(ප්‍රසාද් මුතුකුඩ)
මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයේ සිටින හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ වෘත්තිය සමිති කැඳවුම්කරු ඩී.ජේ කරුණානායක මහතා පවසයි.
හමුදාව ඉවත් වුවහොත් නැවත සේවයට පැමිණීම ගැන සලකා බලන බවද ඒ මහතා පවසයි.
විරෝධතාකරුවන් තෙල් පර්යන්ත පරිශ්‍රයෙන් ඉවත් නොවුවහොත් ඔවුන් ඉවත් කිරීමේ සූදානමක් හමුදාවට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයට ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ ත්‍රිවිධ හමුදා,විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඇතුළු වූ අතර මේ වන විට ඔවුහූ එම පර්යන්තය පුරා ආරක්ෂාව සලස්වමින් සිටිති.
මේ වන විට එම තෙල් පර්යන්තයේ කටයුතු කිසිම අයුරකින් ක්‍රියාත්මක නොවෙයි.විරෝධතාකරුවෝ අට්ටාල ද සකස් කරගනිමින් එම පර්යන්ත පරිශ්‍රයේ රැඳි සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පටන් ගන්නා තුරු අපි ඉවත්වන්නේ නැහැ
සලකල බලන්න දෙයක් නැහැ, ගෙදරටම වෙලා ඉන්න.
පටු දේශපාලන අරමුණු ක්‍රියාත්මක කරන්න යාම නිසා වෘත්තීය සමිති අරමුණු අමතක වෙලා දැන්. සියලු වෘත්තීය සමිති විහිළුවක් වෙලා.
හරියට හරි. එක එක්කෙනාට ඕනෙ විදියට මේ රට විකුනන්න දෙන්න එපා තෙල් සේවක මහතුනි. ඔබට අපගේ ප්‍රණාමය ඔබ ගන්නා උත්සාහයට මේ රටේ සම්පත් පිටරටට විකිනීමට එරෙහිව.
"මෙන්න රණවිරුවන්ට කරදර කරනවෝ"
මේ වෙලාවට තමා ජයවර්ධන, ප්‍රේමදාස මහත්වරුන්ගේ අගේ තේරෙන්නේ.... හමුදාව යොදවා හෝ මිනිස්සු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යනවා. මේ සේවකයෝ ටික ගෙදර යවා හෝ මේ ආයතන රැකගන්න..
වර්ජිතයන් අට්ටාල ගැසීම දැන් "සකල සිරින් පිරි සිරි ලංකාවේ" සංස්කෘතියට එක්වී තිබෙන වග පේනවා. ඒවා අනවසර ඉදි කිරීම් නිසා වහාම කඩා බිඳදැමීමට ආරක්ෂක ආයතන හෝ පොලීසියට බලය තිබෙනවා. එඩිතරව වර්ජනවලට මුහුණ දීමට රජය ගත් තීරණය ඇත්ත වශයෙන්ම අගය කල යුතුය. දැන්වත් රට කරන්නේ රජයද, වර්ජිතයන්ද කියල රටට පෙනේවි. දොස්තර වර්ජනය අවසන් කිරීම සඳහා එයත් "අත්‍යාවශ්‍ය සේවයක්" ලෙස ගැසට් නොකරන්නේ මොකොද ? සයිටම් කොල්ලන් මහමග අවහිර කිරීම හෝ නගර අලංකාර ස්ථාන විනාශ කිරීම, තහනම් කරන්න රජය පසුබට වන්නේ මොකද ?
සියරට දේ සිරි සැප දේ වෙනුවට අපේ රටේ බලධාරියෝ එදත් අදත් කරන්නේත්, කළේත් වටිනාකමකින් යුත් හැමදේම වෙන රටකට විකුණන එකයි. පසුගිය ආණ්ඩුව වගේම දැනුත් එ්කමයි වෙන්නේ. ඇයි අපිට බැරි අපේ රටේ දේවල් අපිටම දියුණු කරලා ගන්න. දේශපාලන අරමුණු නැතිව මේ වර්ජනය කරනවා නම් මේ අපේ රටට වාසියක්. හැමෝම හිතට ගන්න ඉන්දියාව එක්ක සසඳලා බලද්දි අපි ගව්ගාණක් ඉස්සරහ ඉන්නේ. හැබැයි සමහරු අපේ දියුණුව ඉස්සරහට එන්න දෙන්නේ නෑ...
මෙයාලා කරන ඉල්ලීම් ගැනත් ටිකක් හිතන්න. පටු දේශපාලන අරමුණු ඇති. හැබැයි මේ වගේ ජාතික සම්පත් නාස්ති කරන්න එපා. අපේ රටට හෙනගහන මේවගේ තීරණ සුද්දා ඉන්න කාලේවත් අරගත්තේ නෑ.
රටකට ගිය කලක්... ලංකාව තරම් අරගල තියෙන රටක් තවත් කොහේද ?
හැමදේටම හමුදාව යොදා ගැනීම එච්චර හොද දෙයක් නෙමයි. මේ රට ආපහු යන්නේ 88/89 යුගයට නේද? ආණ්ඩුව මෙසේ මුරණ්ඩු ප්රතිපත්තියක සිටීම විශාල ලේ වැගිරීමකට මුල පුරනවා.
අර රතුපස්වල වගේ.. රතුපස්වල නම් පව් ඉල්ලුවේ බොන්න වතුර... මේ අය එහෙමද..? මුන් හදන්නේ ජනතාවක් පත්කළ රජයක් ඕන ඕන විදියට නටවන්න...
දැන් මැදපෙරදිග වැඩකරපු බොහෝ තෙල් සේවකයෝ ඉන්නවා රැකියා නැතිව, එයාලා හමුදාව හරහා රැකියාවල් දීලා මුළු සංස්ථාවම ක්‍රියාකාරී කරවන්න... මේ අයව ගෙදර යවන්න.
ඔය වැඩ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඔය කට්ටිය සේවයෙන් පන්නල අලුත් අය දමන්න. නැතිනම් ආර්ථිකයට ලොකු අහිතකර බලපෑමක් වෙන්න පුළුවන්.
මට නම් එපා වෙලා මේවා බලලම. ඩුබායි වලට වෙලාම ඉන්න හිතෙනවා
ඉතින් ඔය සේවක මහත්තුරු වැඩට ආවේ නැති නිසා තමයි හමුදාවේ සහෝදරයෝ ඇවිත් ඉන්නේ. ඔයාල වැඩ පටන් ගත්ත නම් හමුදාව අයින් වේවි. ඔයාලට බැරිනම් ගෙදරට වෙලා ඉන්න.
ජ වි පෙට දැන් මහින්ද හදපු නැව් එන්නෙ නැති වරාය හොඳ වෙලාද? ජ වි පෙ මහන්ද ජයසිංහගෙ රූපවාහිනී විවාදය බැලුවම එමෙහ හිතෙනවා. මහින්ද රාජපක්ෂට හිනා ඇති.මේව අහල
යුද හමුදාව සේවයට ගන්න .....වර්ජන කරන එඋන්ට කනපලෙන්න ගහල එලියට දාන්න...,
ඇයි රටේ ආයතන විකුනන්නේ?
මේ අයව සේවයෙන් එලවලා අලුති සේවකයෝ ගන්න හමුදාවේ කණ්ඩායමක් මේ සියලු ආයතන වල පුර්ණ ක්‍රියාවලිය ඉටු කිරීමට හැකිවන පරිදි වහාම පුහුණු කරවන්න.
සිල්වා වලිගෙ පාගාගෙන දඟලනවා වගේ...