නාවික නිලධාරී වීරසිංහට මිලියනයක රක්ෂණ වන්දියක් ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් වයි.පී.එන්.ආර්. වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් අද ප්රදානය කරන ලදී. 28 April 2017
සහල් පාලන මිල නොසලකාහරින්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලති වෙළෙඳපොලේ දැනට පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සමස්ත ලංකා ක්‍රියාකාරී සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය හෝ වෙනත් අදාළ ආයතන සතු නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේනම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හෝ පොලිසිය යොදවන ලෙස ජනාධිතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සහල් මෝල් හිමියෝ පැවසූහ. 28 April 2017
ශ්‍රී ලංකා - ඉරාන ආරක්ෂක සහයෝගීතාවක් ශ්‍රී ලංකාව හා ඉරානය අතර පවතින පූර්ණ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට දෙරට අතර සූදානමක් පවතින බව ඉරානයේ මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ආරක්ෂක අමාත්‍ය හොසේන් දෙගෑන් සහ ශ්‍රී ලංකාවේ සහකාර ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා අතර මොස්කව්හිදී පැවති සාකච්ඡාවක දී මේ බව කතාබහට ලක්වී ඇත. 28 April 2017
කම්කරු දිනයේ මැයි රැළි 16ක් අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය. 28 April 2017
ජනපතිතුමා සැහැල්ලූවෙන් කී කථාවක් දුරදිග ගිහින් - කම්කරු ඇමති ‘‘ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙදි බොහොම සැහැල්ලූවෙන් කියපු කථාවක් දුරදිග ගිහින්. මේ වර්ජන රැල්ල ගැන කථා කරද්දි එතුමා විහිළුවට අහල තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයාට බැරිද මේ වැඩේ පාලනය කරන්න කියලා. එහෙම කරන්න ජනාධිපතිතුමා හීනෙන් වත් හිතල නැහැ.’’ යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 28 April 2017
මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට දේශපාලන හිතෛෂීන් මුළු ජාතියටම බලපාන තීරණ ගන්නා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස දේශපාලන හිතෛෂීන් පත් කරන බවත් එලෙස පත්වෙන සමහර සාමාජිකයන් න්‍යාය පත්‍රය ගැනවත් කිසිවක් දන්නේ නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට සාමාජිකයන් පත් කීරීමේදී විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් තාක්ෂණික විශේෂඥයන්ගෙන් සමන්විත විය යුතු බවත් බැඳුම්කර කොමිසම හමුවේ විශේෂඥ සාක්කියක් දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ 28 April 2017
මැයි දිනයට ජනතාව ගෙනයන්න බස්රථ 12,000 ක් මෙවර මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි සහ පෙළපාලි සඳහා සහභාගීවන ජනතාව ප්‍රවාහනය කිරීමට දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ 12,000ක් ලබාදීමට ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත. 28 April 2017
උතුරු නැගෙණහිර අධිවේගී මාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ සහාය යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දියාව පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාර් මහතා මෙලෙස පොරොන්දු වී තිබේ. 28 April 2017
කරදියානට කුණු දැමීම නැවැත්වීමට අධිකරණ නියෝගයක් කොළඹ කණු කරදියානට දැමීම නවත්වන්නැයි කැස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා අද (28) නියෝග කළේය. 28 April 2017
පිල්ලෙයාන් 37 වැනි වතාවටත් රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මැයි 12 වැනිදා වන තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද නියෝග කළේය. 28 April 2017
ණය අයැදුම්පත් වංචනිකව විකුණූ අයෙක් අත්අඩංගුවට ස්වශක්ති ණය යෝජනා ක්රමයේ අයඳුම්පත්‍ර 35 ක් රුපියල් 2000/- බැගින් විකුණා වංචනික ලෙස ආදයමක් ඉපයු බව කියන උඩපුස්සැල්ලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 28 April 2017
පොලිසියේ ඔත්තුකරුවෙක් අබිරහස් ලෙස මියයයි නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි. 28 April 2017
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට පසු උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන සිටි ආයුධ සන්නද්ධ පුද්ගලයකු පොලිසියේ අත්අඩංගුවට පත් වී ඇත. 27 April 2017
විශේෂ ඒකකයක් ඇති කිරීම කැබිනට් තීරණයක් - ඇමති විජිත් විජේමුණි උසස් පරමාර්ථ පෙරදැරි කරගෙන පත් කරගත් මේ රජයට වගකීම් වලින් කර අරින්න බැරිනිසා සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඒකකය බාර දුන් බවත් එදිනෙදා වැඩට යන මිනිස්සුන්ට දවස කාලකන්නි කරගන්න දෙන්න බැරි බවත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි. 27 April 2017
ගැසට් නිවේදනයෙන් මුලික අයිතිවාසීකම් කඩ වන බවට පෙත්සමක් කැළි කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ජනතාවගේ මුලික අයිතිවාසීකම් කඩ වන බව සඳහන් කරමින් අද (27) ශ්රේෂ්්යඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. 27 April 2017
ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය දියණිය අමිලාට සිංහල කණ්ඩායම් සංගීතයේ පෙරැළියක් කළ සංගීත අධ්යක්ෂ සහ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන, ගී තනු ඇතුලූ ගීතවල බලයලත් හිමිකම ඔහුගේ දියණිය වන අමිලා ප්‍රියදර්ශනී විජේවර්ධනට පවරා තිබේ. 27 April 2017
මහාධිකරණ තීන්දුවට අභියෝග කරමින් කොටි සාමාජිකයන්ගෙන් ඇපෑලක් කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප්‍රබල සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට දුන් පාපොචිචාරණ නීත්‍යානුකූල යයි අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචානාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. 27 April 2017
එස්. එෆ්. ලොක්කා 9 වැනිදා දක්වා රිමාන්ඩ් මූල්‍ය ආයතනයක සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මැයි 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළේය. 27 April 2017
වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගන්න ඕනා - සරත් ෆොන්සේකා ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 27 April 2017
ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට පත්විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදි. 27 April 2017
ජනාධිපති නීතීඥවරුන් 25 දෙනකු පත්කෙරේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කරනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ඉ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නීතීඥ වෘත්තීයේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතීඥවරුන් මෙලෙස ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කළ හැකිය. 27 April 2017
සිරියාවේ පිපිරීම ආයුධ ගබඩාවකට කළ පහරදීමක්ද? සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් සංවිධාන කියයි. 27 April 2017
උතුරේ හර්තාලයට රජයේ වාහනත් යොදාගෙනලු උතුරු ප්‍රදේශයේ අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට රජයේ වාහන යොදාගන්නා බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. 27 April 2017
පොලිසියට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු හම්බන්තොටදී පොලිසිය සමග සිදුවූ බව කියන වෙඩි හුවාමාරුවකින් මියගොස් ඇත. 27 April 2017
ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. 27 April 2017
සුරාබදු ආඥා පනත යටතේ නඩු දාන්න පොලිසියටත් පුළුවන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ඇතැයි ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස් මහතා අද(27) තීරණය කළේය. 27 April 2017
ලුණුගල පොලිස් ස්ථානාධිපතිගෙන් පහර කෑ පොලිස් පරීක්ෂක රෝහලේ ලුණුගල පොලිස් ස්ථානාධිපතිගේ පහරකෑමට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයකු බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිස් ආරංචි කියයි. 27 April 2017
මඩකලපුවේ සිවු නිවුන් දරු උපතක් මඩකලපුව ශීක්ෂණ රෝහලේදී අයි.විජිතකුමාරි (35) නම් මවක සිවු නිවුන් දරු උපතක් කළ බව මඩකලපු ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ එම් එස් ඉබ්‍රාලෙබ්බේ මහතා පවසයි. 27 April 2017
මුලින්ම පුංචි ඡන්දේ මේ වසරේදී පවත්වන පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය මිස ජනමත විචාරණයක් නොවේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී බදාදා (26) පැවැසීය. 27 April 2017
කළුතරදී බන්ධනාගාර බසයට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට කළුතර බන්ධනාගාරයේ සිට සමයං නමැත්තා ඇතුළු සැකකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන චමින්ද නමැත්තා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මගින් ගම්පහ කිනිගම ප්‍රදේශයේදී අත් අඩංගූවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 27 April 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026