(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ හිටපු අධිකාරි ආර්.ඒ.ඒ. ජයලත් මහතා හෙට (28) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂක ලෙස මෙන්ම එහි ගැණුම්කරු ලෙසද කටයුතු කළ ඉන්දික සමන් කුමාර මහතාගේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ආර්.ඒ.ඒ. ජයලත් මහතා බව කොමිසමේදී හෙළි විය.
භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේ දී සේවක අර්ථ සාධක අරමුදල කටයුතු කළ ආකාරය ආදී කටයුතු හෙළි කර ගැනීම සදහා ජයලත් මහතා කොමිසම හමුවට කැඳවනු ලැබ ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂිකාරයෝ නම් එනවා යනවා චූදිතයේ නම් නැහැ , එයාල සෝ බිසී .