තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන විමර්ශනයකට ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ත රාජපක්ෂ මහත්මිය සහ පුතකු වන යෝෂිත රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් ඔවුනට පැමිණිය නොහැකි හෙයින් වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා රතුකුරුසයට අයත් ඩිපෙන්ඩරයක් සිරිලිය සවිය වැඩසටහනට ලබා දීමෙන් පසු එහි පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.
ශිරත්නි රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබා ගැනීමට අද (27) රහස් පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද ඇයට අද සහභාගි විය නොහැකි බව දන්වා තිබිණු බවත්, යෝෂිත රාජපක්ෂ මහතා හෙට (28) රහස් පොලිසියට කැදවා ඇතත් හෙට දිනයේ ඒ මහතාටද පැමිණිය නොහැකි බව දන්වා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශිරත්නි රාජපක්ෂ මහත්මියට සහ යෝෂිත රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබා දීමට වෙනත් දිනයක් ලබා දීමට නියමිත බව ද පොලිසිය කියයි.
රතුකුරුස සංවිධානයේ (WP) KA-0642 අංක දරණ ඩිපෙන්ඩරය සිරිලිය සවිය වැඩසටහනට ලබා දී ඇත්තේ 2011 වසරේ දී වන අතර එය 2015 ජනවාරි මාසයේ දී යළි එම සංවිධානයට ලබා ගෙන ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි. වාහනයේ වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය එම ඩිපෙන්ඩරය පොලිස් භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් රතුකුරුසයේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිතුමාගේ බිරිඳනේ... මොකටද තාජුඩීන් මැරුණ දවසේ මහ රෑ පොලිස් නිලධාරීන්ට කෝල් ගත්තේ?
කවද්ද මේ අයට නීති මගින් කටයුතු කරන්නේ?
තමන් මේ සිදුවීම්වලට සම්බන්දයක් නැතිනම් , මේ විදියට මග හරින්නේ නැතුව ඇවිත් තමන්ගේ නිදොස් බව ඔප්පු කලානම් ඉවරයි ..මෙයින් පෙන්නුම් කරන්නේ නීතියට මුණ දීමට බයක් ඇති බවයි .
කාලය නාස්තිකිරීමක්... වසර දෙකක් ගියා. කාටද දඬුවම් කලේ? මන්දගාමියිනේ.
අම්ම කෙනෙක් පුත්තු වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා..මෙතනත් වෙලා ඇත්තේ එකයි. අම්ම මහා පොලොවක් ,අම්ම ආකාසේ වගේ. අසීමිත බලය අසීමිත දුෂණයට හිනිමගක්. කොහොම වුනත් නීතියට යටත් කිසිවක් නැහැ. අඩුගනනේ සොබාදහමට හරි යටත් වෙන්ටම වෙනවා.
මේ අම්මටයි පුතාටයි තිබෙන එකම පැමිණිල්ල ? මගේ අක්කත් එයාගේ ඩිෆෙන්ඩර් රථයේ පාට වෙනස් කරා පහුගිය සතියේ. දැන් එයත් බයෙන් ඉන්නේ ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ඒවිද කියලා.
එදා මහින්ද රනිල්ව ආරක්ෂා කළා. මතකනේද? රටේ කොච්චර අබලන් පාරවල් තියද්දී, හදිස්සියේ ස්රිකොත ඉදිරිපිට පාර කාපට් කරලා රනිල්ව ආරක්ෂා කරපු එක. රනිල් ඕවට ණයයි. අද රනිල් මහින්දලා ආරක්ෂා කරන්නේ.
ආරක්ෂක මණ්ඩලේ රැස්වීමක් නිසාවත්ද එන්න අමාරු?
නීතියේ අධිපත්‍ය රැකිය යුතුය
ජපානයේ අධිරාජයාගෙ ආරාධනාවට තාත්තත් එක්ක ජපන් යද්දි ඔය කියන 'බෙඩ් රෙස්ට්' ගන්න ඕන අමාරුව තිබුනෙ නැද්ද ?
එතකොට රටේ අනෙක් මිනිසුන්නටත් පුළුවන්ද ? මෙහෙම කියන්න ඇයි මේ රටේ නීති දෙකක්.? මෙහෙම රටක් කුමකටද? එතකොට මේ අපහාස කරන්නේ රටේ නීතියට නොවේද?