(ඩයනා උදයංගනී)
නව මැතිවරණ ක්‍රමය අනුව ලබන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන නියෝජිතයින් ප්‍රමාණය දෙගුණයකින් වැඩි වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට සකස් කර ඇති පළාත් පාලන පනත් කෙටුම්පත අනුව පළාත් පාලන ආයතන නියෝජිතයින් ප්‍රමාණය 8,400ක් දක්වා වර්ධනය වන අතර එය දැනට සිටින ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න බව ද ඒ මහතා කියයි.
එම ප්‍රමාණය තව දුරටත් අඩු කරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී තිබුණත්, එසේ කරන්නට ගියහොත් මැතිවරණය සඳහා තවත් කාලය ගතවන බැවින් දැනට සකස් කර ඇති ක්‍රමවේදයට එකඟ වන බව අමරවීර මහතා කියයි..
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් හැර අනිත් මැතිවරණයක් අනවශ්‍යයි.
ඒ කියන්නේ ඉතා ඉක්මනින් ටික කාලෙකට හරි පරිසර දුෂණයත් දෙගුණ වෙන බව නේද? දැන්මම ඇඟ වෙවුලනවා තාප්ප ටික නිහතමානි, අවංක, සුපිරිසිදු, දැහැමි, කට්ටියගෙන් පරිස්සම් කරගන්නේ කොහොමද කියාලා!
ඒකේ බරත් ජනතාවටම තමයි
ශ්‍රී ලංකාව වගේ ඉතාමත් කුඩා රටකට, මහ මැතිවරණයකට වඩා කිසිසේත්ම අවශ්‍ය නැහැ. පත් කරනා මංත්රීන්ගේ නොහැකියාව, උද්දච්චකම, සිරමැරකම් නිසා ජනතාවට සිදුවිය යුතු නිසි සේවය සිදුවන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ බලය සහ වටපිට සිටි පිසාචයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් මතුකර, එයට විසඳුමක් යයි කියා පළාත්/ප්‍රාදේශීය පාළන ආයතන ජනතාවගේ හිත මත පටවනු ලැබුවා. දැන් එහි අනිටු ඵල විපාක අත් විඳින්නට සිදුව ඇත.
ගමේ ඉන්න අහිංසකම, නීතිගරුකම පුද්ගලයන්ට රට පාලනේ කරන්න යන යෝධ ගමනේ මුල් පියවර තවත් පහසු කර දීම පිලිබදව අපගේ බලවත් ස්තුතිය. පුලුවන්නම් ඊගාව සංශෝධනෙන් මේ සංඛ්‍යාව තවත් වැඩි කරන්න.
නියෝජිතයින් ප්‍රමාණය 8,400ක් දක්වා වර්ධනය වෙන කොට දැන් තිබෙන නඩත්තු වියදමත් දෙගුණයක් වෙනවා. ලංකාව වගේ පොඩි රටකට ජනාධිපතිගේ ඉඳල පළාත් සභා මන්ත්‍රී දක්වා මෙපමණ නියෝජිතයන් ගොඩක් අවශ්‍ය වන්නේ ඇයි? ඔස්ට්‍රේලියාව වගේ රටක් ලංකාව ආදර්ශයට ගත්තොත් දැන් එම රටේ ඉන්න මහජන නියෝජිතයන් ගණන සියයට පන්සියකින් විතර වැඩි කරන්න වේවි. මොකද අපිට වෙලා තියෙන්නේ?
පසුගිය අවුරුදු 2නිකන්ම ගෙවී යනකම් බලාසිටි රජය දැන් පළාත් පාලන සාමාජික සංඛ්‍යාව දෙගුණයක් කරන්නේ කුමටද? මේ වියදමත් රටේ ජනතාවගේ කරමතට නේද?
සියළු රට වැසියනි !!! ඉන්න කට්ටියගේ සාක්කු ඩබල් ට්‍රිපල් වෙලා පුරවනවා මදිවට තව කට්ටියගේ සාක්කු පුරවන්න ලෑස්ති වෙන්න කියලයි ඔය කියන්නේ.
පළාත් පාලන මැතිවරණ නොපැවැත්වූවාට කමක් නෑ. පළාත් සභා මැතිවරණය වෙලාවට තියන්න. මෙපමණ පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාවක් රටට බරක්.
රටේ රැකියා නැති අයට සහනයක් දීම සඳහා ගත් වැදගත් තීරණයක් හැටියට මෙය අගය කල යුතු වෙනවා !