ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන පාරිසරික අගැයීම් වාර්තා පිළිනොගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.
උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කළ පාරිසරික අගැයීම් වාර්තාව හා ඒ පිලිබඳව එහි විද්වතුන් පළ කළ අදහස්වල ඇති පරස්පරතාව නිසා මෙම තීරණය ගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මරවින් ලාල් ධර්මසිරි මහතා අද (21) පැවසීය.
එකී වාර්තාව පිළිබඳව පරික්ෂණයක් කරන තුරු එම විශ්ව විද්‍යාලයේ විද්වතුන් විසින් සකස් කරන පාරිසරික අගැයිම් වාර්තා පිළි නොගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාල වලින් ඇති වැඩක් නැහැනේ. ඒ හින්දා තමා උගත්තු රට යන්න බලන් ඉන්නේ...
පාරිසරික අගැයිම් වාර්තා පිළි නොගන්නා බව දැන් කියල වැඩක් නැහැ. උමා ඔය ව්‍යාපෘතිය දැන් පටන් අරන් කොච්චර කල්ද. මේවා හරි විහිළු වැඩ ....