(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ සාක්කි ඉදිරි සති දෙක තුළ අවසන් කිරීමට නියමිත බව බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා අද (20) කොමිසමට දැනුම් දුන්නේය.
පැමිණිල්ලේ සාක්කි අවසන් කිරීමෙන් අනතුරුව අගෝස්තු මාසයේ ආරම්භක සතියේදී ප්රශ්නගත භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බවට කොමිසම හමුවේ නම කියැවුණු පර්ලචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් සාක්කි ආරම්භ කරන බවද බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
බැඳුම්කර කොමිසමේ අදාළ කටයුතු අවසන් කිරීමට සුදානම් වන අවස්ථාවේ කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා මේ බව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd