(දයාසිලි ලියනගේ)
ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදා හැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ හේතුව නිසා කොළඹ හැර සියලු පළාත්වල අද (26) පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදු වී ඇති අතර විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන කාල සීමාව තුළ ද විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය.
මේ වන විට නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වී පවති. ඉන්ධන ප්‍රශ්නය විදුලිය මෙගාවොට් 500 ක පමණ ප්‍රමාණයක් උත්පාදනය කිරිම බරපතල ප්‍රශ්නයක් වී ඇති නිසා විදුලිය කපා හැරීමට සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න හිටිය මිනිහාගේ ඇහේ උලක් ඇණුනා වගේ කිව්වලු..
දැන් ඉවසුවා හොඳටම ඇති.. දැන්ම තීරණයක් ගන්න.
කොරේ පිටට මරේ කියා ලයිට් නැතිව යනවෝ ...තෙලුත් නැතෝ , ලයිට් නැතෝ .. හැමදා මෙන් ජනයා බැට කනවෝ ...
හමුදා නිලධාරීන්ට පුහුණුවක් දෙන්න මේ වගේ වෙලාවට උදව් ගන්න පුළුවන්නේ.මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ. වුර්තිය සමිති වලට රට භාර දීල වගේ හරියට. පාලකයන්ගේ වරද තමයි. සයිටම්, පෙට්‍රල්, ඩෙංගු, විදුලිය, සෞඛ්‍ය රටට පිළිල වෙලා..