(ඩයනා උදයංගනී)
ආණ්ඩුව විසින් අයාලේ යන බල්ලන් සහ ගවයන් මරා දමනු ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන චෝදනාවන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අයිෆා සිනමා උළෙල පැවති කාලයේ නම් අයාලේ යන බල්ලන් මරා දැමූ බව කී අමාත්‍යවරයා තම අමාත්‍යාංශය කිසි විටෙකත් එවැනි ක්‍රියාදාමයන්ට නොයන බව ද කියයි..
මාර්ග දෙපස පොලිතීන් ආහාරයට ගනිමින් සිටින මෙම අසරණ සතුන්ගේ ජීවිත රැකගන්න ඉදිරිපත් වෙන්නැයි සුනඛයින් හා ගවයින් ගැන සමාජ මාධ්‍ය ජාල හා මාධ්‍ය තුළ අනුකම්පාවෙන් කතාකරන අයගෙන් තමන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
සත්ත්ව අවිහිංසාවාදීන් ලෙස මාධ්‍යයේ රඟනොපා අවංකව එම සතුන් වෙනුවෙන් පෙනී සිටිමින් පළාත් පාලන ආයතන ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පැවති බදුල්ල සතිපොල ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයාලේ යන බල්ලන් පැනීම නිසා අහිංසක යතුරුපැදිකරුවන් කීදෙනෙක් බරපතල තුවාල ලබනවාද? අයාලේ යන බල්ලන් සපාකෑමෙන් දිනකට කොපමණ සංඛ්‍යාවක් ප්‍රථිකාර ලබනවාද? මේ අය වෙනුවෙන් සත්වහිංසා පදනම්වල ඉන්න උදවිය සළසන සහන මොනවාද? ඒ උදවිය ඉන්නා සීතල කාමරවලට බල්ලන් ඇවිත් හපාකන්නෙ නැහැ. ඒ උදවිය ගමන්ගන්නා සුපිරි රථවලට බල්ලන් තබා මිනිසුන්වත් වටින්නේ නැත. බල්ලන් පාලනයට රජයේ මැදිහත්වීම වැදගත්. බල්ලෙක් ගැන දුක හිතෙන අය එවුන් ගාල්කර තැබීමට පියවර ගත යුතුයි. ඒ උදවියගෙ දරුමල්ලන් යතුරුපැදියක බල්ලෙක් හැපෙන දවසක (එහෙම වෙන්නෙ නැහැ .එයාල යන්නෙ කාර්වලනෙ)දුක දැනේවි.
දඩාවතේ යන බල්ලන් මරනවට විරුද්දනම්, ඒ අය ගෙදර රැගෙන ගොස් ඒ අයට නිවහනක් සපයන්න.
දඩාවතේ යන බල්ලන් මරලා ජලභීතිකා උවදුරෙන් නිදහස් කරන්නද යන්නේ? කොහොමද ටිකිරි මොලේ...
අයාලෙ යන බල්ලන්, පූසන්, හරකුන් වැනි සතුන් අයාලේ යන පරපුරක් ලෙස පැවතගෙන එනු නොව, මිනිසුන් විසින් අතරමං කරන ලද සතුන් වේ. මිනිසුන් පුනරුත්ථාපනය කල නොහැකි ලංකාවෙ ආණ්ඩුවට සතුන් පුනරුත්ථාපනයට යොමු විය නොහැක. ලොව බොහෝ රටවල් එවන් ක්‍රියාවකට යොමු නොවන අතර, අයාලෙ යන සතුන් මරණයට පත් කිරීම සිදුකරනු ලබයි. නූතන සමාජය සලකන විට එය අත්‍යාවශ්‍ය කරුණකි. රෝග පැතිරීම, අනතුරු ආදිය නිසා සතුන්ට මෙන්ම මිනිසුන්ටද මහත් කරදර සිදුවේ. ලංකාව කාලයකට කලින් අයාලෙ යන සතුන් දඩයම සිදුකලද ඊනියා සත්ත්වවේදීන් ගේ කලබල නිස නවතා දමා ඇත. දඩයමට අකමැතිනම් උන්ගෙ පුනරුත්ථාපන වගකීම මෙම සත්ත්වවේදීන් ගත යුතුය. නැතිනම් සැමගේ යහපත වෙනුවෙන්, මරණයට පත් කල යුතුය. අයාලෙ යන්නට සතුන් මුදාහරින්නන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුය.
ඇමති තුමාගේ ප්‍රකාශය අගය කල යුතුයි. එහෙත් සත්ව අහිංසාවාදී සංවිධාන රඟපෑමක යෙදෙනවා කීම පිළිගත නොහැකියි. ඔවුන් අද දවසේ සතුන් සුරැකීම වෙනුවෙන් විශාල සේවයක් කරන බව එවැනි සංවිධානයක ක්‍රියාකාරිකයෙකු වශයෙන් මා දන්නවා. සත්ව ඝාතන අනුමත කරන අයට පහත ප්‍රකාශය ප්‍රමාණවත් යයි මම සිතමි. මිහිඳු මහා රහතන් වහන්සේ පොසොන් පෝය දිනක මිහින්තලයට වැඩම කල අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමා කිරීමට ගිය මුව දඩයම වලක්වා ඔහුට මෙසේ ප්‍රකාශ කල සේක. ' මහරජ ඔබ මේ රටේ පාලකයා මිස අයිතිකරුවා නොවේ. අහසේ පියාසර කුරුල්ලන්ට සහ ගොඩබිම වෙසෙන සියලුම සතුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇත. ඔවුන්ගේ ජිවිත සුරැකීම ඔබේ වගකීමයි. ' උන්වහන්සේගේ ප්‍රකාශය අද රටේ පාලකයන්ටත් වලංගුයි. අපිටත් වලංගුයි. උන්වහන්සේගේ ප්‍රකාශය නොතකා සත්ව ඝාතන සත්ව හිංසන සිදු කිරීමට මෙරට කිසිවෙකුට බලයක් නැත.
බල්ලන්ගේ ජීවිතවලට වඩා මිනිස් ජිවිත වටිනවා. දඩාවතේ යන බල්ලන් සිටිනතාක් ඩෙංගු මර්ධනය කරන්න බැහැ. දඩාවතේ යන බල්ලන් හිස් යෝගට් කෝප්ප සැමන් ටින් මස් මලු ඔතපු පොලිතීන් ආදිය ගෙනත් තැන් තැන්වල දානවා. මේවට වතුර පිරි ඩෙංගු බෝවෙනවා. අපේ වත්තේ හතර වටේටම තාප්පය තිබෙනවා. නමුත් සමහරදාට තාප්පයට උඩින් මේවා ගෙනත් දාල. එනිසා මහජන යහපත වෙනුවෙන් දඩාවතේ යන බල්ල්ලන් වෙනුවෙන් පියවරක් ගන්නමෙන් සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ බල්ලන් නිසා අනතුරුවලට භාජනය වන යතුරු පැදිකරුවන් ගේ ප්‍රමාණය දැනගන්න පුළුවන් පොලිසිය අංකයක් දුන්නොත් එස් එම එස් මගින් දන්වන්නකිය.මේ ලියන මා හොද බෞද්ධයෙක්.
බල්ලෝ හරක් කවද්ද තමන්ගේ ජාතියේ අයවම මරා දැමිමෙ?
බල්ලෝ පාරට පැනීමෙන් රිය අනතුරු වැඩිවන බවත්, එ් නිසා එම සතුන් ඝාතනය කළ යුතුබවත් යැයි කියමින් මා සමග කෑමොර ගැසූ අපේ ගමේ කෙනෙකු රාත්‍රියේ බීමත්ව අධික වේගයෙන් රිය ධාවනය කොට අනතුරකට ලක්වී අසාධ්‍යව සිටි. මෙම සිදුවීමෙන් මට අවබෝධ වූවේ රිය අනතුරු වැඩිවීමේ හේතුවට වඩා ඔහුගේ සිතේ තිබී ඇත්තේ සතුන් ගැන අධික වෛරය බවයි. එම අධික වෛරී සහ මෝහ සිතුවිලි එම අවස්ථාවේ අනතුරට හේතු වන්නට ඇත. සිතීම ඔබට බාරයි.
සතුන් මැරීම මම අනුමත නොකරමි. නමුත් මේ සතුන්ගේ බෝවීමට අයාලේ යන සතුන් අල්ලලා වන්ධ්‍යාකරණයට ලක්කිරීමේ වැඩ සටහනක් ඇති කිරීම අනිවාර්යයෙන් කලයුත්තක්... නැත්නම් අයාලේ යන සතුන් වැඩි වුනොත් අනාගතයේදී සතුන් නිසා ඇතිවෙන රිය අනතුරු බෝවෙන රෝගාබාධ වැනි දේවල් වැඩි විය හැක.
සහතික ඇත්ත... ආණ්ඩුව මේ විදිහට ගියොත් නම් බල්ලො නොමැරුවාට, කෙල්ලො, කොල්ලො ටික නම් ඉවර වේවි...