(රංජන් කස්තුරි)
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලක මණ්ඩලයක් පත්කර ඇත.
එහි සභාපති ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත් කරනු ලැබ සිටී.
එහි අධ්යක්ෂ ලෙස වෛද්‍ය එන්.ඊ.එල්.ඩබ්ලිව්.ජයසේකර මහතා පත්කරනු ලැබ සිටී.
අනෙක් නියෝජිවරුන් ලෙස වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වරලත් ගණකාධිකාරී දිනේෂ් වීරක්කොඩි, ආචාර්ය කපිල රණසිංහ, වෛද්‍ය දිලිප් ද සිල්වා, සරත් විජේසූරිය යන මහත්වරුද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතවරයෙක් ද පත් කරනු ලැබ සිටිති.
මීට අමතරව ළමා රෝග විශේෂඥ ඩී.කේ.සමරගේ, කායික රෝග විශේෂඥ රන්දුල සමරසිංහ, ශල්‍ය වෛද්‍ය විශේෂඥ එම්.එන්.කේ.පින්තු, නාරිවේද විශේෂඥ දීපාල් වීරසේකර යන මහත්වරු නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් ද සයිටම් ආයතනයේ නියෝජිත ලෙස ඒ.ඒ.පුණ්යකීර්ති මහතා ද පත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල රජයට දුන්න නම් සයිටම් එක නියෝජිතයෝ මොකටද ,,,
සල්ලි ලැබෙන දේවල් බදු දෙන අතර සල්ලි වියදම් වෙන දේවල් රජයට පවර ගනී
ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ ඉල්ලුම සපයන්න රජයේ විශ්වවිද්‍යාල වලට නොහැකි නම්, පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති විය යුතුය. නැතුව අපට පෝලිම් වල රස්තියාදු වෙන්න බැහැ. එහෙම නැත්නම් අර ඉස්සර තිබුණා වගේ පරිපුරක වෛද්‍යසේවය නැවත ඇතිකළ යුතුය.