(ඡායාරූප - ඉෂාන් සංජිව)
ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගීවීමට ඇති හෙයින් හිටපු මුදල් ඇමැති හා වත්මන් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට අද(26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව බව දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.
මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් අද එහි පැමිණියේය.
රවී කරුණානායක ඇමැතිවරයා ලබන අගෝස්තු 2 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින බව දන්වා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කියලා මහින්ද මහත්තයට කිව්වට මේ අයනේ නියම හොරු... කතාවනම් කොහොමද?
රවි මහතාට කොමිසමට එන්න දැන් පුළුවන්කමක් තියෙනවාද?
බැඳුම්කර කොමිසමට සම්බන්ධ රජයේ ඉහල තනතුරු දරන අය නිදොස් කොට නිදහස් කරමි... මේකේ අවසානය ඒක තමයි.
මෙතුමාට කාර්යබහුලයි... විදේශ කටයුතු තියෙන්නේ ලංකාවේ මුහුදුසීමාවට එපිටයි. මම හිතන්නේ සමහර විට එතුමා පාමංකඩ ගිහින් වෙන්නැති.. 2008 රවී ඇමතිතුමාට අලිමංකඩයි - පාමන්කඩයි පැටලුණානේ.
රවි මහතාට වොරන්ට් එකක් නිකුත් කරන්න... හොරු හිරේ දමන්න...
අර්ජුන් මහේන්ද්රන් මහත්තයා රස්සාවකුත් නැතිව බොහොම දුකසේ ඇති කියලා මා හිතුවේ. බැලුවාම එහෙම නෑනේ.
හොරු අල්ලනවා කියලා ආපු අයමනේ කම්බා හොරකම් කරලා තියෙන්නේ. අල්ලපු හොරෙකුත් නැහැ. මහා භාණ්ඩගාරේ තිබුණු සල්ලිත් නැහැ.
ඇඳුම් ඇඳගන එන්න බැරිනම් කරුවල වෙලාවක් ඉල්ලුවා නම් හරි... එතකොට කාටවත් පෙන්නේ නැහැනේ. මෙහෙම කරන එක නම් අහස පොළව නුහුලන අපරාධයක්...
එන්නේ කොහොමද? දිවි හිමියෙන් රටට, දැයට වැඩ කරන්න කැප වෙනවා කියලා අපේ ඡන්දෙන් රට පාලනය කරන්න පත්වෙලා, මුලු රටේම සම්පත්, මුදල් සහ බැංකුවලින් අහිංසක මිනිසුන්ට බදු ගහන කොට එන්න පුළුවන්ද?
මොහුට රුපියල් මිලියන ගණනක් වටිනා නිවසක් ලබාදෙන්න. අර්ජුන ඇලෝෂියස් මුදල් ගෙව්වා කියලා නිවාස විකුණපු තැනැත්තිය කොමිසම හමුවේ සාක්ෂි දුන්න ලියකියවිලි ඉදිරිපත් කළා. මේක නෙවේ අප බලාපොරොත්තු වුණු යහපාලනය, ජනාධිපතිතුමනි කරුණාකර ඔබතුමාගේ බලතල පාවිචිකර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක බාරදෙන්න. මොහු රිමාන්ඩ් කර, කොමිසමට ඉදිරිපත් කරන්න. මෙච්චර ලොකු චෝදනා තිබෙන කොට මොහු කොමිසම මග අරිනකොට මොහු කොහොමද විදේශ ඇමතිකම් දරන්නේ? ඔබතුමාට කෙළින් තීරණ ගන්න. නැතිනම් ඔබතුමාත් ගෙදර යන්න. නැත්නම් ලබන ජනාධිපතිවරණයෙන් ජනතාව ඔබතුමාව ගෙදර යවනු ඇත.