ශ්‍රී ලංකාව - ඉන්දියාව මහාමාර්ගයකින් සම්බන්ධ කිරීමේ සාකච්ඡා ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දියාවේ මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ඇමති ගද්කාරී මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කරයි. 27 April 2017
ඉවසීමෙත් සීමාවක් තිබෙනවා: ෆොන්සේකා පත්කළේ ඒ නිසයි ‘‘කොයි දේටත් ඉවසීමේ සීමාවක් තිබිය යුතුයි. හැම දේටම ඉඩදීමේ ප්‍රමාණයක් තිබෙනවා. සරත් ෆොන්සේකා පත් කළේ ඒ නිසයි. මැයි පළමුවැනිදායින් පස්සේ බලාගනිමු’’ යැයි විදේශසේවා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය බදාදා(26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය. 27 April 2017
උතුරු - නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතය අඩාල වෙයි උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල අද(27) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙයි. 27 April 2017
ඇමරිකාව පීඩනය වැඩිකරයි උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය. 26 April 2017
බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙනයන්න නීතිපතිවරයා හදනවා - ජනාධිපති නීතිඥ ද ලිවේරා බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතීපතිවරයා කටයුතු කරන්නේ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැදුම්කර කොමිසම හමුවේ අද (26) පැවසීය. 26 April 2017
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් 18 ක කාලය හෙට දිනයේ පමණක් වෙනස් වෙයි ඉන්දියාවේ පරීක්ෂණ ගුවන් ගමනක් නිසා හෙට දින එරට ගුවන් සීමාව තහනම් කරන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් 18ක කාලය ද වෙනස් කරන බව එම සමාගම කියයි. 26 April 2017
බැඳුම්කර නිකුතුව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දීර්ඝ කොට ඇත. 26 April 2017
කම්කරු දිනය වෙනුවෙන් සේවකයන්ට සහන මැයි දිනය වෙනුවෙන් වැඩ කරන ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොත්තුවන බව කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 26 April 2017
මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන සොයන්න ජනාධිපති කමිටුවක් පත්කරයි මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනපති නියමයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුව පත් කෙරේ . 26 April 2017
තවත් කසල කඳු දෙකක් ඉතාමත් අනතුරුදායක තත්ත්වයේ - ඇමති පාඨලී ඉදිරියේදී අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි කසල කඳු ගණනාවක් ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගොහාගොඩ හා ගම්පොළ කසල කඳු දෙක ඒ අතරින් ප්‍රධාන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 26 April 2017
ප්‍රමිත පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වෙයි ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට අද (26) පැවැසිය.රට ගොඩනැගිමට ඇති එකම විසදුම මහින්ද රාඡපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරිම බවද මන්ත්‍රිවරයා පැවැසිය. 26 April 2017
ත්‍රිරෝද රියැදුරුට පහර දුන්නැයි පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට ලිදුල මෙරායා ප්‍රදේශයේදි ති‍්‍රරෝද රථ රියදුරෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර එස්. ශත්තිවේල් මහතා සැකපිට අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය පවසයි. 26 April 2017
හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් - ෆොන්සේකා සුදානම් ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. 26 April 2017
සෙල්ලම් බඩු 450,000 ක් විනාශ කරයි ආනයනකරුවන් හයදෙනෙකු විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් නීතිවිරෝධී ව මෙරටට ගෙන් වු ව්‍යාජ සෙල්ලම් බඩු,ඔරලෝසු උණුවතුර බෝතල් හා ඉයර් ෆොන් 450,000 ක තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගු සමාජ ආරක්ෂණ ඒකකය කියයි. 26 April 2017
චීනයත් යුද නැව් නිෂ්පාදන තරගයට පිවිසෙයි චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවක හා දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමට චීනය උත්සහ ගන්නා අවස්ථාවක මෙම නෞකාව දියත් කර තිබේ. 26 April 2017
රතුපස්වලදී වෙඩිතැබූ සැකකරුවන් 3 දා දක්වා රිමාන්ඩ් රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා හා කෝප්රල් මැයි 03 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද(26) නියෝග කළාය. 26 April 2017
නීති විරෝධීව ගෙන්වූ ලොකු ළූණු තොගයක් සිලාවතුරෙන් අල්ලයි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ ඇසුරුම් 20 ක් හා ඒවා ප්‍රවාහනය සදහා යොදා ගැනීමට නියමිතව තිබූ වාහන දෙකක් සමග සැකකරුවන් පස් දෙනෙකු මන්නාරම සිලාවතුර මුහුදු තීරයේ දී අද(26) අත්අඩංගුවට ගත්බව ථේරපුත්ත නාවුක ආයතනය කියයි. 26 April 2017
ප්‍රධානීන් 14 ක් මාරු කිරීමෙන් මානව සම්පත් අධ්‍යක්ෂවරිය තිගැස්සෙයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්වී එහි පැමිණි විට මගේ වැඩිමහල් සහෝදරයා පැමිණෙනවා වැනි හැගීමක්, ශ්‍රී ලංකා මහා බැංකුවට නව යුගයක් උදාවීගෙන එනවා කියලා හැඟීමක් මට ඇති වුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ කල්‍යාණි ගුණතිලක මහත්මිය පැවසුවාය. 25 April 2017
තරුණයෙක් කල්පිටිය මුහුදේ ගිලෙයි කල්පිටිය කප්පල් අඩිය මුහුදේ අද (25 ) සවස දිය නෑමට ගිය තරුණයන් සිව් දෙනකු දියේ ගිලී ඇතැයිද ඉන් තරුණයන් තිදෙනකු විදේශීය යුවලක් විසින් බේරාගත් නමුත් විසි දෙහැවිරිදි තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි ද කල්පිටිය පොලිසිය පවසයි. 25 April 2017
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් 24ට නගී ගෙවුනු දශක දෙකක කාලයක සිට නුවරඑළියේ පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් හේතුවෙන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද උණුසුම් තත්ත්වයක් දකින්නට තිබිණ. 25 April 2017
මීතොටමුල්ලේ තවත් පවුල් 65 කට නිවාස මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචි කරුවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (25) නව නිවාස පිරිනැමිණි. 25 April 2017
මේ වසරේ ජනමත විචාරණයක් - කැබිනට් ප්‍රකාශක යහපාලන රජය මේ වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශයේ අද (25) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 25 April 2017
අප්පච්චි නැති කඳවුරක මට තනතුරු දරන්න බෑ අප්පච්චි නැති කඳවුරක හෘද සාක්ෂියට එකඟව තනතුරක් දැරිය නොහැකි නිසා තමා මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ඇමතිධුරයෙන් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 25 April 2017
ශ්රීලනීපයට වෙන්නේත් මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි - ජනක බණ්ඩාර තෙන්නකෝන් තමාගේ පියා ජීවතුන් අතර සිටියේ නම් ඔහු මිය යන්නේ අද දිනයේදී බව දඹූල්ල ආසනයේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබූ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 25 April 2017
තාත්තා අස්කළාට විරෝධයපා ප්‍රමිතත් ඉල්ලා අස්වෙයි මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ,ග්‍රාමීය සංවර්ධන හා වනිතා කටයුතු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(25) එම ධුරයෙන් ඉල්ලා අස්වීය. 25 April 2017
වායු සමීකරණය නැතිව කෝටි 10 ක යන්ත්‍රයක් වසර එකහමාරක් ඇසුරුමේ ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට මීට වසර එකහමාරකට පෙර ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. 25 April 2017
ජනක බණ්ඩාර - ලොහාන් ශ්‍රීලනිප තනතුරු වලින් දොට්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත. 25 April 2017
බැසිල්ට නඩේසන්ට එරෙහි අධිචෝදනා මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර් නඩේසන්ට පවරා තිබු නඩුවේ වැඩිදුර විභාගය පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (25) මහාධිකරණයේ තැබුවාය. 25 April 2017
පිළිකා ඖෂධ හෘද ස්ටෙන්ට් මිල අඩු කරන්න යයි ඉදිරියේ පිළිකා ඖෂධ සහ හෘද සැත්කම්වලට යොදාගන්නා ස්ටෙන්ට් මිල අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දෙයි. 25 April 2017
වවුනියාවේ වෙළෙන්දෝ හර්තාලයට වෙළෙඳසල් වසන්න බෑ කියති ලබන 27 වැනිදා උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලය වෙනුවෙන් සිය වෙළඳාම් කටයුතු වලට බාධා වන බැවින් වෙළෙඳසැල් වැසීමට නොහැකි බව වවුනියාවේ වෙළෙඳ සංගම් කිහිපයක් දැනුම් දී ඇත. 25 April 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026