(ඉන්දිකා රාමනායක)
ඇමැරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ එහි සැඟව සිටින බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා පිළිබද මෙතෙක් කිසිදු තොරතුරු හෙළි වී නොමැති බව හමුදාව කියයි.
බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා ඉකුත් රජය සමයේ 2014 දෙසැම්බර් ඇමැරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් පත්කර යවා තිබුණි.
2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වී ඇතත් නැවතත් ඔහු තවත් මාස 6 සේවා කාලයක් ලබාගෙන තිබු අතර එම කාලය ද පසුගිය ජුනි මාසයෙන් අවසන් වුවද ඔහු මෙතෙක් ඔහු ශි‍්‍ර ලංකාවට පැමිණ නොමැත.
බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා මෙතෙක් හමුදා සේවට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු හමුදාව හැරගිය පුද්ගලයකු වශයෙන් නම්කර ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඞ්යර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ලංකාව. ඉතින් කොහෙද සාමාන්‍ය ජනතාව පිටරකට වීසා ගන්නේ.
සරත් ෆොන්සේකා වැනි ශ්‍රේෂ්ට රණවිරුවන්ටත් අවමානයක් මේක.
නීතිය මොහුට මේ සඳහා විරුද්දව කටයුතු කරනකොට ඔන්න දෙන් දුෂිත රාජපක්ෂලා හා ඔවුන්ගේ අනුගාමිකයෝ කියයි රණවිරුවන්ට අරියාදු කරනවා කියල .
සමහර විට මෙයා බෝඩර් එක ක්‍රොස් කරලා කැනඩාවට පැන්නා වෙන්නත් පුළුවන් .....?
මේ රටෙන් සන්වර්දනේ වෙලා පිට රටකට පැන ගන්න පුළුවන් වෙච්ච මිනිහෙක් යලිත් ආපහු තමන්ගේ කැමැත්තෙන් ඒවි කියල හිතනවද? දැන් ඔය ඉන්න හුඟක් අයත් ඉදිරි කාලය ගත කොරන්න වෙනත් රටවල් හොයාගන ඇති. මෙකටතමයි ජාත්‍යාලය කියන්නේ!