(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ )
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට හෙට (26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් එම කොමිසම අද (25) සිතාසි බාරදී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
කරුණානායක මහතාට අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථාවක දැනුම් දී තිබුණත් කැබිනට් රැස්වීමට සහභාගි විය යුතු බව නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම් දී තිබිණි.
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන කරුණානායක මහතා වීම නිසාත් යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් ඒ මහතාගේ නම සඳහන් වීම නිසාත් අමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දන්නා කරුණු සහ අමාත්‍යවරයාගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ හොදම මුදල් ඇමතිවරයා කොහෙටද මේ යන්නේ ?
හොරාගේ අම්මගෙන් පේන ඇසීම
පවු දුප්පතා.ලොතරැයියක් අලෙවි කරලා බොහොම මහන්සියෙන් එදා වේල හොයා කරගෙන රටට බරක් නොවී ජීවත් වෙන පාමන්කඩින් රට එක්සේසත් කල වීරෝධාර කෙනෙක්.....
මෙයා හොරෙක් නේද? ගියවර ආණ්ඩුවේත් මෙයා සතොස හොරකමක් කළා නේද?
මෙය හොරෙක් කියල දැන දැනත් මිනිස්සු මෙයාට චන්දෙ දීල අායෙත් උත්තරීතර පාර්ලිමේන්තුවට යැව්ව උන්ට මඩු වලිගෙන් ගහන්න ඕන ...හැබැයි මෙයා ලෝකේ හොඳම මුදල් ඇමති කිව උන්නැහැටත් එකෙන්ම ගහන් ඕන ...කෝ මේ රටේ අවංකම ජනාධිපති මොකෝ මේ වෙලාවේ නිශ්ෂබ්ධ ,,මෙයා පට්ට හොරෙක් කියල දැන දැනත් ඔබතුමා නිශ්ශබ්ධව ඉන්නේ ඇයි?