මත්වෙන්න බෙහෙත් පෙති වික්ක ඖෂධහලක් වටලයි හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ආදේශකක් බව කියමින් අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඔසු සලක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ කටුගසතොට පොලීසිය එක්ව වැටලීය. 07 May 2017
අවාරයට රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු අවාරේ රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් කිරීමට කටයුතු කරන බව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ කියති. 07 May 2017
රුධිර පරීක්ෂණ ගැන බොරු පතුරුවන අයව සොයයි සෞඛ්‍යයට සම්බන්ධ ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් ගැන පරීක්ෂණ පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. 07 May 2017
අල්ලස්, දූෂණ මහජන පැමිණිලි විමර්ශන ලේකම් කාර්යාලය වසා දමයි අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන සෘජු මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ලේකම් කාර්යාලය වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. විවිධ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කරන මෙම ලේකම් කාර්යාලයට අගමැති කාර්යාලයේ වාහන පරීක්ෂණ කටයුතු යොදා ගැනීමෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ. 07 May 2017
ගාල් කිරීමට ගිය ගවයා ඇනීමෙන් අයෙක් මරුට ගව ප්‍රහාරයකට ලක්වූ වතු මුරකරුවෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි. 07 May 2017
බනිස් කෑල්ලක් සිරවී තුන් හැවිරිදි දැරිය මරුට බනිස් කෑල්ලක් පිට උතුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් අද ( 6 දා ) උදේ මිය ගිය බව හලාවත පොලිසිය කියයි. 06 May 2017
ගම්පොලින් පැහැරගත් දරුවා මඩකලපුවෙන් සොයාගනී ගම්පොළ ප්‍රදේශයෙන් පැහැරගත් කුඩා දරුවකු මඩකලපු පොලීසිය විසින් සොයාගෙන තිබේ. 06 May 2017
සමයං ඝාතනයේ සැකකරුවකුට බන්ධනාගාර නිලධාරීන් පහර දීලා අරුණ උදය ශාන්ත හෙවත් සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැකපිට ගම්පහ මල්වතුහිරිපිටියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පහරදුන් බවට බන්ධනාගාර කොමසාරිස්ට පැමිණිලි කර ඇත. 06 May 2017
මන්ත්‍රී රෝෂාන් රණසිංහගේ ආරක්ෂක රියකට ප්‍රහාරයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා සමඟ ගමන් ගත් ආරක්ෂක ඩිපෙන්ඩර් රථයට වැලිකන්ද ප්‍රදේශයේදී රාත්‍රි 8.30 පමණ ප්රහාරයන් එල්ල වී ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 05 May 2017
යතුරුපැදි අනතුරින් පොලිස් පරීක්ෂක මරුට යාපනය ඉලවාලි ප්‍රදේශයේදී අද (05) සිදුවූ යතුරුපැදි අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. 05 May 2017
අරවින්ද අප්‍රසාදයෙන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතු මත යයි කියමින් අරවින්ද ඉල්ලා අස්වූවද වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්වීම නිසා අරවින්ද ඉල්ලා අස්වී තිබෙන බවයි. 05 May 2017
ප්‍රංශ ජනාධිපතිවරණයේ වැඩි වාසි මැක්රෝන්ට ප්‍රංශ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් දිනට පැමිණෙද්දි එහි වැඩි වාසි දිනාගැනීමට මධ්‍යස්ථ මතධාරී ඉමැනුවෙල් මැක්රෝන් සමත් විය. 05 May 2017
අට දෙනකුට වාහන ගෙන්වන්න කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. 05 May 2017
ජෛව ඉන්ධන විදුලිබලාගාර ත්‍රිකුණාමලයේ දී විවෘත වෙයි ටෝකියෝ සිමෙන්ති සමාගමේ නවතම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිකුණාමලයේ දී විවෘත කරන ලදි. පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක්‍රියාත්මක කරවිමේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී කර්මාන්තකරුවා වූ ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් බිලියන 2.5 ක් ආයෝජනය කරමින් මෙම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත. 05 May 2017
වෙසක් පොහෝ දිනයේ කළු කොඩි එසවීමට දෙන්නේ නෑ - විදේශ ඇමැති මංගල වෙසක් පොහෝ දිනයේදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2017
ඩුලිප් විජේසේකර - ප්‍රසන්න රණතුංග ඇතුළු 10 දෙනාට ලක්ෂය බැගින් ඇප කිරිඳිවැල මාලිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසල රැගෙන ඒමට විරෝධය පළ කිරීම, එම මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අවහිර කිරීම හා රජයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත පූගොඩ අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග යන මහත්වරු ඇතුලූ 10 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලූපුලි ලංකාපුර මෙනෙවිය අද (5) 05 May 2017
ගුවනේදී ගුටි ඇණගෙන ගෙදර යාම පසෙක තියා පොලිසි යති පියාසර කරමින් තිබු ගුවන් යානයක සිටි අවු 45ක් සහ 35 හැවිරිදි ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අතර ඇතිවු වචන හුවමාරුවක් අවසානයේ ගුටි හුවමාරුවකින් කෙලවර වී ඇතැයි ගුවන් තොටුපළ පොලීසිය පවසයි. ගුවන් යානයේ කළහ කළ පුද්ගලයින් දංකොටුව සහ බම්බලපිටිය පදිංචිකරුවන් වන බවත් ඔවූහු ජපානයේ වසර ගනනාවක් සේවය කර පැමිනි පුද්ගලයින් බව පොලීසිය කියයි. 05 May 2017
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසි යවයි අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් අද (05) සිතාසි නිකුත් කරන ලදී. 05 May 2017
ජාතික රෝහලේ වෛද්‍යවරු, වෛද්‍ය සිසුහු උද්ඝෝෂණයක මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු සහ කොළඹ වෛද්‍ය විද්‍යාල සිසුහු අද (5) ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ. 05 May 2017
සයිටම් ගැටළුව විසඳන්න යද්දී වර්ජන කිරීම ගැන කණගාටුයි - ජනපති සයිටම් ගැටළුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරතවීම කනගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අනුරාධපුර පැවැති රැස්වීමක දී ය. 05 May 2017
ආරක්ෂක නිලධාරීන් 42 ක් ආපසු කැඳවූයේ හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන තක්සේරුවකින් පසුවයි - ඇමති සාගල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ආපසු කැඳවා ඇත්තේ එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ නිසි තක්සේරුවකින් පසුව බවත් එය දේශපාලන අරමුණකින් කළ දෙයක් නොවන බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2017
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හමුවීමට රන්ජන් වේලාවක් වෙන්කරගනී දිවයින පුරා සිටින වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර ඇති අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක දී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට වෙලාවක් වෙන් කර ගත් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියයි. 05 May 2017
දුම්රිය නියාමක අතරමගදී දුම්රියෙන් බැසයයි කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වු දුම්රියේ නියාමකවරයා දෙමටගොඩ දුම්රිය ස්ථානයේ දී මගීන් මඟ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසිය. 05 May 2017
සේවයට නොපැමිණෙ රියදුරන් හා නියාමකවරුන්ගේ කොන්ත්‍රාත් අවලංගු කෙරෙයි කොන්ත්‍රාත් පදනම මත සිටින සියලුම දුම්රිය රියදුරන් හා නියාමකවරුන් අද (5) සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 05 May 2017
විවාහය නිසා රැකියාව අහිමි වූ පොලිසියේ 149 ක් යළි බඳවාගැනේ ආධුනික කාලයේදී විවාහ වීම හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබූ පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 04 May 2017
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවක තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ සහය සහිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ. 04 May 2017
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අභියාචනාධිකරන අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇති බව කියමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා අද (04) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි. 04 May 2017
දෙමළ ජාතික සන්ධානය කම්පනයට පත්වෙයි යෝජිත ත්‍රස්ත විරෝධී පනතට සම්බන්ධ ප්‍රතිපත්ති හා නීතී රාමුවක් සඳහා කැබිනට් අනුමැති ලබා දීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් හෝ දැනුම්වත් කිරීමක් කර නොමැති බවද දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි. 04 May 2017
මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව දැඩී නීති මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත. 2006 වසරේ සිට මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය, අලෙවිය, හා ළඟ තබා ගැනීම වරදක් බවට පත්වූ නමුත් මේ වන තුරුත් ජාවාරම්කරුවන් පිරිසක් තහනම් පොලිතින් නිෂ්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි. 04 May 2017
දුම්රිය රියදුරෝ, නියාමකවරු හෙට පැය 24 ක වර්ජනයක දුම්රිය රියදුරුන් සහ නියාමකවරුන් හෙට (05) පෙරවරු 8.00 සිට සෙනසුරාදා (06) පෙරවරු 8.00 දක්වා පැය 24ක වර්ජනයක යෙදෙන බව රියදුරු සහ නියාමක සංගම් පවසයි. 04 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026