සියලුම දන්සැල් ලියාපදිංචි කරන්න වෙයි වෙසක් සමයේ පවත්වන සියළුම දන්සැල් ඒ ඒ ප්‍රදේශ අයත් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 03 May 2017
හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි පෙත්සමේ සත්‍ය කරුණු වසන් කරලා යයි නීතිපති කියයි හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්සම අධිකරණය හමුවේ සත්‍ය කරුණු වසන් කර ගොනු කළ පෙත්සමක් යැයි නීතිපතිවරයා අද(02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. 02 May 2017
ප්‍රමිතගෙන් හිස්වූ තැනට තිළිණ පත්කරයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා,යෞවන කටයුතු හා වනිතා කටයුතු ඇමති ධුරයට තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇත. 02 May 2017
ඩෙංගු කුරුණෑගල රෝහලම ගිලගනී ඩෙංගු උණ රෝගයට ගොදුරු රෝගීන්ගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල පිරී ඉතිරි ගොස් ඇති අතර රෝහලේ වෛද්‍යවරුන්,හෙද නිලධාරීන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසකට ඩෙංගු වැළඳී ඇත. 02 May 2017
ගුරු සේවයේ උසස්වීම් වලට ප්‍රමිතියක් රාජ්‍ය සේවා කොමිසමේ නිසි අවසරයකින් සහ විධිමත් නීතිමය ක්‍රියාදාමය අනුගමනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා ගුරු සේවයේ උසස්වීම් ලබා නොදීමට නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. 02 May 2017
අලින්ගෙන් ආරක්ෂා කරගන්න කේරළ ගංජා කිලෝ 200 ක් පලු ගසක බැඳ තබයි වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විල්පත්තුව වනාන්තරයේ කෝලන්කනත්ත පළු ගසක සඟවා තිබූ බව කියන කේරල ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් තිදෙනකු අද(02) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි. 02 May 2017
ගුවන් යානයේදී කතක් මියයයි කටුනායක ගුවන්තොටුපලට අද සවස පැමිණි සෞදි අරාබි ගුවන් සේවයකට අයත් ගුවන් යානයක පැමිණි ඉන්දුනීසියානු කාන්තාවක යානයේදී මියගොස් සිටි බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග කියයි. 02 May 2017
අධිකරණයට අයත් ස්ටිකර් ගැසූ මෝටර් රථයක් පිළියන්දලදී අත්අඩංගුවට ‘දිසා අධිකරණය - මහේස්ත්‍රාත් අධිකරණය නුගේගොඩ‘ ලෙස හැඟවෙන පරිදි ස්ටිකර් ගසා ගෙන පැමිණි මෝටර් රථයක් කැස්බෑව වෙළෙඳසැලක් අසළ නවතාගෙන සිටියදී එය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 02 May 2017
මාධ්‍යවේදීන්ට කළ හිංසා ගැන යළි පරීක්ෂණ අරඹන්නයි ජනපතිට ලියයි මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම් ඇතුළු සිදුවීම් 126 ක් අතුරෙන් විමර්ශන ආරම්භ වී ඇත්තේ සිදුවීම් පහක පමණක් බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි. 02 May 2017
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක - හිටපු මහලේකම් එස්. බී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක ඇති බවත් ඒ නිසා පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවත් සමාඡ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පවසයි. 02 May 2017
දකුණු කොරියාවේ තාඩ් මිසයිල ගැන චීනයෙන් විරෝධය ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය තම දැඩි විරෝධය පළ කර ඇත. දකුණු කොරියාවේ ස්ථාපිත කරන ලද තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවීම ආරම්භ කළ බව ඇමෙරිකා හමුදා අඟහරුවාදා (2) පෙරවරුවේ ප්‍රකාශ කළ අතර ඉන් පැය කිහිපයකට පසු චීනය තම විරෝධය දැක්වීය. 02 May 2017
උතුරු කොරියාවෙන් ඇමරිකාව අවුස්සන තවත් ප්‍රකාශයක් තම න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථක ලෙසත් තමන්ට හැකි උපරිම අයුරිනුත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව නැවත වරක් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලි තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් මෙසේ අඛණ්ඩව හා සාර්ථක ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන බව උතුරු කොරියාව සඳහන් කරයි. 02 May 2017
හොරණදී ලක්ෂ 31 ක් කොල්ලකයි හොරණ අරමනාගොල්ල දී පෞදගලික ආයතනයක මුදල් බැංකුවක තැන්පත් කිරිමට යාමේ දී මුදල් අයකැමිට ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ 31 ක් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. 02 May 2017
සයිටම් ආයතනයට විරෝධය දක්වා ලංගමත් 5 වැනිදා වර්ජනයක සයිටම් ආයතනය උපාධි පිරිනමන වෛද්‍ය ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරෝධය පළකරමින් ලබන සිකුරාදා(05) වැඩවර්ජනයක් කරන බවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනතුරු අඟවා ඇතැයි ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 02 May 2017
අලියා ලකුණට වෙඩි තැබූ කොස්තාපල් රිමාන්ඩ් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ නාම පුවරුවට හා අලියා ලකුණට වෙඩි තබා හානි කළ පොලිස් කොස්තාපල සුමිත් ජයවීර මැයි 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද (2) නියෝග කළේය. 02 May 2017
මඩකුඹුර ඔයේ ගිලී අතුරුදන්වූ තරුණයාගේ සිරුර සොයාගනී කොත්මලේ ජලාශයට ජලය සැපයෙන උතුර මඩකුඹුර ඔයේ මිතුරන් තිදෙනෙකු සමග දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුර අද (02) සොයාගත් බව දිඹුල පතන පොලීසිය පවසයි. නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක අංශය, දිඹුල-පතන පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිරුර සොයාගැනීමට කටයුතු කර ඇත. 02 May 2017
රළ පහරට හසුවූ තරුණියගේ සිරුර සොයාගනී මුහුදට පිටුපා ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරකට හසුවී ගසා ගෙන ගිය බව කියන තරුණියකගේ(21) සිරුර මුහුදේ පා වෙමින් තිබියදී ධීවරයෙකු විසින් අද(02) සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 02 May 2017
හුංගම මවක හා දියණිය කපා කොටා දමයි හුංගම බටඅත මවක හා දියණියක කපාකොටා ඝාතනය කර අතැයි හුංගම පොලිසිය කියයි. මවගේ වයස අවුරුදු 72 ක් වන අතර දියණියගේ වයස අවුරුදු 32 ක් යයි කියැවේ. 02 May 2017
මන්නාරමට උතුරෙන් ඉන්දීය ධීවරයෝ 5 ක් අත්අඩංගුවට මන්නාරම් උතුරු මුහුදු සීමාවේදී අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු හා ඔවුන් පැමිණි යාත්‍රාව නාවික හමුදාව විසින් අතඅඩංගුවට ගෙන ඇත. 02 May 2017
මසට ඉබ්බන් එකතු කළ අයෙක් අත්අඩංගුවට වෙසක් දිනවල සුපිරි හෝටල්වලට අලෙවි කිරීමට ඉබිමස් එකතු කරමින් සිටි බව කියන පුද්ගලයකු ඉබ්බන් තිදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 02 May 2017
අඩවි වන නිලධාරීන්ට පහර දුන් දෙදෙනකු අත්අඩංගුවට කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය කියයි. 02 May 2017
ඒකාබද්ධ විපක්ෂ රැලියට ආ දෙදෙනෙක් මරුට ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට හා දෙදෙනකු අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මේ දෙදෙනා නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවෝ වෙති. 01 May 2017
“රට බෙදන ව්‍යවස්ථාව ගේනදාට ජනතාව පාරට බහිනවා - මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීවේ අද (1 වැනිදා) කොළඹ ගාලු මුවදොරදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය අමතමිනි. 01 May 2017
සිරිකොත නාමපුරුවට වෙඩිතැබූ කොස්තාපල් අත්අඩංගුවට අමාත්‍යංශ ලේකම්වරයකුගේ පිටකෝට්ටේ එපිටමුල්ලේ නිවසේ රාජකාරියට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත ඉදිරිපිට නාමපූරුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. 01 May 2017
ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. 01 May 2017
ත්‍රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා - අගමැති රනිල් ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දියාව එකඟ වී ඇතැයිද, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉන්දියාවට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි. 01 May 2017
නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ යටත් විය යුතුයි - ජනපති කම්කරුවා යන වචනය දැන් භාවිතාවට නොගැණෙන බවත් කම්කරුවා යනු අන් කිසිවකු හෝ නොව, නිපුණ ශ්‍රමිකයා බවත් කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිපුණ ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බවද පැවසීය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ශ්‍රීලනිප-එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 01 May 2017
එල්.ටී.ටීයට මිලියන දෙකක් දුන් අය ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි - සරත් ෆොන්සේකා වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා එල්ටීටීයට මිලියන 2 ක් දුන් බවත් මේ නිසා රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමිනි. 01 May 2017
ජනපති ගැන ලෝකයා තුළ විශ්වාසයක් ඇතිවී තිබෙනවා - මහින්ද අමරවීර විදුලි පුටු දැන් නැති බවත්, ජාත්‍යන්තර යුද අධිකරණවලට රණවිරුවන් ගෙනයන්නේ නැති බවත් එවන් පසුබිමක් ඇතිවී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන ලෝකයම විශ්වාසය තියන නිසා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 01 May 2017
හිටපු ජනපති මහින්ද ගාලු මුවදොර රැළියට එක්වෙයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට එක්විය. 01 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026