අම්බලන්තොට සනත් ගමගේ
අම්බලන්තොට නගරය ඇතුළු ගම් රැසකට මත් කුඩු බෙදූ කුඩු අම්බලන්තොට කුඩු රැජිණ මත් කුඩු සහ මත් කුඩු අළවිකරන ලද මුදල් ද සමඟ අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
අම්බලන්තොට සති පොළ පිටුපස නිවසේ මත් කුඩු ජාවාරම කරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය කරන ලද හදිසි වැටලිමකදි සැකකාර කාන්තාව සමඟ මත් කුඩු මිලි ග්රෑම් 66 ක් හා ඒ අවස්ථාව වනවිට මත් කුඩු විකිණූ මුදල් රුපියල් 8,68,000 සමඟ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 58 ක් වන මෙම කාන්තාව මීට පෙරද මත් කුඩු ජාවාරමේ නිරතව සිට පොලිස් අත් අඩංගුවට පත් වි 2006 සිට 2013 දක්වා බන්ධනාගාර ගත වී තිබේ. ඉන් නිදහස් විමෙන් පසු නැවතත් මත් කුඩු ජවාරම කර ඇති බව පොලීසිය කියයි.
අම්බලන්තොට සති පොළට පැමිනෙන කුඩු වලට ඇබ්බැහිවුවන් වෙළඳුන්ගෙන් සහ පොළට පැමිනෙන අයගේ මුදල් පසුම්බි සොරකම් කර කුඩු බීමට යොමු වන්නේ මෙම තැනත්තිය ලඟට බව පොලිසිය පවසයි. නගරයෙන් පිට ගම්වලටත් පාසල් සිසුන්ට පවා කුඩු විකිණීමට විවිධ උත්සාහයන් ගෙන ඇති බවට පරීක්ෂණ වලින් හෙලි වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරනම් ජිවත් වෙනතුරුම හිරේ තබන්න ඕනේ... මරණ දණ්ඩනය තමා වඩාත්ම සුදුසු....
මෙන්න මරණ දඬුවම දෙනවනම් අවස්ථාව.