බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු පිරිසක් ප්‍රකාශ කරති. 30 April 2017
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්රකාශයෙක් පැවසීය. 30 April 2017
මැයි දිනයේ මහජන ආරක්ෂාවට පොලිසියෙන් 20,000 ක් මැයි දිනයේදී මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 20,000 ට අධික පිරිසක් සේවයට යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 30 April 2017
නීති විරෝධීව මෙරටට පැමිණි 28 ක් උතුරු මුහුදෙන් අල්ලයි ඉන්දීය ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුලූව සිටි මියන්මාර් ජාතිකයින් 28 දෙනකු හා ඉන්දීය ජාතිකයින් දෙදෙනකු කන්කසන්තුරේට උතුරු මුහුදේදී අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. මෙම ධීවර යාත්‍රාව පදවා ඇත්තේ ඉන්දීය ජාතිකයින් දෙදෙනකු බවද නාවික හමුදාව සදහන් කරයි. 30 April 2017
කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනනය අනිවාර්ය කරයි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ජනනය 32% කින් අඩුවී තිබෙන අතර විදුලි ඉල්ලුම 10% කින් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. 30 April 2017
ජනමාධ්‍යවේදීන්ගේ මැයි දින රැළිය අම්පාරේදී මස්ත ලංකා ජනමාධ්‍යවේදී සම්මේලනය සංවිධනය කරන මැයි දින පෙළපාලිය සහ රැළිය අම්පාර නගරයේ දි පැවැත්වේ. අම්පාර රීගල් හන්දියෙන් පස්වරු 02.00ට ඇරඹෙන පෙළපාලිය අම්පාර නගර ශාලව වෙත ගමන් කිරිමට නියමිතය. 30 April 2017
ඉන්දීය ශ්‍රමිකයකුට රුපියල් 60,000 ක වේතනයක් ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීම සඳහා විදේශිකයන් වෙනුවෙන් වැඩ බලපත්‍ර විශාල වශයෙන් ආයෝජන මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ. රැකියා වීසා මත පැමිණි 8,000කට ආසන්න පිරිසක් පසුගිය වසරේදී ඉල්ලුම්පත්‍ර යොමු කර ඇතැයි ද සංචාරක වීසා මත පැමිණි සැලකිය යුතු පිරිසක් ද එලෙස අයඳුම්පත්‍ර යොමු කර ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. පසුගිය වසරේදී ඒ ආකාරයෙන් ඉදිරිපත් වූ වීසා 5,786කට ආයෝජන මණ්ඩලය අනුමැතිය දී ඇත. 30 April 2017
විදේශිකයෝ ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවේ රැකියාවල ශ්‍රී ලංකාව තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වී ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. රැකියා වීසා පත්‍ර ඇතිව හෝ නැතිව මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍ය රණවක මහතා දැනට මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකක් (200,000ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද කීවේය. 30 April 2017
ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක් - ඇමති රාජිත ‘ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක්. දේශපාලනඥයින් ලෙස අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ උතුර දකුණ නොඛෙදුනු සාමකාමී හා ස්ථාවර රටක්.‘ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 30 April 2017
ඇලන් ඩොනල්ඩ් වේග පන්දු යවන්නන්ගේ පුහුණු උපදේශක තනතුරට ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් මහතා පත්කරනු ලැබ තිබේ. 30 April 2017
ශූරයන්ගේ කුසලාන තරගාවලිය වර්ජනයට ඉන්දියාව සැරසෙයි ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි. 30 April 2017
අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. 30 April 2017
ගම්පහ ඔස්මන්ට වෙඩිතැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාට වෙඩි තැබූ බවට සැකකරන කළු අජිත් ඇතුළු දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 29 April 2017
ඉන්දීය අගමැති එන්නේ වෙසක් සැමරුම් උත්සවයට පමණයි - ජනපති තමන්ගේ නිල ආරාධනයක් පරිදි මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 29 April 2017
සයිටම් ජනසතු කරන්න‘යි රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට සැරසෙති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙයි. 28 April 2017
ශ්‍රී ලංකාවේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති ගැන පින්ලන්ත සෞඛ්‍ය ඇමතිනිය විමසයි පින්ලන්තය ලබාදෙන ආධාර වලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබද යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස පින්ලන්ත පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය පිර්කෝ මතිලා මහත්මිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. 28 April 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026