(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
පුණ්ඩළුඔය නගරයේ පහළ වීදියේ අද (21) හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළෙඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇත.
ඊට යාබද නිවසකටද ගින්නෙන් අර්ධ හානි සිදුව තිබේ. කිසිදු ජීවිත හානියක් සිදුව නැතැයි පොලිසිය කියයි.නුවරඑළිය ගිනි නිවන ඒකකය, පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇත.
සිදුවූ අලාභය පිළිබඳ මෙතෙක් ගණන් බලා නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලීසිය පවසයි.
(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd