ඉන්දිකා රාමනායක
සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් මීට සුළු මොහොතකට පෙර ගමන් ආරම්භ කළේය. ලිප්ටන් වටරවුම දක්වා ගමන් ගන්නා මෙම පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණ අනතුරුව අට්ටලයක් ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කරන බව උද්ඝෝෂඛයෝ පවසති. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තරමක වාහන තදබදයක් ද පවතී
ඡායාරූප ඉෂාන් සංජීව







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි ආණ්ඩුව ගෙදර යවන්න ඉල්ලන්නේ නෑනේ.. සාධාරණ ඉල්ලීමක් කරන්නේ .. අරගලයට ජයවේවා..
ජයවේවා
විරු දරුවනි ඔබගේ අපමණ ධෛර්යයට අපගේ ප්‍රණාමය.
අට්ටාල ගැසීමට පෙර හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි.
ලිප්ටන් වට රවුමට ගිහිල්ල කෑ ගැහුවට, ලොක්කන්ට ඕව ඇහෙන්නේ නැහැ!
වෙන රටවල වගේ හරියට විභාග පාස් නොවන සිසුන් කැම්පස් වලින් එලවිය යුතුයි. මෙයාල අනාගත ලමුන්ගේ කාලය මෙන්ම රජයේ මුදල් විනාශ කරමින් දගලන්නෙ ලංකාවෙ එවැනි නීතියක් නැති නිසා
දුවේ පුතේ ඔබලාගේ මෙම උත්සාහය අනාගත පරපුර උදෙසා යම් මෙහෙවරක් කරන්නයි. ඔබලාගේ උසස් අධ්‍යාපන කඩඉම පසුකර ඔබ ඉලක්ක ගතවී අවසන්. ඉතින් සකල විද ජනතාව උගුරට හොරා බෙහෙත් නොබී යථාර්ථවාදීව මෙය දැකිය යුතුයි. පුතේ දුවේ ඔබල මේ සටන දිනනවා නියතයි ඔබලාට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබෙවා කිසිම අතුරු බලවේගයකට ඔබලාට ලංවිය නොහැකි වේවා. ජය නියතයි. ජනාධිපතිතුමනි නිදහස් අධ්‍යාපනය රැකගන්න.
එක පෝස්ටරයක තියෙනව " ජනතාවනි, මාලඹේ සයිටම් වහා අහෝසි කිරීමට පෙල ගැසෙමු.. " කියල. පේන විදියට නම් එය නොවන්නේමය, නමුත් ඔබලාට නම් සැමදාටම අට්ටාලයට වී සිටිය හැකිවන්නේමය...
ළමයිනේ කුහක කමට සීමාවක් තියා ගන්න. ඔය ළමයින්ගේ උසස් අධ්‍යාපනයට බදු ගෙවන බහුතරයක් සරසවියට නොගිය පුද්ගලික අංශයේ විවිධ වෘත්තිකයන්. ඒ මිනිස්සුත් අපි මොකටද අනුන්ට ඉගෙන ගන්න බදු ගෙවන්නේ කියලා පාරට බැස්සොත් මොකද ? පුළුවන් නම් අනෙක් රටවල උසස් අධ්‍යාපන සිසුන් කම්කරු රැකියා කරමින් ඉගෙනගන්න හැටි සොයා බලන්න.
නිදහස් අධ්‍යාපනය ලබන දොස්තරලා වැඩි දෙනෙක් රජයේ රෝහල්වල වැඩ කරන්නෙත්, ලංකාවේ ඉන්නෙත් වෙන යන්න තැනක් නැති නිසා මිසක් රටට තියෙන අදරේකට නෙමෙයි. හැබැයි එයාලා පෙන්නන්න හදන්නේ රටට සේවය කරන්න ලංකාවේ ඉන්නවා කියලා. ගොඩක් දියුණු රටවල, වෙනත් රටවල වෛද්‍ය උපාධිය පිළිගන්නේ නෑ. ඒ නිසා මෙයාලට ලංකාවේ උපධිය අරන් ගිහින් වෙන රටවල් වල බෙහෙත් දෙන්න බැහැ. දොස්තරලා පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ තමන්ට තියෙන එකාධිකාරය නැති වෙන නිසා... කොහොම වුණත් ලාභ අපේක්ෂාවෙන් පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාලයක් ලංකාවට ගැලපෙන්නේ නැහැ. මුදල් අයකරන නමුත් ලාභ නොලබන වෛද්‍ය විද්‍යාල ඇති කිරීම වඩාත් සුදුසුයි. නමුත් එවැනි කටයුත්තකට විශාල මුදලක් ආයෝජනය කල යුතු නිසා රජය මූලික වී කටයුතු කරන්න්නේනම් වඩාත් සුදුසුයි.
අනාගතයේදී රැකියා විරහිත උපාධිධාරින් මෙන් විකල්ප මාර්ගයෙන් සුදුසුකම් ලබන දොස්තරවරුන් නිසා රැකියා විරහිත දොස්තරවරුන්ද ඇතිවෙයි. වරප්‍රසාද අහිමිවෙයි යන බිය ..! තුන්වන ලෝකයේ නේපාලය වැනි පසුගාමී රටවල් පවා පුද්ගලික වෛද්‍ය විදුහල් අරඹා ලංකාවේ සිසුන් ද ඒවායේ වෛද්‍ය අධ්‍යාපනය ලබද්දී, ලෝකය පෙරට යනවිට මොවුන් ආපස්සට යන තලෙයිබාන් පිළිවෙත් වලින් හෝ තම ඒකාධිකාරය රැක ගැනීමට විනා වෙන කුමක්ද..? මේ ක්‍රියාදාමයන් පිටුපස විශාල මාෆියාවක් ඇති බව පොදුජනයා දැන් කෙමෙන් කෙමෙන් තේරුම් ගනිමින් සිටී.