අධ්‍යක්ෂකවරයා කළ පහරදීමට සිසුන් විරෝධතාවක අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට එම ආයතනයේ අධ්‍යක්ෂකවරයා අමානුෂික ලෙස පහර දීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් අද (4) අනුරාධපුර නගරයේ දී උද්ඝෝෂණයක් කළහ. 04 May 2017
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ගීත දෙකක් විකුණන්න යයි රෝගාතුරවී සිටින ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තට ප්‍රතිකාර කිරීම පිණිස ඔහුගේ සංගීතයෙන් සහ ගායනයෙන් ජනප්‍රියත්වයට පත්වූ ‘ඔබ මා හදින් සැගවී නොයන්’, ‘ඔබ හා ගෙවූ අතීතේ’ යන ගීත දෙක වැඩිම මුදලකට විකිණීමට බලාපොරොත්තු වන බව ප්‍රින්ස්ගේ නැගණිය ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු ‘රසවින්දන’ ට පැවැසුවාය. 04 May 2017
ඩෙංගු රෝගය ගැන සිතා වෛද්‍ය වර්ජනය කල්දමන්න’යි ඉල්ලීමක් වසංගත තත්ත්වයෙන් ඩෙංගු රෝගය රට පුරා පැතිර යන මේ මොහොතේ වර්ජනයකට යාම සාදාරණ දැයි යළි සිතා බලන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයේ වෛද්‍ය නීලධාරින් ගේ සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 04 May 2017
ප්‍රමිත පසුපෙළ අසුනක් ඉල්ලයි මධ්‍යම පළාත් සභාවේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් සභාවේ අසුන් ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් වෙන් කර දෙන ලෙස ඉල්ලා පළාත් සභාවේ සභාපතිවරයාට ලිපියක් යවා ඇත. 04 May 2017
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනිය මහරැජින අවසර පතයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිල අවසරය ලබැගැනීමට එරට අගමැති තෙරේසා මේ මහත්මිය දෙවැනි එලිසබෙත් රැජිණිය හමූ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 04 May 2017
කෝටි 59 ක වල්ලපට්ටා අල්ලයි කොළඹ දිසා දුෂණ වැටලීම් ඒකකය ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කළ වැටලීමකින් පසු කිලෝ 99 ක වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 04 May 2017
කිලිනොච්චියෙන් මෝටාර් උණ්ඩ 17 ක් සොයාගනී කිලිනොච්චිය උරුත්තිරපුරම් , නීවිල් ප්‍රදේශයේ වගා බිමක ළිඳක් සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ 17 ක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 04 May 2017
ඉරානයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 21 ක් මියයති ඉරානයේ උතුරුදිග ගොලෙස්ටන් පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සිරවූ සිය සගයින් බේරාගැනීමට ගිය පතල් සේවකයින් 21දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් 70ක් පමණ තුවාල ලබා ඇත. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවද පතල් කම්කරුවන් 32ක් දෝනාවක සිරවී සිටි බවද බලධාරීහු පවසති. 04 May 2017
පලස්තීනුවන්ගේ උපවාසයට හිටපු ජනපති මහින්දගේත් සහාය කිසිදු හේතුවක් නොමැතිව ඊශ්‍රායල බන්ධනාගාරවල සිර කර සිටින පලස්තීනුවන් දියත් කර තිබෙන උපවාසයට සහාය දීමක් ලෙස ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය ආරම්භ කර තිබෙන අත්සන් තැබීමේ ව්‍යාපාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බදාදා (3) සහභාගි විය. 04 May 2017
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 42 ක් ඉවත් කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. 03 May 2017
ගාලු මුවදොර ගිය අය ගැන තීරණයක් ගන්නවා - සන්ධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ මැයි රැලියට සහභාගී නොවී ගාලූ මුවදොර පිටියේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (ඒකාබද්ධ විපක්ෂයේ) මැයි රැලියට සහභාගී වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 May 2017
මූලික විරෝධතාව පිළිබද නියෝගය ජූනි 01 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු විසින් ගොනු කළ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් වන නියෝගය ලබන ජුනි 01 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (03) තීන්දු කළේය. 03 May 2017
නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට නොතීසි මුදල් විශුද්ධි කරන පනත යටතේ ගොනු කළ නඩුවකට පෙනී සිටීම සඳහා ලබන හය වැනි දා අධිකරණයේ පනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද නොතීසි නිකුත් කළේය. 03 May 2017
අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම ගැන සොයාබලන්න බැරිනම් රටම අසරණයි - වීරකුමාර දිසානායක වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි ලබාදීම සඳහා මහා බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙට (04) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 03 May 2017
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති බැඳුම්කර කොමසමට කැඳවයි වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි ලබාදීම සඳහා මහා බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙට (04) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 03 May 2017
නීති විරෝධීව ගෙන ආ දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට නීති විරෝධි ලෙස ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට රැගෙන ආ විදේශ දුම්වැටි තොගයක් සමග එක් සැකකරුවෙකු අද (03) උදැසන අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය කියයි. 03 May 2017
ද්විත්ව පුරවැසිබව හිමි තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා - දයාසිරි ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වුවහොත් එම තීන්දුව පාර්ලිමේන්තුවේ සිටින තවත් කිහිප දෙනෙකුටම බලපානු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 03 May 2017
ගුරුවරු නැතිව සුංගාවිල මුස්ලිම් විදුහලේ සිසුන් පාසල් වර්ජනයක තම පාසලේ පවතින ගුරු හිඟයට පිළියම් නොයෙදීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 1200ක් පමණ අද(03) පාසලට නොපැමිණියහ. 03 May 2017
උතුරු - නැගෙණහිර පොලිස් ලොක්කන් දෙදෙනකු ගැන විමර්ශන ඇරඹෙයි වැලි ජාවාරමකට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන සහ පොලිස් නිලධාරිනියන්ට හිරිහැර කරන බව කියන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 03 May 2017
සිරියාවේ සිවිල් යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් - පුටින් එකඟතාවක සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. 03 May 2017
එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. 03 May 2017
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට යුරෝපා සංගම් සහාය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, මහජන තොරතුරුවලට ප්රවේශවීමට ඇති අවස්ථාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිතකිරිමටත් සෑම අයුරකින්ම සහාය දෙන බව කොළඹ පිහිටි මෙරට යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 03 May 2017
මහබැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (03) පිළිගැන්විණි. 03 May 2017
නාලන්දාවේ රකිඳු රන්දිව්ට රිදී පදක්කමක් ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රිදී පදක්කමක් දිනාගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය හදාරන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා පසුගියදා සමත්විය. 03 May 2017
විදෙස් මුදල් ගෙනයන්න හැදූ අයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට එක්කෝටි තිස්නව ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ බව කියන මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු අද(03) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව පවසයි. 03 May 2017
බැසිල්ට - තිරුකුමාර්ට අධිචෝදනා බාර දෙයි මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට මහතාට සහ ඔහුගේ ඥාතියකු වන තිරු කුමාර් නඩේසන්ට අද ගම්පහ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය. 03 May 2017
මියන්මාර් ජාතිකයන් මිරිහාන කඳවුරට යවයි පසුගිය 30 වැනි දා යාපනය කන්කසන්තුරේයි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයින් 30 දෙනා සහ ඉන්දියන් ජාතිකයින් දෙදෙනා යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මියන්මාර් ජාතිකයින් මිරිහාන රැඳවුම් කඳවුර වෙතට යොම කරවන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා නියෝග කළේය. 03 May 2017
ව්‍යාජ රත්තරන් කිලෝ 2 ක් සමග 8 දෙනෙක් අල්ලයි රුපියල් ලක්ෂ 124කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන රත්රන් බෝල කිලෝ දෙකක් පමණ සැකකරුවන් අටදෙනකු සමග දිඹුලාගල මගුල්දමනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 03 May 2017
රතුපස්වල සිසුවකු මැරූ තැන වසර තුනකට පසු හෙළිවෙයි වැලිවේරිය රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට යුද හමුදාවෙන් වෙඩි තබද්දී රවිශාන් පෙරේරා සිසුවාට වෙඩි තැබූ ස්ථානය වසර තුන හමාරකට පසු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත් විය. 03 May 2017
ගීතාට මන්ත්‍රී සුදුසුකම් නැතිබව අභියාචනාධිකරණය තීන්දු කරයි ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය අද (03) තීන්දු කළේය. 03 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026