(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ඉදිරි දිනයේදී පුදුම හිතෙන සාක්කිකරුවෙකු බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය බැඳුම්කර කොමිසමට අද (20) දැනුම් දුන්නාය.
බැඳුම්කර කොමිසමේ දිනය අදාළ කටයුතු අවසන් කිරීමට සුදානම් වීමේදී ඒ බව දැනුම් දුන් අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා මේ වන විට අදාළ පුද්ගලයාගේ සාක්කි සටහන් කර ගනිමින් සිටින හෙයින් ඔහුගේ නම නොදන්නේ යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නම් කවුරු සාක්කි දුන්නත් පුදුමයක් නැහැ මොකද අපට දැන් කිසි කෙනක් ගැන විශ්වාසයක් නැති නිසා.
විත්තිකරු පැමිණිල්ලේ සාක්කිකාරයෙක් විදිහට ඉදිරිපත් කලත් අපි පුදුම නොවන්නෙමු
මේකේ කිසිම වංචාවක් නැහැ කියල කිව්වත් අපි පුදුම නොවෙමු, මේක නිකන් මෙගා නාට්‍යක කැල්ලක් වගේනේ, හෙට පෙන්නන එකේ පොඩි පොඩි කැලි අද දානවා වගේ, ජනතාවට මැජික් පෙන්නනවා, අත්තිමට අල්ලපු හොරෙකුත් නැහැ,
ඩී. ජයදේව මහත්තයාගේ කතාව හරියටම හරි.
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. හොරකම් කරන්නෙත් ඒගොල්ලො, නඩු අහන්නෙත් ඒගොල්ලො, සාක්කි දෙන්නෙත් ඒගොල්ලො.
මේ කාලේ වෙන්නේ පුදුම හිතෙන දේවල් තමයි.
අපි බලාපොරොත්තු වුන තරම් සුභවාදී වෙනසක් ආණ්ඩු මාරුවෙන් පසු සිදු වුනේ නැහැ. පරණ හොරු යහතින් සිටිමින් ටිකෙන් ටික නැවතත් හොරකම් පටන් ගනිමින් සිටින අතර, කලින් රටේ සාරය උරා බීවේ එක රජ පවුලක් පමණි. නමුත් ඔවුහු රටට දැනෙන්න සංවර්ධනයක් සිදු කළහ. නමුත් දැන් පවුල් කිහිපයක් රටේ සාරය උරාබීමට පටන් ගැනීම නිසා රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙමින් පවතී.