(රංජන් කස්තුරි)
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සකස් කළ පාරිසරික ඇගයීම් වාර්තාව විද්වත් කමිටුවක් මගින් තාක්ෂණිකව ක්‍රියාවලියකට යටත්ව ඉතා නිවැරදිව සකස් කළ බවට ඉතා වගකීම් සහගතව ප්‍රකාශ කරන බව එම වාර්තාව සකස් කිරීමට දායකවූ විද්වත් කමිටුවේ සාමාජිකයෝ පවසති.
එවැනි ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පාරිසරික වාර්තාව අනුමත වූ පසුව ඊට අනුව අනෙකුත් කටයුතු කිරීමේ වගකීම වෙනත් වගකිවයුතු අංශවලට පැවරෙන අතර වාර්තාව අනුමතවීමෙන් පසුව ඊට සම්බන්ධවීමේ වගකීමක් තමන්ට නැතැයි ද ඔවුහූ කීහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී අද(20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුහු මේ බව පැවසූහ.
මහාචාර්ය ස්වර්ණා පියසිරි, මහාචාර්ය එම්.එම් පත්මලාල් ,කේ.ඒ ඩබ්ලිව් කොඩිතුවක්කු ,ආචාර්ය කමල් රණතුංග ,ඩී.ඒ.ජේ රන්වල,මහාචාර්ය බී.එම්.පී සිංහකුමාර,මහාචාර්ය කේ.ඒ.ඩබ් නන්දලාල්,මහාචාර්ය පී.බී මණ්ඩාවල සහ අචාර්ය ප්‍රසන්න ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මේ සාකච්ඡාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරියට කලානම් මෙපමණ විශාල පාරිසරික ගැටළු ඇතිවෙන්නේ කොහොමද ?
දැන් එතකොට වාර්තාවේ තිබ්බද දිගටම කරගෙන යන්න කියල, වෙච්ච විනාශේ වගකීම ඔබතුමන්ලා බාර ගන්නවද, ඇයි එදා මාධ්‍යට කියන්න බැරි වුනේ වාර්තාවේ අන්තර්ගත දේවල්,
මොරටුව විශ්ව විද්‍යාලය තියෙද්දිත් මේ කොහෙද තියෙන විශ්වවිද්‍යාලයක් ගාව ගත්තේ මොන මගුලකටද..?
හරිම නිවැරදියි. මෙයට වගකිව යුත්තේ විනාශයට ඇස කන පියාගෙන වියාපෘතිය ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති අධ්‍යක්ෂක සහ ඔහුගේ ගෝල බලයන් ය. ඔවුන් යහතින් වැජඹෙද්දී අපි ගෝන හමට තඩි බානවා...
ඔබ තුමන්ලා හරියට වැඩේ කලා නම් මේවගේ විපතක් වෙන්නේ කොහොමද? දුර්වල ගල් ස්තරයක් ඇති කලාපයකින් උමග ගියාම ඉහල ස්තරය පහලට බහිනවා. එක තමා වෙලා තියෙන්නේ. ඒවගේ ස්ථාන මග ඇරලා තමා උමන් මග සැදිය යුත්තේ. මම දන්නා තරමට උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රමාණවත් ලෙස පොලොව සම්බන්දෙයෙන් අධ්‍යනයක් කර නැ. මුළු උමන් මාර්ගයටම බෝ(ර්)හෝල් කරලා තියෙන්නේ තැන් 5 යි. භූගත ජලය සම්බන්දෙයෙනුත් නිවැරදි අධ්‍යනයක් කර නැති ආකාරයි පෙනී යන්නේ. සල්ලි හම්බුනා කියල තමන්ගේ සේවා දායකයාගේ පැත්ත ගන්නේ නැතුව රට ගැන හිතල අධ්‍යනය වාර්තාව දෙන්න තිබුන මේ විද්වත් කමිටුවේ සාමාජිකයින්ට.