(රොෂාන් දිල්ප් කුමාර)
හම්බන්තොට සූරියවැව අඩිසියයේ පාර පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දී වසර 5ක් තිස්සේ තමන්ට වන්දි නොදුන් බව කියමින් උපවාසයක නිරත පිරිසෙන් 5 දෙනකු අද(21) අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කෙරිණි.
පසුගිය 17 වැනිදා 10 දෙනෙක් එම උපවාසයට එක්ව සිටි අතර ඔවුන් අතරින් පස් දෙනකු එසේ අසාධ්‍යව රෝහල් ගත කෙරුණු අතර අද ඔවුහු මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මදුනාගල ප්‍රාදේශිය කාර්යාලය අවහිර කරමින් උපවාසයක් ඇරඹූ අතර තවත් පිරිසක් නඹඩගස්වැව උපවාසයක නිරත වෙති.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද ඔවුන් හමුවීමට පැමිණි නමුත් මෙතෙක් ගැටලුවට විසඳුම් ලැබී නැතැයි ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එක පවුකරකමක් මේ ආණ්ඩුවට කරගන්න වුන.
මහරජාගෙන් වන්දි ඉල්ලනේ නැතිව දැන් මොකද මේ සද්දේ....
මොකද ඉතින් හම්බන්තොට පැත්තේ ලොක්කෝ බලයේ හිටිද්දී ඔය උපවාසය පටන් ගත්තේ නැත්තේ? එහෙම වුණා නම් තැඹිලි පොවලා, රිදී බන්දේසියක වන්දි පුදලා මේක නවත්තන්න කියනවානේ? මතකද අර තුන්මුල්ලේ විමල් මහතාගේ උපවාසයේදී මරා මහත්තයා ඇවිල්ලා කැමරා ඉස්සරහ එයාට මොනාද පොවලා ගිය හැටි?
ඇයි ඔබල මහා රජගෙන් වන්දි ඉල්ලුවේ නැත්තේ.